• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

“IORA” දින සැමරුම් උත්සවයට ජනපති එක් වෙයි

10 March 2024
in දේශීය, පුවත්
“IORA” දින සැමරුම් උත්සවයට ජනපති එක් වෙයි

“අනාගත පරපුර සඳහා තිරසර ඉන්දියානු සාගරයක් සහතික කිරීම” යන තේමාව යටතේ ශ්‍රී ලංකාවේ සභාපතිත්වයෙන් අද (10) කොළඹ ගාලු මුවදොර පිටියේ දී පැවති “IORA” දින 2024 සැමරුම් උත්සවය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එක් විය.

ඉන්දීය සාගර වට අද්දර සංගමය හෙවත් “IORA” සංගමය 1997 වසරේදී ස්ථාපනය වූ අතර මෙම වසරේ සමරනු ලබන්නේ එහි 27 වැනි සංවත්සරයයි.

කඩොලාන පරිසර පද්ධති ප්‍රතිනිර්මාණය කිරීම සඳහා සිදු කළ මුලපිරීම් හේතුවෙන් පසුගිය මාසයේදී ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රමුඛතා ප්‍රතිනිර්මාණ සම්මානයෙන් ද පිදුම් ලැබීය.

ඒ අනුව ශ්‍රී ලංකාව සාගර සංරක්ෂණය සහ එහි තිරසර සංවර්ධනය සඳහා කැපවී සිටින ප්‍රමුඛතම රටක් බවට පත්ව ඇති මේ මොහොතේ “IORA” දින 2024 සැමරුම ශ්‍රී ලංකාවේ පැවැත්වීම සුවිශේෂී වේ.

ක්‍රියාකාරකම් රැසක් සමඟ පාසල් සිසුන් දහසකට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම සැමරුම් උත්සවය පැවැත්වුණු අතර විවිධ ක්‍රියාකාරකම්වල නිරත වෙමින් සිටි පාසල් සිසුන් සමඟ සුහද කතා බහකට එක්වූ ජනාධිපතිවරයා සංගමයේ සාමාජික රටවල තානාපති කාර්යාල මෙන්ම මෙරට රාජ්‍ය ආයතන විසින් ස්ථාපිත කර තිබු ප්‍රදර්ශන කුටි නැරඹීමට ද එක් විය.

ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ඉදිරිපත් කළ පැරිෂුට් සංදර්ශනයකින් ද මෙම අවස්ථාව වර්ණවත් වු අතර ශ්‍රී ලංකා පොලිසියේ අශ්වාරෝහක අංශය විසින් ඉදිරිපත් කරනු ලැබු අශ්වාරෝහක සංදර්ශනයක්ද පැවැත්විණි.

“අනාගත පරම්පරාව වෙත තිරසාර ඉන්දියානු සාගරයක් සහතික කිරීම” මැයෙන් ජාතික වශයෙන් සහ පලාත් වශයෙන් පැවැත්වූ චිත්‍ර- රචනා තරගයේ සහ සමාජ මාධ්‍ය තරගයේ ජයග්‍රාහක, ජයග්‍රාහිකාවන්ට සහතික පත් ප්‍රදානය කිරීම ද සිදු කෙරිණි.

එසේම 2024 වසරේ ඉන්දීය සාගර වට අද්දර සංගමයේ 27 වැනි සංවත්සරය සමරමින් සාගර ජීවින්ගේ හැඩයෙන් යුත් අලංකාර සරුංගල් අහසට මුදා හැරීම ද සිදු විය.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නිතිඥ අලි සබ්‍රි, රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ මහලේකම් සල්මාන් අල් ෆාරිසි, සාමාජික රටවල තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරින්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මීට අමතරව පැමිණ සිටි සියලුම පාසල් දරුවන්ට ඉන්දියන් සාගරය පිළිබඳ අවබෝධයක් ලබා දීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ “ලංකාදේවී” බෝට්ටුව ආධාරයෙන් මුහුදු චාරිකාවකට එක්වීමට ද අවස්ථාව සලසා දී තිබිණ.

Post Views: 16
Previous Post

ග්‍රාමීය රෝහල් වලට අවශ්‍යය පහසුකම් ලබා දී සංවර්ධනය කල යුතුයි – ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල

Next Post

‘‘ආණ්ඩුවට රටේ වංචා දූෂණ අවම කරන්න අවශ්‍යතාවයක් නෑ‘‘ – හිටපු මන්ත්‍රී මුජිබර් රහුමාන්

editor ttvnews

editor ttvnews

Next Post
පොහොට්ටුවේ අපේක්ෂකයා රනිල් – මුජිබර් රහුමාන් 

‘‘ආණ්ඩුවට රටේ වංචා දූෂණ අවම කරන්න අවශ්‍යතාවයක් නෑ‘‘ - හිටපු මන්ත්‍රී මුජිබර් රහුමාන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved