• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පැරණි ආර්ථික මොඩලය බෑ ගෝලීය වෙනස්වීම් ගැන කඩිනම් අවධානය යොමු කළ යුතුයි – ජනපති

5 August 2022
in දේශීය

පැරණි ආර්ථික මොඩලය තවදුරටත් අපට භාවිතා කළ නොහැකි අතර නව්‍ය ලෙස සිතමින් ගෝලීය වෙනස්වීම් පිළිබඳ කඩිනම් අවධානය යොමු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (05) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ පර්යේෂණ වාර්තා එළිදැක්වීමේ සහ විද්වත් කථිකාවේ ආරාධිත දේශනය සිදු කරමිනි.

“LET’S RESET SRI LANKA” තේමාව යටතේ ඇඩ්වකාටා ආයතනය (Advocata Institute) මගින් මෙම සමුළුව සංවිධානය කර තිබෙන අතර අද සහ හෙට එය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී පැවැත් වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) යෝජනාව හොද හෝ නරක වුව ද, කවුරුන් කැමති හෝ අකමැති වුවද රට මුහුණදී ඇති ආර්ථික අර්බුදයෙන් නැවත නැගිසිටීමට එය ක්‍රියාත්මක කළ යුතු බව පෙන්වා දුන් රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා යම් පාර්ශ්වයක් විරුද්ධ වන්නේ නම් ඊට ඔවුන්ගේ යෝජනා මොනවාදැයි ප්‍රශ්නකිරීමට රජයට අයිතියක් ඇති බව ද කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

මුලින්ම අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුමක් ඇති කර ගත යුතුයි. දෙවනුව වඩාත්ම වැදගත් වන්නේ තිරසර ණයක් ලබා ගැනීමයි. මෙම ණය ලබා ගැනීම පිළිබඳ යමෙකුට යෝජනා තිබේ නම් එය පහසු වනු ඇති. ඇත්ත වශයෙන්ම මම හිතන්නේ අප එම යෝජනාවලට ඇහුම්කන් දිය යුතු අතර, පාර්ලිමේන්තුවට මෙම යෝජනා පිළිබඳ තීරණයක් ගත හැකියි. රජයන්, රාජ්‍ය ප්‍රතිපත්තින් වෙනස්වීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පැවැත්වීමේදී අපට මුහුණපෑමට සිදුවන මූලික ගැටලුවක්. නිසැකවම ඉදිරි මාස 06 තුලදීත් අපට දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවනවා. ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්වන ජනකොටස් කෙරෙහි අවධානය යොමුකළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද පිළිගන්නවා. රට මුලින්ම විදේශ ණය කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. එමෙන්ම ආසියනු කලාපයේ භූ දේශපාලනයට හසු නොවී ගමන් කළ යුතු වෙනවා. අපට විශාල ණය මුදලක් ගෙවීමට තිබෙනවා. අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක්, පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය, පරමාණු බලශක්තිය භාවිතය වැනි ක්ෂේත්‍ර පිළිබඳ සම්ප්‍රදායික රාමුවෙන් බැහැරව සිතිය යුතුය. රටේ ආර්ථිකය වර්ධනය නොකොට රටේ අනාගතය ප්‍රතිසංවිධානය කළ නොහැකියි.
වර්තමානයේ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් සිදුකළ යුතු කාර්යය වන්නේ ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර කිරීමයි. 1997 ආසියානු මුල්‍ය අර්බුද අවස්ථාවේදී සහ 1997 තායි ආර්ථික අර්බුදය අවස්ථාවේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම ආර්ථික අර්බුදකාරී අවස්ථාවන්ගෙන් යලි නැගී සිටීමට ඔවුන්ට මග පෙන්නුවා. මම පසුගියදා මහා නායක හිමිවරුන් බැහැ දුටු අවස්ථාවේදී ස්වාමින්වහන්සේලාද විහාරස්ථාන කේන්ද්‍රකර ගනිමින් ජනතාවට සහන සැලසීමට එකග වුණා. ඇති- නැති පුද්ගලයන් අතර පරතරය පසුගිය කාලයේදී වර්ධනය වී තිබෙනවා. කොවිඩ් සහ ඉන්ධන අර්බුදය හේතුවෙන් පාසල් අධ්‍යාපනය අඩපනවී තිබෙනවා. එය කඩිනමින් යථා තත්ත්වයට පත්කළ යුතුයි. පළමුව ආර්ථික ස්ථායිතාව ඇති කළ යුතු අතර දෙවනුව ඒ තුළින් සමාජ ස්ථායීභාවය ඇති කළ හැකියි.කෘෂිකර්මාන්තය හා ධීවර ක්ෂේත්‍රය නවීකරණය, නිෂ්පාදනයේදී නව තාක්ෂණය යොදා ගැනීම, දේශගුණික විපර්යාස අවම කිරීම, කාන්තාවන් මුහුණ දෙන ගැටලු, ජනතාවගේ නිවාස අවශ්‍යතා, ග්‍රාමීය ප්‍රදේශවල දරිද්‍රතාව වන කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතු වෙනවා.ඉහළ වේතන ලබන, ඉහළ නිෂ්පාදන ධාරිතාවක් ඇති තරඟකාරී ආර්ථිකයක් අප නිර්මාණය කළ යුතුයි. වර්ධනය වන විශාල වෙළෙඳපොළක් සහිත ආසියානු රටවල් සමග වෙළෙඳ සබඳතා ගොඩනගාගත යුතු වෙනවා. වත්මන් ලෝක ආර්ථික තත්ත්වය කිසිදු රටකට හිතකර වන්නේ නැහැ. තායිලන්තයේ හිටපු බැංකු ප්‍රධානී ආචාර්ය Veerathai Santiprubhop මහතා ද මෙහිදී අදහස් දැක්වමින් පෙන්වා දුන්නේ ජාත්‍යන්තර මාධ්‍ය තුළ පෙන්වන තරම් ශ්‍රී ලංකාව තුළ මූල්‍ය අර්බුදයක් දක්නට නොමැති බවයි. තායිලන්ත ආර්ථික අර්බුදයෙන් යළි නැගි සිටීමට රාජ්‍ය ආයතන පෞද්ගලිකරණය, වඩාත් දුෂ්කරතාවන්ට ලක්වන පුද්ගලයන් ආරක්ෂා කිරීම, ආයතනික ප්‍රතිසංස්කරණ, බැංකු ක්ෂේත්‍රයේ විශ්වාසනීයත්වය ඇති කිරීම, කැබිනට් මණ්ඩලයට ආර්ථික විශේෂඥයන් ඇතුලත් කිරීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කිරීම, අවශ්‍ය නීති සංශෝධනය, විදේශ විශේෂඥයින්ගේ සහාය ලබාගැනීම ආදී පියවර ගත් බව ද ඔහු සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, මයන්ත දිසානායක මහත්වරු සහ ඇඩ්වකාටා ආයතනයේ සභාපති Murtaza Jafferjee මහතා ඇතුළු නියෝජිතයන් මීට එක්ව සිටියහ.

Post Views: 8
Previous Post

කර්මාන්ත ක්ෂේත්‍රය පුළුල් කිරීම කඩිනමින් සිදු කල යුතුයි – ඇමැති රමේෂ්

Next Post

ආණ්ඩුවක් බැරිනම් පාලනයක් – ජනපති

editor

editor

Next Post

ආණ්ඩුවක් බැරිනම් පාලනයක් - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved