• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අභාවප්‍රාප්ත ආරුමුගම්ගේ අවසන් ඉල්ලීම ඉටු කිරීමට රජය බැඳී සිටින බව අගමැති පවසයි

11 September 2020
in දේශීය

අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මහතා රට බෙදන බලවේගවලට එරෙහිව ක්‍රියා කළා පමණක් නොව සෑම විටම ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ ක්‍රියාවලියට සහය දැක් වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (11) දින පාර්ලිමේන්තුවේ ශෝක යෝජනාවට එක් වෙමිනි.

වතු ජනතාවගේ කම්කරු සටන් නියමුවා ලෙස ආරුමුගම් තොණ්ඩමන් මහතා අවසන් මොහොතේදීත් වතු ජනතාව වෙනුවෙන් තැබූ බලාපොරොත්තු ඉටු කිරීමට රජයක් ලෙස බැදී සිටින බවද අග්‍රාමාත්‍යවරයා පැවසිය.

අභාවප්‍රාප්ත ආරුමුගම් තොන්ඩමන් මහතා වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවේදී කළ ශෝක ප්‍රකාශය මෙසේය,

” සෞම්‍යමූර්ති රාමනාතන් ආරුමුගම් තොණ්ඩමන් මැතිතුමා ගැන සිහිපත් කිරීමේදී සෞමමූර්ති තොණ්ඩමන් මැතිතුමාගේ පටන් ශ්‍රී ලාංකේය දේශපාලනයට තොණ්ඩමන් පරපුර දැක්වූ දායකත්වය මාගේ සිහියට නැගෙනවා.

ඒ නිසා ආරුමුගම් තොණ්ඩමන් මැතිතුමාගේ අභාවය මුළු මහත් වතු ජනතාවට සේම පෞද්ගලිකව මටත් ද දැඩි සංවේගයක් ඇති කළ සිදුවීමක්. එතුමා අභාවප්‍රාප්තවීමට පැය කිහිපයකට පෙරත් මා හමුවුණා. එම හමුවේදීත් එතුමා සාකච්ඡා කළේ වතු ජනතාව ගේ දියුණුව සහ ඔවුන්ගේ දුෂ්කරතාවයන් මඟහරවා ගැනීම සම්බන්ධවයි.

1964 මැයි 29 දින ඉන්දියාවේ උපත ලැබුවත් තම සීයාගේ අඩිපාරේ යමින් අරුමුගම් තොණ්ඩමන් මැතිතුමා 1985 දී ලංකා කම්කරු කොංග්‍රසයෙන් ක්‍රියාකාරී දේශපාලනයට ප්‍රවිශ්ට වුණා. 1994 වර්ෂයේ පැවති මහ මැතිවර‍ණයෙන් නුවර එළිය දිස්ත්‍රික්කයෙන් පළමුවරට පාර්ලිමේන්තුවට තේරීපත් වූ එතුමා වසර 26ක කාලයක් අඛණ්ඩව නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වීමට තරම් භාග්‍යවන්ත වුණා.

1999 වර්ෂයේ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතාගේ අභාවයෙන් පසුව එම පක්ෂයේ නායකත්වයට පත් වන ආරුමුගම් තොණ්ඩමන් මැතිතුමා වතු කම්කරුවන්ගේ සටන් නියමුවා ලෙස ඔවුන්ගේ වැටුප් වැඩි කිරීම වෙනුවෙන් නිරන්තර අරගලයක යෙදුණු නායකයෙක්. විශේෂයෙන්ම ඉන්දියානු සම්භවයක් ඇති වතු කම්කරුවන් ලක්ෂ තුනකට අධික පිරිසකට පුරවැසි අයිතිය ලබාදීමට ඔහු කළ සේවය අති විශාලයි.

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් දිවිහිමියෙන් කැප වූ ආරුමුගම් තොණ්ඩමන් මැතිතුමා වතු ජනතාව අතර ත්‍රස්ත්‍රවාදී මති මතාන්තර වලට ඉඩක් තැබුවේ නැහැ. තිස් වසරක යුධ ගිනි නිවා දැමීමේ මානුෂීය මෙහෙයුමට ඉන් ලැබුණු පිටුබලය අති මහත්. සෑම විටම ආරුමුගම් තොණ්ඩමන් මැතිතුමා රට බෙදන බලවේගවලට එරෙහිව ක්‍රියා කළා පමණක් නොව සෑම විටම ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ ක්‍රියාවලියට රජයට සහය දෙනු ලැබූවා. රටට සාමය උදා කිරීමට එතුමාගේ එම ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණය තීරණාත්මක ලෙස බලපෑ බව මා මේ මොහොතේ සිහිපත් කළ යුතුයි.

අමාත්‍යධූර ලැබූ සෑම අවස්ථාවකම වතු ජනතාව වෙනුවෙන් සේවය කිරීමට පළමුතැන දුන් ආරුමුගම් තොණ්ඩමන් මැතිතුමා වතු ජනතාවගේ ජීවිතය හා බැදි ප්‍රායෝගික අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් සටන් කළා. වැටුප් අරගල වලදී පමණක් නොව වතු නිවාස ඉදි කිරීම, හෙද රැකියා අවස්ථා ලබා ගැනීම, රෝහල්, මහා මාර්ග, විදුලිය මෙන්ම පාසල් සහ විශ්වවිද්‍යාලයක් ලබා ගැනීම දක්වා වතු ජනතාව වෙනුවෙන් වෙන් වූ දේශපාලන දැක්මක් එතුමාට තිබුණා.

ඒ වගේම ආරුමුගම් තොණ්ඩමන් මහතා රටට ආදරය කළ හොඳ පුරවැසියෙක්. ජාති ආගම් කුල භේද නොසලකා කටයුතු කළ එතුමා සැමවිටම ආගමික සහජීවන අගය කළා.

දුෂ්කරතා හමුවේ දී ද අපව අත් හැර නොගිය එතුමා දේශපාලනයේදී විශ්වාසවන්ත මිත්‍රයෙක්.

අවසන් මොහොතේදීත් වතු ජනතාව වෙනුවෙන් එතුමාට තිබූ බලාපොරොත්තු ඉටු කිරීමට රජයක් ලෙස අප බැදී සිටින බව මා මේ මොහොතේදීත් සිහිපත් කරන්න කැමතියි. එතුමාගේ පුත් ජීවන් තොණ්ඩමන් මැතිතුමා සිය පියාගේ අඩි පාරේ යමින් වතු ජනතාවටත්, රටටත්, සේවය කරනු ඇතැයි මම තරයේ විශ්වාස කරමි.

 

 

Post Views: 7
Previous Post

පුනර්ජනනීය බලශක්තිය ක්‍රියාත්මක කිරීමට ඕනෑම අභියෝගයට සුදානම් බව රාජ්‍ය ඇමැති දුමින්ද

Next Post

කෝප් සහ කෝපා කමිටු සාමාජිකයන් නම් කෙරේ

editor

editor

Next Post

කෝප් සහ කෝපා කමිටු සාමාජිකයන් නම් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved