• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වර්ජනය වලින් රිදෙන්නේ ජනතාවට මිස ආණ්ඩුවට නෙමෙයි – ජනපති

10 August 2018
in දේශීය

වැඩ වර්ජන වලින් ආණ්ඩුවට රිදෙන්නේ නැති බවත් රිදෙන්නේ මහජනතාවට බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (09) දින කොළඹ විහාරමහා දේවි උද්‍යානයේ පැවති වැඩසටහනකට එක්වෙමින්.

තම වරප‍්‍රසාද පිළිබඳ සේම රටේ අහිංසක පොදු මහජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳව ද වැඩ වර්ජනවල නිරත පිරිස් මනුෂ්‍යත්වයෙන් සිතා බැලිය යුතු බව ජනාධිපතිවරයා පවසයි.

පොදු මගී ප‍්‍රවාහන සේවාවන් මෙන්ම නිදහස් සෞඛ්‍ය සේවාව ද භාවිතා කරන්නේ පොහොසතුන් නොව රටේ අහිංසක දුප්පත් ජනතාව බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඊයේ සිදුකළ දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිට නැවත නිවෙස් බලා යමින් සිටි දරුවන් ඇතුළු ජනතාවට විඳීමට සිදුවූ පීඩාකාරී තත්ත්වය ද ඉතා කනගාටුවෙන් සිහිපත් කළේය. ගැටලු විසඳා ගැනීමට ඕනෑම අයෙකුට, ඕනෑම අවස්ථාවක රජය සමග සාකච්ඡා කිරීමට අවස්ථාව පවතින බව පැවසූ ජනාධිපතිවරයා පසුගිය රජය මෙන් විරෝධතාකරුවන්ට එරෙහිව වත්මන් රජය කිසිදු අවස්ථාවක තුවක්කු භාවිතා නොකළ බව ද කියා සිටියේය. එබැවින් රටේ අහිංසක පොදු මහජනතාව පීඩාවට පත් නොකර බුද්ධිමත්ව සහ මානුෂීයව සිය ගැටලු විසඳාගැනීමට කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා දුම්රිය, වෛද්‍ය ඇතුළු වැඩවර්ජනවලට සූදානමින් සිටින වෘත්තීය කණ්ඩායම් වෙතින් ඉල්ලා සිටියේය.

ජාතියේ පුනරුදය ඇති කිරීම සඳහා රටේ සියලු අංශවල කැපවීම, පරිත්‍යාගය සහ අවංකභාවය අත්‍යාවශ්‍ය බව හෙතෙම කියා සිටියේය.

මෙම අවස්ථාවට අමාත්‍ය රාජිත සේනාරත්න, ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති ලාල් සමරසිංහ, ශ‍්‍රී ලංකා යුද හමුදා විධායක ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදා කෘෂිකර්ම අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් බුවනක ගුණරත්න යන මහත්වරුන් ඇතුළු යුද හමුදා ප‍්‍රධානීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 17
Previous Post

දිගටම වර්ජනය කලොත් විකල්පක් ගන්නවා – නි. ඇමැති අශෝක්

Next Post

රුසියානු තානාපති ලෙස දයාන් පත් කරයි

editor

editor

Next Post

රුසියානු තානාපති ලෙස දයාන් පත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved