• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මෙරට සංචාරක කර්මාන්තය දියුණු කිරීමට ඉන්දිය සිනමාවේ සහාය

8 May 2023
in දේශීය

ශ්‍රී ලංකාව අන්තර් ජාතික සිනමා ගමනාන්තයක් ලෙස ප්‍රචලිත කිරීම මූලික අරමුණ කරගනිමින්, මෙරටට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණෙන ඉන්දියාවේ සිනමා කර්මාන්තයේ නියුතු අය වෙනුවෙන් මෙරට සංචාරක ආකර්ෂණීය ස්ථාන සහ සිනමා පසුතල හඳුන්වාදීමේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මේ දිනවල ක්‍රියාත්මක කරයි.

ඒ අනුව ඉන්දියාවේ බොලිවුඩ් සිනමාවට පසු වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක් නිෂ්පාදනය කරන (සෑම සතියකම සිකුරාදා එක චිත්‍රපටයක් නිකුත් වේ) කන්නඩ සිනමාවේ ප්‍රවීණ අධ්‍යක්ෂවරුන් නිෂ්පාදකවරුන් සහ කැමරා ශිල්පීන් මෙන්ම ජනප්‍රිය සිනමා නළු නිළියන් කීපදෙනකු ඇතුළත් කන්නඩ සිනමා කර්මාන්තයේ නියුතු කණ්ඩායමක් පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ සංචාරය කරයි.

එම කණ්ඩායමට ඉන්දීය ජාතික සහ ජාත්‍යන්තර සම්මානලාභී
ප්‍රවීණ කන්නඩ සිනමා අධ්‍යක්ෂ හා බැංගලෝරයේ Nagathihalli Cinema School හි අධ්‍යක්ෂ නාගතිහාල්ලි චන්ද්‍රශේකර් (Nagathihalli ChandraShekhar) මහතා
*ප්‍රවීණ සිනමා මාධ්‍යවේදී ජී.එන්.මොහාන් (G.N.Mohan) මහතා
*චිත්‍රපට නිෂ්පාදක shankar gowda මහතා
*ජනප්‍රිය තරුණ නළු Nirup Bhandari
*ප්‍රවීණ සිනමා කැමරා ශිල්පී S.K.Rao
*ජනප්‍රිය තරුණනිළි Kavya Shatty
කර්ණාටක ප්‍රාන්තයේ හසාන් දිස්ත්‍රික්කයේ වැඩිම අලෙවියක් ඇති “ජනමිත්‍රා” පුවත්පතේ ප්‍රධාන කර්තෘ H.B.Madan Gowda

මෙම ඉන්දීය සිනමා ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ කළමනාකාර අධ්‍යක්ෂ කේ.පී.පී.සිරිවර්ධන මහත්මිය, මහජන සම්බන්ධ අධ්‍යක්ෂ මධුභානි පෙරේරා මහත්මිය, ශ්‍රී ලංකාවේ ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම් මහතා, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සහකාර අධ්‍යක්ෂ චමින්ද මුණසිංහ මහතා, ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමයේ සභාපති උපුල් ජනක ජයසිංහ යන අයගේ සහභාගීත්වයෙන් පසුගියදා (28)කොළඹ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඉන්දීය සිනමා ශිල්පීහු අදහස් දැක්වූහ.

එහි දී අදහස් දැක් වූ, ප්‍රවීණ කන්නඩ සිනමා අධ්‍යක්ෂ නාගතිහාල්ලි චන්ද්‍රශේකර් මහතා කියා සිටියේ,”කන්නඩ සිනමා නිර්මාණ සඳහා යොදා ගත හැකි ඉතාමත්ම සුවිශේෂ වූ සිනමා පසුතල ශ්‍රී ලංකාවේ ඇති බවයි. එසේම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති සංස්කෘතික සමානතාවයන් මෙම කටයුතුවලදී ඉතාමත්ම පහසුවක් සලසන බව නාගතිහාල්ලි මහතා පැවසීය.ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ පසුතල භාවිත කරමින් කන්නඩ සිනමා නිර්මාණ කිරීමට තමා බලාපොරොත්තු වන බව ද ඒ මහතා පැවසීය.එසේම ශ්‍රී ලංකාවේ පසුතල යොදා ගනිමින් සිනමා නිර්මාණ කිරීමට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස තම සහෝදර සිනමා ශිල්පීන්ට ද ආරාධනා කරන බව ඔහු පැවසීය.

වර්තමානයේ කන්නඩ සිනමාවේ සිටින ජනප්‍රියම තරුණ සිනමා තරුවක් වන නිරූප් භන්ධාරි මහතා කියා සිටියේ,ශ්‍රී ලංකාවේ සුන්දරත්වය දැක තමා විමතියට පත්වූ බවත්,ශ්‍රී ලංකා පිළිබඳ අසා සිටි තොරතුරු සත්‍ය නොවන බව මෙම සංචාරයේ දී ප්‍රත්‍යක්ෂ වූ බවය.ශ්‍රී ලංකාවේ පැවති ආර්ථික අර්බුද හේතුවෙන් මෙරට සංචාරය කිරීම අපහසු බවට වාර්තා පළ වී තිබූ බවත් නමුත් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ දී ඒ සියලු වාර්තා අසත්‍ය බව අත්දැකීමෙන්ම තහවුරු වූ බවද නිරූප් භන්ධාරි මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ ජනතාවගේ ඇති සුහදශීලීභාවය සහ ආගන්තුක සත්කාර ඉතා ඉහල තත්වයක පවතින බව ජනප්‍රිය තරුණ සිනමා නිලියක් වන කාව්‍යා ශෙට්ටි පැවසුවාය.මෙරට සංචාරක හෝටල්වල තත්වය මෙන්ම මහා මාර්ගවල පිරිසුදුතාවය ඉතාමත්ම ඉහල තත්වයක පවතින බව ඇය පැවසුවාය.

ප්‍රවීණ ජනමාධ්‍යවේදියෙකු වන ජී.එන්. මොහාන් මහතා කියා සිටියේ සංචාරයට සුදුසුම රටවල් වලින් ප්‍රධාන තැනක් ශ්‍රී ලංකාවට හිමි වන බවය. ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමයේ සභාපති උපුල් ජයසිංහ මහතා කියා සිටියේ මෙරට සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා ඉන්දීය ජනමාධ්‍ය සංවිධාන සමග එක්ව ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණීය ස්ථාන පිළිබඳ ඉන්දියාවේ පුලුල් ප්‍රචාරයක් ලබාදීමට තම සංවිධානය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමඟ අත්වැල් බැඳගෙන කටයුතු කරන බවය.

මෙරට ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂවරයෙකු හා විදේශීය සිනමා නිර්මාණ සඳහා පසුතල සම්පාදක වරයෙක් ලෙස කටයුතු කරන වන චන්ද්‍රම් රත්නම් මහතා කියා සිටියේ,තමන් අරඹන සිනමා නිර්මාණවල පසුතල දර්ශනවලට පැමිණීමට විදේශීය සිනමාලෝලින් වැඩි කැමැත්තක් දක්වන බවයි.ඒ අනුව විදේශීය සිනමාකරුවන්ට මෙරට සිනමා පසුතල සපයා ශ්‍රී ලංකාව ආසියාවේ සිනමා නිර්මාණකරනයේ කේන්ද්‍රය බවට පත් කිරීමට කටයුතු කළ හැකි බවය.ශ්‍රී ලංකාවේ පසුතල භාවිතා කළ ලෝක ප්‍රකට ඉන්දියානා ජෝන්ස් චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය ලබන ජූලි මස ඇමෙරිකාව සහ යුරෝපා රටවල්වල නිකුත්වීමට නියමිත බවත් ඔහු පැවසීය.

මෙම සිනමා ශිල්පීන් කොළඹ,හම්බන්තොට, රන්මිනිතැන්න,ගාල්ල, මහනුවර ප්‍රදේශවල සංචාරයේ නිරත වූ බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සහකාර අධ්‍යක්ෂ චමින්ද මුණසිංහ මහතා පැවසීය.

පිටපත – උපුල් ජනක

Post Views: 18
Previous Post

මෙරට ධීවර කර්මාන්තය අපනයන කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවා – අගමැති

Next Post

ඉන්දියාවේ සාංචි පුදබිම වෙසක් පොහෝය සමරයි

editor

editor

Next Post

ඉන්දියාවේ සාංචි පුදබිම වෙසක් පොහෝය සමරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved