• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනාධිපතිවරයා සාහසික ලෙස මැතිවරණ නීති උල්ලංඝනය කරනවා – මන්ත්‍රී ඩලස්

3 May 2024
in දේශීය, පුවත්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බූරුවා කුට්ටමේ කොළයක් බවට පත් වෙනවා – මන්ත්‍රී ඩලස්

ජූලි 17 වෙනිදා සිට ජනාධිපතිවරණ නීතියත් ක්‍රියාත්මක බවත් එවැනි පසුබිමක වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව උත්සහා ගන්නේ මැතිවරණ සමබිම ප්‍රතිවාදී අපේක්ෂකයන්ට අහිමි කිරීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පේරුම මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (03) කොස්වත්ත “නිදහස” ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පේරුම මහතා මෙසේ අදහස් පල කලේය ” ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අප්‍රේල් 29 වෙනිදා නිකුත් කොට ඇති චක්‍රලේඛයක් මගින් මෙම ප්‍රජා උපදේශක කමිටු පත් කිරීම යෝජනා කොට තිබෙනවා. මේ හදන්නේ පළාත් පාලන ආයතනවල හිටි ආණ්ඩුවේ නියෝජිතයන් වෙන අයුරකින් බලාත්මක කරන්නයි. මැතිවරණ නීති බලාත්මක මෙවැනි වකවානුවක පළාත් පාල මැතිවරණ සඳහා නාමයෝජනා පත්‍ර භාර දුන් කිසිදු පුද්ගලයෙකු වෙත එවැනි තීන්දු ගැනීමේ බලයක් පැවරීම ප්‍රජාතන්ත්‍රවාදය ඝාතනය කිරීමක්. මැතිවරණ කොමිසම අපට ලිඛිතව දන්වා තිබුණා, අවම වශයෙන් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවක නියෝජිතයෙකු ලෙස හෝ නාම යෝජනා ලබා දුන් අය පත් නොකරන ලෙසට. ලෝක ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ සම්මේලනයේ උප සභාපතිවරයා වශයෙන් කටයුතු කරපු රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙලෙස හැසිරීම ලජ්ජාවට හා කණගාටුවට කරුණක්. මේ අනීතික කමිටුවලට අනුමැතිය ලබාදිය යුත්තේ අගමැතිවරයායි. ඒ අනුව, වසර පනහක බොරලුගොඩ තම දේශපාලන අස්වැන්න එක රැයකින් අලියාට බිලිදෙන්නට අගමැතිතුමාට සිදුවෙනවා. ආණ්ඩුකාරවරු 09 දෙනාගෙන් 07 දෙනෙක්ම ආණ්ඩුවේ දේශපාලඥයන්. ජනාධිපතිවරයාගේ සෘජු නියෝජිතයා ලෙස ඔවුන් තමයි කමිටුව තෝරන්නේ. ඊළඟ භයානක ප්‍රශ්නය තමයි එළඹෙන ජූලි 17 වෙනිදා සිට ජනාධිපතිවරණ නීතියත් ක්‍රියාත්මකයි. එවැනි පසුබිමක වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව මේ උත්සහ ගන්නේ මැතිවරණ සමබිම ප්‍රතිවාදී අපේක්ෂකයන්ට අහිමි කරන්නටයි.

අනෙක් අතට, ශ්‍රේෂ්ඨාධිකරණයේ පළාත් පාලන මැතිවරණයට අදාළ මූලික අයිතිවාසිකම් නඩුවකුත් තියෙනවා.. එහි පාර්ශවකරුවන් මෙලෙස, පළාත් පාලන ආයතන පරිපාලනය සඳහා තීන්දු ගැනීම අධිකරණයට සෘජුවම අපහස කිරීමක්. ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණයත්, මැතිවරණ කොමිසමත් මේ මොහොතේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඉදිරියට පැමිණේවියැයි අපි අපේක්ෂා කරනවා. ජනාධිපතිවරයා පළාත් පාලන මැතිවරණය කල් දැම්මේ සල්ලි නෑ කියලා. දැන් ආයතන 341කට මිලියන 10 බැගින් මේ දේශපාලන කමිටුව හරහා වෙන් කරන්න යනවා. ඒ කියන්නේ, රුපියල් බිලියන තුනහමාරක්. පළාත් පාල මැතිවරණය පැවැත්වීම සඳහා මේ මුදල හොඳටම ඇති. ඒ අනුව, ජූලි මාසයට පෙර පළාත් පාලන මැතිවරණය පවත්වන්න පුළුවන්. ශ්‍රේෂ්ඨාධිකරණයත් මැතිවරණ කොමිසමත් මේ පිළිබඳව යුක්ති සහගතව කල්පනා කරාවි යැයි අපි විශ්වාස කරනවා. විපක්ෂයේ ප්‍රධාන ධාරාවන් ලෙස සමගි ජන බලවේගයත්, ජාතික ජන බලවේගයත් TNA ඇතුළු අනෙක් විපක්ෂ බලවේගයන් මේ අශිෂ්ට ප්‍රයත්නයට එරෙහිව එක් මතයකට ගොනු විය යුතුයි. ආරම්භයේදී මැතිවරණ නොපැවැත්වීමට මාන බැලූ ආණ්ඩුව දැන් සූදානම් වෙන්නේ හාල් බෙදමින්, අරක්කු බලපත්‍ර බෙදමින්, වාහන බලපත්‍ර ලබාදෙමින්, වතු සේවක වැටුප් වැඩි කරමින් සෝදා පාළුව වළක්වා ගන්නයි.

පෙරේදා රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපළ තුළ සිදු වූ වීසා ගැටලුව සම්බන්ධයෙන් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, ආගමන විගමන නිලධාරින් විසින් මැනවින් කළමනාකරණය කරනු ලැබූ මෙම වීසා නිකුත් කිරීමේ කටයුත්ත විදේශ සමාගමට පැවරීම මුළුමනින්ම අසාර්ථක වුණා විතරක් නෙමෙයි විදෙස් සංචාරකයින්ගේ බරපතළ විරෝධයට ද හේතුවක් වුණා. මෙම සිදුවීම ආණ්ඩුවේ පුද්ගලික කරන ප්‍රතිපත්තියට වැදුනු කනේ පාරක් ලෙසයි මට පේන්නේ. ජාතික ආරක්ෂාවට සෘජුව බලපාන, කිසිසේත්ම, රාජ්‍යයේ ආධිපත්‍යයෙන් නිදහස් නොකළ යුතු ක්ෂේත්‍ර රාශියක් තිබෙනවා. ආගමන විගමනය ඉන් එකක්. ගමේ භාෂාවෙන් කියනවා නම්, ” තාත්තා ගස් බැඳලා හරි අම්මා වුනත් විකුණන්න මේ ආණ්ඩුව සූදානම්. අප මිත්‍ර, රොෂාන් රණසිංහ හිටපු ඇමතිතුමා ඊයේ බරපතල අනාවරණයක් කළා. ඔහු ඝාතනය කිරීමේ අරමුණින් බරපතළ විෂ ද්‍රව්‍යයක් ආහාර හරහා ඔහුගේ ශරීරයට ඇතුල් කර ඇති බවයි එතුමාගේ චෝදනාව වුණේ. මේ පිළිබඳව ආණ්ඩුවට නිහඬ වෙන්න බෑ.. ඔහුගේ ආරක්ෂාව සහතික කොට ඒ අපරාධකරුවන් කවුද කියා නෛතිකව සහ විද්‍යාත්මකව රටට කරුණු හෙළිදරව් කිරීම ආණ්ඩුවේ වගකීමක් බව යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පේරුම මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 10,033
Previous Post

ගෑස් මිල පහලට

Next Post

ගාසාහි ළමා අරමුදලට මාවනැල්ල සහිරා විද්‍යාලයෙන් රුපියල් ලක්ෂ 33ක්

editor ttvnews

editor ttvnews

Next Post
ගාසාහි ළමා අරමුදලට මාවනැල්ල සහිරා විද්‍යාලයෙන් රුපියල් ලක්ෂ 33ක්

ගාසාහි ළමා අරමුදලට මාවනැල්ල සහිරා විද්‍යාලයෙන් රුපියල් ලක්ෂ 33ක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved