27 April 2024
#දේශීය

චීන විදේශ නියෝජ්‍ය ඇමති සහ විපක්ෂ නායක සජිත් අතර හමුවක්

දිවයිනට පැමිණ සිටින චීනයේ විදේශ කටයුතු උප අමාත්‍ය සුන් වෙයිඩොන්ග් ඇතුළු දූත පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග හමුවක් අද (30) සිදුවිය.

ඔවුන් චීන – ශ්‍රී ලංකා දෙරටේ 12 වැනි රාජ තාන්ත්‍රික උපදේශන වටයට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණ තිබේ.

ද්විපාර්ශවීය වශයෙන් පවත්නා සබඳතා ශක්තිමත් කරගැනීම පිළිබඳව එහිදී විශේෂ අවධානයක් යොමු කළ අතර, ශ්‍රී ලංකාවේ ආර්ථික දියුණුවට අවශ්‍ය කරන සහයෝගය ද ලබා දෙන ලෙසත්, නිෂ්පාදන කර්මාන්ත විප්ලවය ඉදිරි අදියරට රැගෙන යාම සඳහා වන සහයෝගය ලබාදෙන ලෙස හෙතෙම එහිදී ඉල්ලා සිටියේය.

චීන ආර්ථික විප්ලවය පිළිබඳව ගත හැකි ආදර්ශ මෙන්ම කලාපීය සාමය සහ සංහිඳියාව පිළිබඳව ද එහිදී සාකච්ඡාවට බඳුන් විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *