• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අම්ෆන් නිසා ජලවිදුලිබලය උත්පාදනය කෙරෙන ජලාශවල ජලමට්ටම ඉහළට

20 May 2020
in දේශීය

අම්ෆන් සුලි කුණාටුව නිසා මේ වනවිට ජලවිදුලි බලය උත්පාදනය කෙරෙන ජලාශ රැසක ජලමට්ටම ඉහළ ගොස් තිබෙන බව විදුලි බල මණ්ඩලය පවසයි.

මධ්‍යම කඳුකරයට හා දිස්ත්‍රික්ක රැසකට ඇදහැළුනු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මෙලෙස ජලාශ රැසකට ජල මට්ටම ඉහළ ගොස් තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජලවිදුලිබලය උත්පාදනය සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයෙන් කරන ලද විමසීමක් අනුව ඊයේ (19) පස්වරුව වනවිට විදුලිබල උත්පාදනය කෙරෙන ජලාශවල තත්ත්වය පිළිබඳව වාර්තාවක් අමාත්‍යවරයාට ලබා දී ඇත.

පසුගිය දිනවල පැවැති වියළි කාලගුණික තත්ත්වය නිසා ජලවිදුලිය උත්පාදනය සියයට 15-20 ත් අතර මට්ටමකට පහත තිබු අතර නියගය නිසා ජලාශවල ජලමට්ටම සීග්‍රයෙන් පහත වැටී තිබීමයි.

ඊයේ දිනයේදී නැවතත් ජල විදුලිබල උත්පාදනය සියයට 31.17ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදුලි බල මණ්ඩලය විසින් අමාත්‍යවරයා වෙත ලබා දුන් වාර්තාවේ සඳහන් කර තිබේ.

ඊයේ පස්වරුව වනවිට ජලාශවල පැවැති ජලමට්ටම පහත පරිදි වේ. කාසල්රී සියයට 60.9, මාවුස්සාකැලේ සියයට 48, කොත්මලේ සියයට 54, වික්ටෝරියා සියයට 56.2, රන්දෙනිගල සියයට 55.1, සමනලවැව සියයට 65.9 වශයෙන් සමස්ත විදුලිබල උත්පාදනය කෙරෙන ජලාශවල ජල මට්ටම සියයට 55.94ක් දක්වා ඉහළ ගොස් තිබේ. සියලු ජලාශවල ඊයේ පස්වරුව වනවිට මෙගවොට් 667.9ක් දක්වා ජල විදුලිය උත්පාදනය කළ හැකි මට්ටමට ජලයෙන් පිරී ගොස් ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

ඊයේ දිනය වන විට විදුලිබල උත්පාදනය දෙස බලන විට සමස්ත අවශ්‍යතාවයෙන් සියයට 31.17ක් ජලවිදුලිය මගින්ද , සියයට 65.14ක් ගල්අගුරු හා ඩීසල් තාප විදුලිය මගින් ද නිපදවා තිබිනි.

 

 

දිලිනි සමන්මලි

 

 

Post Views: 8
Previous Post

රාජපක්ෂලා අධිකරණය ගැන කිඹුල් කදුළු හලනවා – හැරිසන් කියයි

Next Post

මට නොලැබුණ සහාය ජනපති ගෝඨාට ලබා දිය යුතුයි – හිටපු ජනාපති මෛත්‍රිපාල කියයි

editor

editor

Next Post

මට නොලැබුණ සහාය ජනපති ගෝඨාට ලබා දිය යුතුයි - හිටපු ජනාපති මෛත්‍රිපාල කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved