• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

Elephant House දායකත්වයෙන් Viridis ප්‍රතිචක්‍රීකරණ කර්මාන්තශාලාව නවීකරණය කෙරේ

30 May 2023
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

එලිෆන්ට් හවුස් සමාගමේ ආයතනික ප්‍රජා සත්කාර වැඩසටහන වන ‘ගුණදමින් එලිෆන්ට් හවුස්’ පසුගියදා මෙරට ඉවතලන ප්ලාස්ටික් එක්රැස් කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය කිරීම සම්බන්ධ ප්‍රමුඛතම සමාගමක් වන Viridis සමග එක් වී එම සමාගමේ ප්‍රතිචක්‍රීකරණ කර්මාන්තශාලාව වැඩිදියුණු කිරීමට පියවර ගත්තේ ය.

පනාගොඩ ටෙම්පල්බර්ග් කර්මාන්ත පුරයේ පිහිටා ඇති Viridis ප්‍රතිචක්‍රීකරණ කර්මාන්ත ශාලාවට වසරකට ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 750 ක් ප්‍රතිචක්‍රීකරණය කිරීමේ හැකියාව ඇත. වඩාත් හරිත ශ්‍රී ලංකාවක් බිහිකිරීම සඳහා මෙරට PET ප්ලාස්ටික් සහ අනෙකුත් ඉවතලන ප්ලාස්ටික් වැඩි වශයෙන් එක්රැස් කර ප්‍රතිචක්‍රීකරණය කිරීම මෙම හවුල්කාරීත්වයෙහි අරමුණ වේ.  

අලුත්වැඩියා කටයුතු සිදුකිරීමෙන් අනතුරුව, 2023 අප්‍රේල් 21 වන දින පැවති විශේෂ උත්සවයකදී කර්මාන්තශාලාව විවෘත කරන ලදි. මෙම අවස්ථාවට පරිසර අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, පරිසර දූෂණ පාලන සහ රසායන ද්‍රව්‍ය කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ මහින්ද වේරහැර සහ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂිකා එච්. පී. එස්. ජයසේකර යන මහත්වරුන් මෙන්ම, එලිෆන්ට් හවුස් සහ Viridis නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද එක්වූහ. මෙහිදී ශ්‍රී ලංකාවේ ප්‍රතිචක්‍රීකරණය කටයුතු කඩිනම් කිරීම සඳහා ඉවතලන ප්ලාස්ටික් එක්රැස් කිරීම තවදුරටත් පුළුල් කිරීමට දෙපාර්ශ්වය විසින් එකඟතාවකට එළඹෙන ලදි.

“මෙරට ඉවතලන ප්ලාස්ටික් එක්රැස් කර ප්‍රතිචක්‍රීකරණය කිරීම සිදුකරන සමාගම්වලට මෙලෙස අත්වැලක් වීම සම්බන්ධයෙන් සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් සමාගමට අපගේ ස්තූතිය හිමි විය යුතුයි. තරුණ තරුණියන් පිරිසක් මෙම වැඩසටහනට සම්බන්ධ වී සිටිනු අපට පෙනෙනවා. පරිසරය සුරැකීම සඳහා මෙවැනි තරුණ කණ්ඩායම් ගන්නා උත්සාහය අප අගය කළ යුතුයි.  Viridis සංවිධානයේ ඉදිරි කටයුතු සඳහා අපගේ පූර්ණ සහයෝගය ලබාදීමට අප සූදානම්.” අනිල් ජාසිංහ මහතා පැවසී ය.

“මෙය එලිෆන්ට් හවුස් සහ Viridis යන දෙපාර්ශ්වයටම ඉතාමත් වැදගත් සන්ධිස්ථානයක්. ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරීමේ හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා අප සාමූහිකව පියවර ගෙන ඇති අතර, ඉදිරියටත් PET ප්ලාස්ටික් එක්රැස් කිරීමේ සහ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ කටයුතු පුළුල් කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට අප සූදානම්. එය ඉවතලන ප්ලාස්ටික් මගින් පරිසරයට ඇතිවන බලපෑම අවම කිරීමට මහෝපකාරී වේවි.” ජෝන් කීල්ස් හෝල්ඩිංස් සමාගමේ සභාපති (පාරිභෝගික ආහාරපාන) දමින්ද ගම්ලත් මහතා පැවසී ය.

2006 වසරේදී ආරම්භ වූ Viridis සමාගම, ආයෝජන මණ්ඩලය, මධ්‍යම පරිසර අධිකාරිය සහ අපනයන සංවර්ධන මණ්ඩලය යන ආයතන සමග සම්බන්ධ සමාගමකි. මේ වනවිට ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය සම්බන්ධ ප්‍රමුඛතම සමාගමක් බවට පත් වී තිබෙන එම සමාගම, ප්ලාස්ටික් එක්රැස් කිරීම සඳහා තමන් සතු රථවාහන එකතුවක්ද යොදවා ඇත. 2007 වසරේදී සමාගම PET බෝතල් කොටස් අපනයනය කිරීම ආරම්භ කළ අතර, වෙනත් ප්ලාස්ටික් වර්ග ප්‍රතිචක්‍රීකරණය කිරීමද ආරම්භ කරන ලදි. 2013 වසරේදී PET බෝතල් එක්රැස් කිරීමේ හා පිරිසැකසුම් කිරීමේ ක්‍රියාවලිය ප්‍රථම වරට මසකට ටොන් 100 සීමාව පසුකළ අතර, 2014 වසරේදී එය ටොන් 130 පසුකළේ ය. 2016 වසරේදී අපනයන කටයුතු ආරම්භ කළ Viridis සමාගම, 2018 වසරේදී ප්‍රතිචක්‍රීකරණය සහ අපනයනය සඳහා පොලිකාබනේට් එකතු කිරීම ආරම්භ කළ අතර, භාවිතා කරන ලද ප්ලාස්ටික් යොදාගනිමින් දේශීය හා විදේශීය වෙළඳපොළ සඳහා කොසු කෙඳි නිපදවීමද ආරම්භ කරන ලදි. එතැන් පටන් සමාගම ශ්‍රී ලංකාව මුහුණ දෙන විවිධාකාර පාරිසරික ගැටලුවලට විසඳුම් සෙවීමේ උත්සාහයන්ට නන් අයුරින් දායක වී ඇති අතර, මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර දූෂණය අවම කිරීම වෙනුවෙන් කැපවී සිටී.

“අපගේ පහසුකම් සහ ධාරිතාව වැඩි කිරීම සඳහා ආයෝජනය කිරීමට ඉදිරිපත් වීම වෙනුවෙන් අප ‘ගුණදමින් එලිෆන්ට් හවුස්’ ව්‍යාපෘතියට ස්තූතිවන්ත වෙනවා. දැන් අප ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය සම්බන්ධයෙන් පවතින ඉල්ලුම පෙරටත් වඩා හොඳින් සපුරාලීමටත්, ගුණදමින් එලිෆන්ට් හවුස් වැනි හවුල්කරුවන් සමග එක් වී, ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර දූෂණය අවම කිරීමටත් සූදානම්.” Viridis කළමනාකාර අධ්‍යක්ෂ නිලන්ත ගමගේ මහතා පැවසී ය.

ගුණදමින් එලිෆන්ට් හවුස් යනු එලිෆන්ට් හවුස් සන්නාමයේ ආයතනික ප්‍රජා සත්කාර අංශයයි. එලිෆන්ට් හවුස් මගින් සමාජයේ යහපත වෙනුවෙන් සිදුකරනු ලබන සත්කාරයන් ගුණදමින් එලිෆන්ට් හවුස් ව්‍යාපෘතිය හරහා සිදුකෙරේ. මෙය සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් සමාගමේ ප්‍රධාන අවධානය යොමුවන අංශ කිහිපය අතරින් එකක් වන ‘ඉවතලන PET කළමනාකරණය’ අංශයට අයත් වන අතර, ඊට අමතරව ‘ප්‍රජාව’ හා ‘තිරසාර සැපයුම්කරණය’ යන අංශ ද ගුණදමින් එලිෆන්ට් හවුස් ව්‍යාපෘතිය මගින් ආවරණය වේ.  

Post Views: 8
Previous Post

චීන විදේශ නියෝජ්‍ය ඇමති සහ විපක්ෂ නායක සජිත් අතර හමුවක්

Next Post

කටුපොල් වගාව සඳහා පනවා ඇති තහනම ඉවත් කරන්නැයි ඉල්ලීමක්

editor

editor

Next Post

කටුපොල් වගාව සඳහා පනවා ඇති තහනම ඉවත් කරන්නැයි ඉල්ලීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025

Recent News

හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved