• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මීලග පාරිසරික අර්බුදය මුව ආවරණවලින් ආරම්භ වෙන්න පුලුවන් – පරිසර ඇමැති කියයි

23 November 2020
in දේශීය

දිනකට ශල්‍ය මුව ආවරණ මිලියන 05ක් සහ KN 95 වර්ගයේ මුව ආවරණ මිලියන 01ක් පමණ පරිසරයට බැහැර කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මේ වනවිට රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් අපේ රටේ සියලුම ජනතාවට ඉන් ආරක්ෂා වීම සඳහා මුව ආවරණ භාවිතා කිරීමට සිදුවී තිබෙන හෙයිනි.

මුව ආවරණ පැළඳීමට සෞඛ්‍ය අංශ විසින් උපදෙස් ලබා දුන්නාට ඒවා නිවැරදිව බැහැර කිරීම සම්බන්ධව මෙතෙක් නිවැරදි උපදෙසක් මහජනතාවට ලැබී නොමැති බව අමාත්‍යවරයා පැවසිය.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළ කළේ පසුගිය සිකුරාදා (20) මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින් සමග පැවැති සාකච්ඡාවක දීය.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කළේය ” දැනට තිබෙන තත්ත්වය අනුව මුව ආවරණ භාවිතයේ දී කොටස් තුනක් ඒවා භාවිතා කරනවා. එකක් තමයි ආසාදිත පුද්ගලයින්. අනෙක් කාණ්ඩය තමයි ආසාදිතයින් ඇසුරු කළ ආශ්‍රිතයින් ලෙස නිරෝධායනය වන අය. අනෙක් කණ්ඩායම පොදුවේ ඉන් ආරක්ෂා වීම සඳහා මුව ආවරණ පළඳින අය. ආසාදිත පුද්ගලයින් හා නිරෝධායනය වන පුද්ගලයින් බැහැර කරන මුව ආවරණ ඇතුළු අපද්‍රව්‍ය විදිමත් පරිදි බැහැර කරන බව පැහැදිලියි.

ලොකුම ගැටළුව තමයි පොදුවේ කොවිඩ් 19න් ආරක්ෂා වීම සඳහා මුව ආවරණ පැළඳ සිිටින අය. සමහරු මුව ආවරණ ඉවත් කරන්නේ කිසිදු ආරක්ෂක පිළිවෙතක් අනුගමනය කරමින් නොවෙයි. තමන්ට හිතෙන පරිිද ඒවා ඉවතට වීසි කර දමනවා. කොවිඩ් 19 වෛරසය එම බැහැර කරන මුව ආවරණවලින් නැවත ව්‍යාප්ත වෙන්න පුලුවන් වගේම මේවා මේ දිනවල පවතින අධික වර්ෂාව නිසා ගංගා ඇළදොළවලට මිශ්‍ර වෙලා ඒ හරහා ජලයට කොවිඩ් 19 වෛරසය එකත් විය හැකියි.

පසුගිය සතියේ ඉක්වදෝරයේ ගංගාවක ජලයේ සාම්පල සියයකට ආසන්න ප්‍රමාණයක් පරීක්ෂා කර තිබුනා. එම ජල සාම්පල සියල්ලම කොවිඩ් 19 වෛරසය සහිත බව තහවුරු වුනා. ඒ නිසා අපේ රටේත් ගංගා පද්ධතිය ආශ්‍රිතව මෙම වෛරසය ව්‍යාප්ත වුවහොත් බරපතල සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දෙන්නට සිදුවේවි. ඒ නිසා මම කියන්නේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් දැනට සකසා ඇති කොවිඩ් 19 වළක්වාලීමේ මාර්ගෝපදේශණ තදින්ම ක්‍රියාත්මක කරන ලෙස පළාත්පාලන ආයතනවලට උපදෙස් දිය යුතුයි. මුව ආවරණ දිනකට මිලියන 06ක් එකතු වෙනවා කියන්නේ මාසයකට මිලියන 180ක්. එමනිසා මෙම කාරණයට අදාලව දැඩිව අවධානය යොමු කරන්නැයි අමාත්‍යවරයා මධ්‍යම පරිසර අධිකාරියට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

Post Views: 11
Previous Post

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ පාසල් පැවැත්වීමට සියලු පාර්ශවවල සහාය අවශ්‍යයි – අධ්‍යාපන ලේකම්

Next Post

හේවායින්න සහ බෙලිගස්හංදිය මාර්ග කපට් යොදා සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කෙරේ

editor

editor

Next Post

හේවායින්න සහ බෙලිගස්හංදිය මාර්ග කපට් යොදා සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved