27 April 2024
#වෙනත්

ඉන්දියාවේ සාංචි පුදබිම වෙසක් පොහෝය සමරයි

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ බෝපාල් හි පිහිටා ඇති සර්වඥ ධාතූන් වහන්සේලා සහ අග්‍රශ්‍රාවක ධාතුන් වහන්සේලා වැඩ සිටින ලෝක යුනෙස්කෝ උරුමයක් ලෙස නම් කර ඇති සාංචි පුදබිමට මෙවර වෙසක් පුන් පොහෝ දින ඉන්දීය බෞද්ධ බැතිමතුන් විශාල පිරිසක් පැමිණි බව සාංචි චේතියගිරි විහාරවාසී උඩුගම තපස්සි හිමියෝ පවසති.

ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල සිට මෙම බෞද්ධ බැතිමතුන් පැමිණි බවත්,සාංචි චේතියගිරි විහාරාධිපති,ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නාහිමියන් ගේ අනුශාසනා පෙරදැරිව, විහාරාධිකාරී බානගල විමලතිස්ස හිමියන්ගේ උපදෙස් පරිදි පැමිණි මෙම සැදැහැවතුන්ට ඔසු පැන් සහ ආහාරපාන දන්සැලක් ප්‍රදේශවාසීන්ගේ ද සහභාගිත්වයෙන් පැවැත් වූ බව උඩුගම තපස්සි හිමියෝ පවසති.

Leave a comment

Your email address will not be published. Required fields are marked *