• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ලොවම සෞදි අරාබිය දෙසට යොමු කළ ලෝක නායක “මුහම්මද් බින් සල්මාන්”

5 April 2024
in පුවත්, විශේෂාංග
ලොවම සෞදි අරාබිය දෙසට යොමු කළ ලෝක නායක “මුහම්මද් බින් සල්මාන්”
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ලෝකයේ ඕනෑම කෙනෙකුට තම රටේ ත්‍රස්තවාදය, මත්ද්‍රව්‍ය අපරාධ සහ දූෂණය තුරන් කර රටවැසියන්ට විශාල සේවයක් කරමින් තම රට දියුණුවේ මාවතට ගෙන යාමට අවශ්‍ය නම්, සෞදි අරාබියේ රජු සහ කුමරු වන මුහම්මද් බින් සල්මාන් එයට හොඳම නිදසුනකි.

නව සෞදි රාජ්‍යයක් නිර්මාණය කරන නිර්මාණකරු මුහම්මද් බින් සල්මාන් කුමරු.

සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු සහ අග්‍රාමාත්‍යවරයා ලෙස මුහම්මද් බින් සල්මාන් බින් අබ්දුල් අසීස් ආල සවුද් කුමරු පත්වී අදට වසර හතක් සපිරේ. මෙය එය පදනම් කර ගත් ලිපියකි.

ශුද්ධ වූ මුස්ලිම් දේවස්ථාන දෙකෙහි භාරකරු සහ සෞදි අරාබියේ රජු වන සල්මාන් බින් අබ්දුල් අසීස් ආලු සවුද් විසින් 1438 හිජ්රි 26 වැනි රාමසාන් මාසයේ එනම් 2017.06.21 දින සෞදි අරාබියේ කුමරු යන පදවි නාමයෙන් මුහම්මද් බින් සල්මාන් බින් අබ්දුල් අසීස් ආල සවූද් විසින් ගෞරවයට පත් කරන ලදී. මුහම්මද් බින් සල්මාන් මෙම පත්වීමට පෙර නියෝජ්‍ය අගමැති සහ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇත. කුමාර පදවියත් සමඟම ඔහු මෙම තනතුරු දිගටම දරමින් සිටියේය. මුහම්මද් බින් සල්මාන් කුමරුට සල්මාන් රජු විසින් අගමැතිධූරය ලබා දුන්නේ මෙම පසුබිම යටතේය.

තමන් ළඟින්ම සිට රට වෙනුවෙන් සේවය කරන තම පුතාගේ වෙහෙස මහන්සිය, කැපවීම, දූරදර්ශී චින්තනය, පරිපාලන කුසලතාව නිරීක්ෂණය කළ ඔහුගේ පියා සල්මාන් රජුට තම පුත් විසින් රට ගොඩනැගිය හැකි බව වැටහිනි. ඒ අනුව ඔහු ඔහුට කුමාර පදවිය ප්‍රදානය කළේය. එමෙන්ම උසස් ඉංජිනේරුවෙකු වූ මුහම්මද් රට ප්‍රගතියේ මාවතට ගෙන යා හැකි ඉතා දක්ෂ ජවසම්පන්න පුද්ගලයකු බව රටේ ජනතාව ඒ වන විටත් දැන සිටීම විශේෂත්වයකි. ඔහු කුමාරයා ලෙස පත්වීම රටේ ජනතාව බලා සිටියේය. මෙම අවස්ථාවේ දී, රටේ සියලුම ජනතාව ඔහුගේ පත්වීම ඉමහත් ලෙස පිළිගෙන ප්‍රසංශා කළ අතර ඔහු ව හැඳින්වූයේ ‘තාරුණ්‍යයේ නායකයා’ යනුවෙනි.

මුහම්මද් බින් සල්මාන් ඔටුන්න හිමි කුමරු ලෙස පත් කිරීම සෞදි අරාබියේ විශාල පුනරුදයක් ඇති කළේය. ඔහු කඩිසර තරුණයෙකු වුවද, ඔහු පුළුල් දේශපාලන පසුබිමක් ඇති පවුලක ඉපිද හැදී වැඩුණු අතර දේශපාලනික වශයෙන් පරිණත බව ඔහුගෙන් ඔප්පු විය.

ඒ අනුව සෞදි අරාබිය නූතන ලෝකයට ගැළපෙන අයුරින් සංවර්ධනය කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ ඔහු, විෂන් 2030 නමින් ඓතිහාසික දූරදර්ශී සැලැස්මක් රටට ඉදිරිපත් කළේය. මෙම යෝජනා ක්‍රමයට ජනතාව පූර්ණ සහයෝගය ලබා දී ඇත. මෙම සන්දර්භය තුළ සෞදි අරාබිය ගොඩනැගීමේ සියලු වැඩසටහන් මෙම දූරදර්ශී සැලැස්මට අනුව සිදු කෙරේ. ඔහු මේ ව්‍යාපෘති සාර්ථක කර ගැනීමට කැපවීමෙන් කටයුතු කරමින් සිටියි. මේ ගමනේදී ජයග්‍රහණයන් බොහෝමයක් ඔහු ලබා ඇත. විශේෂයෙන්ම පසුගිය වසර 7 තුළ ඔහුගේ සාර්තකත්වය සෞදි ඉතිහාසයේ නොමැකෙන සලකුණක් තබා ඇත. එබැවින් සෞදි අරාබිය සමරන්නේ මුහම්මද් බින් සල්මාන් කුමරු ඔටුන්න හිමි කුමරු ලෙස පත්වීමේ හත්වැනි සංවත්සරයයි.

සෞදි අරාබිය ලොව විශිෂ්ඨතම රටවල්වලින් එකකි. ලෝක මුස්ලිම්වරුන් හජ් සහ උම්රා යන ඔවුන්ගේ ශුද්ධ ආගමික කටයුතු ඉටු කිරීම සඳහා සෞදි අරාබියට යා යුතුය. එයයි දෙවියන්ගේ සැලැස්ම. එමෙන්ම සෞදි අරාබියාවේ බොහෝ ඉස්ලාමීය නටඹුන් සහ පුරාණ සංකේත ද දැක ගන්නට පුළුවන.

සෞදි අරාබිය, තම ශුද්ධ වූ ආගමික කටයුතු ඉටු කිරීමට පැමිණෙන ලෝක මුස්ලිම්වරුන් පිළිගෙන ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සපයයි. විශේෂයෙන්ම ශුද්ධ වූ මක්කම සහ මදීනා වෙත පැමිණෙන වන්දනාකරුවන්ට හරාම් ෂරීෆ් (ශුද්ධ වූ දේවස්ථාන) දෙකෙහි, ගුවන් තොටුපලවල් සහ ශුද්ධ වන්දනා ස්ථානවල දී අභ්යන්තර කටයුතු අමාත්යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, ඉස්ලාමීය මාර්ගෝපදේශන අමාත්‍යාංශය, හජ් සහ උම්රා අමාත්‍යාංශය සහ විශේෂ ආරක්ෂක අංශ විශේෂ නිලධාරීන් සහ සේවකයින් විසින් අසීමිත සේවාවන් සපයනු ලැබේ. සෞදි අරාබිය විසින් සිදුකරනු ලබන අසමසම සේවාවන් ලෝකවාසීන්ගේ ඉමහත් ඇගයීමට ලක්ව තිබේ. ඔහුගේ පියා වන සල්මාන් රජු සමඟ මුහම්මද් බින් සල්මාන් කුමරු මෙම සේවාවන් මෙහෙයවයි.

එමෙන්ම මැදපෙරදිග අගනුවර වන සෞදි අරාබිය ආර්ථික වශයෙන් බලවත්ම රටකි. ස්වභාවික සම්පත්වලින් පොහොසත් රටක් වුවද එම සම්පත් මත පමණක් රඳා නොසිට ආර්ථික සංවර්ධන මාවතේ ගමන් කිරීමට මුහම්මද් කුමරු සෞදි අරාබිය දිරිමත් කළ අතර ඔහු මේ සඳහා විශාල දායකත්වයක් ලබා දෙයි.

ඒ අතරම සංචාරකයන් වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීම සඳහා දිර්ඉය්යා, මුකඅබ්, කිත්තිය්යා, සෞදි හරිත ව්‍යාපෘතිය, මැදපෙරදිග හරිත ව්‍යාපෘතිය, රතු මුහුදේ ගුවන්තොටුපළ, සල්මාන් රජු ජාත්‍යන්තර ගුවන්තොටුපළ, අල් උලා සංචාරක ව්‍යාපෘතිය වැනි විවිධ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ද ඔහුගේ චින්තනය මත සිදු කෙරේ. මේ සියලු යෝජනා ක්‍රම සාර්ථක වී ඇත.

මේ සම්බන්ධයෙන් ‘රෙඩ් සී ග්ලෝබල්’ හි නිලධාරියා පැවසුවේ වසරකට මගීන් ලක්ෂ 10 ක් පිළිගැනීමට රෙඩ් සී ගුවන්තොටුපළ සූදානම් බවයි.

සෞදි අරාබිය ගෝලීය සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීමට සූදානම් වන රතු මුහුද ජාත්යන්තර ගුවන්තොටුපළ පසුගිය වසරේ සිට අභ්යන්තර ගුවන් ගමන් සේවා ද ආරම්භ කර ඇත. මීළඟ පියවර වන්නේ අප්‍රේල් 18 වැනිදා සිට ජාත්‍යන්තර ගුවන් සේවා ආරම්භ කිරීමයි. ‘ෆ්ලයි ඩුබායි’ නමැති ගුවන්යානය ප්‍රථම වරට ඩුබායි සිට සෘජු ගුවන් ගමන් සේවාව ආරම්භ කිරීමට සූදානම් වේ.

දැනට සෞදි අරාබිය තාක්ෂණය සහ පරිපාලන ව්‍යුහය අතින් ඉදිරියෙන් සිටී. තාක්ෂණය සහ පරිපාලන ව්‍යුහය අතින් බ්‍රිතාන්‍යයට සෞදි අරාබිය සමඟ පැමිණීමට තවත් වසර 30 ක් ගතවනු ඇතැයි වාර්තා වේ. මේ ප්‍රගතියට කුමරුගේ දායකත්වය අතිමහත්ය.

ඒ අතරම G20 සහ BRICS සංවිධානවල සාමාජිකත්වය දරන ආර්ථික වශයෙන් ශක්තිමත් රටවල් සමඟ තරඟ කරමින් තම රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට කුමරු වෙහෙස නොබලා කටයුතු කරන අතර සෞදි අරාබිය එහි ඵල නෙලා ගනිමින් සිටී. මීට අමතරව, සෞදි අරාබිය ලෝක බලවතුන් අභිබවා යමින් ආයුධ නිෂ්පාදනයේ ද විශාල ප්‍රගතියක් ලබා ඇත.

සෞදි අරාබියේ සන්නද්ධ හමුදාව, සටන් කිරීම සඳහා සූදානම්ව සිටින ලොව විශාලතම හමුදාව වන අතර එය ලෝකයේ හයවන බලවත්ම හමුදාව ලෙස ද සැලකේ.

එමෙන්ම පසුගිය වසර හත තුළ කුමාරයා සෞදි අරාබිය සියලු කේෂ්ත්‍රවල වේගවත් ජයග්‍රහණවලින් පිරුණු කීර්තිමත් ඉතිහාසයක් ලියන රටක් බවට පත් කළේය. සෞදි අරාබිය කෙතරම් ප්‍රසිද්ධියට පත්ව තිබේද යත් ලෝක බලවතුන් සියල්ලෝම නහයට උඩින් අත තබාගන්නා තරමට ප්‍රසිද්ධියට පත්ව ඇත. අද සෞදි අරාබියාව ලෝකයේ ජ්‍යෙෂ්ඨ නායකයින්, දේශපාලනඥයන්, මූල්‍යවේදීන් සහ ආර්ථික විද්‍යාඥයින් සඳහා වැදගත් ස්ථානයක් බවට පත්ව ඇත.

සෞදි අරාබියේ රියාද් අගනුවර බහුජාතික සමාගම් තම මූලස්ථානය පිහිටුවීමට කුමරු කළ ඉල්ලීම මත බොහෝ සමාගම් සිය මූලස්ථානයන් පිහිටුවා ගෙන ඇත. මෙලෙස කුමරු විවිධ උපක්‍රම සහ උපාය මාර්ග සමඟ සෞදි අරාබියේ අහස ආලෝකමත් කරමින් සිටියි.

තත්ත්වය මෙසේ තිබිය දී, සෞදි අරාබිය තාක්ෂණික අධ්‍යාපනයේ සහ වෘත්තීය පුහුණුවේ ලෝකයේ ප්‍රමුඛයා බවට ද පත්ව ඇත. අභ්‍යවකාශයට යා හැක්කේ සංවර්ධනය වෙමින් පවතින රටවලට පමණකි යන තත්ත්වය වෙනස් කරමින් අපි කම්මැලි මිනිසුන් නොවෙමු යන පදනම මත සෞදි විරුවන් පුහුණු කර අභ්‍යවකාශයට යවා සාර්ථකත්වය හිමි කරගත් ඔහු තම රටේ සිසුන් රජයේ වියදමින් විවිධ කේෂ්ත්‍රයවල දැනුම හදාරා සාර්තකත්වය ලබා ගැනීමට සලස්වා ඇත. ඒ හරහා සෞදි අරාබියාව ද පර්යේෂණ අතින් ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටක් බවට පත්ව ඇත. ජාත්‍යන්තර වශයෙන් පවත්වන ලද නවෝත්පාදන තරඟ රැසකින් ප්‍රථම සහ දෙවන ස්ථාන දිනාගත් සෞදි අරාබිය, පුද්ගලයින් 100 දෙනෙකු සහභාගී වූ ජාත්‍යන්තර නවෝත්පාදන තරඟයකදී ප්‍රථම ස්ථාන 37 දිනා ගැනීමේ වාර්තාවක් හිමිකරගෙන ඇත. මෙහි ගෞරවය හිමිවන්නේ මුහම්මද් බින් සල්මාන් කුමරුටයි.

තවත් අතකින් සෞදි අරාබිය ලෝක ජනතාවගේ ගැටලු විසඳීමට කැපවී සිටියි. විශේෂයෙන්ම යුක්රේන-රුසියා ගැටුම, සුඩානය සහ පලස්තීනය සඳහා සාමකාමී විසඳුම් සෙවීමට කුමරු වෙහෙස නොබලා කටයුතු කරයි. එමෙන්ම යුද්ධයෙන් පීඩාවට පත් පලස්තීනය සුඩානයට පමණක් නොව යුක්රේන වැසියන්ට ද ටොන් ගණන් ආහාර ද්‍රව්‍ය යවමින් සිය මානුෂීයත්වය පෙන්වා ඇත. එබැවින් මුහම්මද් කුමරු ලොව සාමයේ දූතයා ලෙස බොහෝ දෙනා විසින් ඇඟයීමට ලක්ව සිටියි.

එලෙසම සුඩානයේ අභ්‍යන්තර ප්‍රශ්නය ඉතා ප්‍රවේශමෙන් හසුරුවා ගැටළුවට සම්බන්ධ දෙපාර්ශවයම සෞදි අරාබියට ආරාධනා කර සාමය ඇති කිරීම සඳහා කටයුතු කළ කුමරු සුඩාන සිවිල් යුද්ධයට සම්බන්ධ රටවල් රැසක කොටු වී සිටි තුන්දහසකට අධික පිරිසක් නිරුපද්‍රිතව සෞදි අරාබියට ගෙන්වා, ඔවුන්ට අවශ්‍ය ආහාර, බෙහෙත්, නවාතැන් ඇතුළු සියලු පහසුකම් සපයා නිරුපද්‍රිතව ඔවුන්ගේ රටවලට යවා ඇත. එහි ගෞරවය ද හිමි වන්නේ ඔහුට ය.

එලෙස සුඩානයේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් සියයකට අධික පිරිසක් නිරුපද්‍රිතව බේරාගෙන කොළඹට එවා ඇත. ඔවුන් සම්බන්ධයෙන් සෞදි අරාබියේ විදේශ අමාත්‍ය ෆයිසාල් බින් බුර්හාන් ආල සවූද් මහතා විදේශ අමාත්‍ය අලි සබ්රි සමඟ අදහස් හුවමාරු කර ගැනීමටත් තොරතුරු ලබාදීමටත් මඟ හැරියේ නැත.

මේ තත්ත්වයේ, සෞදි අරාබිය තරම් මානුෂීය රටක් වෙනත් නැත. සෞදි අරාබියාව ලෝකය බොහෝ සේ ජයගෙන ඇත. පලස්තීන ප්‍රශ්නයට රාජ්‍ය තාන්ත්‍රිකව කටයුතු කිරීමට මුහම්මද් කුමරු දැඩි වෙහෙසක් දරයි. මේ සඳහා සෞදි සංවිධානයේ සමුළු රැසක් පවත්වා ඇත. මුහම්මද් කුමරු සහ සෞදි විදේශ අමාත්‍ය ෆයිසාල් බින් බුර්හාන් ආල සවුද් පලස්තීන ප්‍රශ්නය සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයන්තයන් අඛණ්ඩව කරගෙන යමින් සිටියි.

එමෙන්ම සල්මාන් රජුගේ සහ මුහම්මද් කුමරුගේ විශේෂ ඉල්ලීම මත ඔවුන් දෙදෙනා ඇතුළු සෞදි අරාබියේ සියලුම ජනතාව දැවැන්ත පරිත්යාග එකතුවකට සම්බන්ධ වී විපතට පත් පලස්තීන ජනතාවට සහන සලසමින් සිටියි. ආහාර, ඖෂධ, කූඩාරම්, ගිලන් රථ වැනි මානුෂීය ආධාර විශාල ප්‍රමාණයක් එම ප්‍රදේශයට යවා ඇත.

එසේම, සෞදි අරාබියේ භාණ්ඩ ප්‍රවාහන නෞකා අටකින් සහන භාණ්ඩ ටොන් 1000ක් යවා තිබියදීත් භාණ්ඩ ප්‍රවාහනය කරන ගුවන් යානා සහ දැවැන්ත ට්‍රක් රථ 100කට අධික ප්‍රමාණයකින් මානුෂීය ආධාර තවදුරටත් එවමින් තිබෙන බව පෙන්වා දිය යුතුය.

එමෙන්ම රටක් දියුණු වෙන්න අවශ්‍ය නම් ඒ රටේ දූෂණය තුරන් කළ යුතුයි. ඒ බව දැනගත් කුමරු වැඩ භාර ගත් පසු දූෂණය නැති කිරීමට කටයුතු කළේය. රජ පවුලට අයත් කෙනෙකු වුව ද ඔහු විසින් සිදු කරන ලද අවභාවිතයන් පවා ඔවුන්ගෙන් බලෙන් ලබා රටේ භාණ්ඩාගාරයට එකතු කළේය. මේ හරහා රටට අහිමි වූ රියාල් බිලියන ගණනක් ආපසු ලැබුණි. මෙය රටේ ජනතාවගේ නොමසුරු ආදරයත් සහයෝගයත් ඔහුට ලබා දුනි. දූෂණ විරෝධී ව්‍යාපාරයට නායකත්වය දුන් කුමරා සොරකම් කළ හෝ වංචා කළ දේශයේ සියලු මුදල් ආපසු අයකර ගැනීමට ද පියවර ගෙන ඇත.

අනෙක් අතට, කුමරු නිලයට පැමිණි පසු, තම රටේ ත්‍රස්තවාදය සහ මත්ද්‍රව්‍ය යනාදී සියලු අපරාධ තුරන් කර ඇත. ඔහු කලාපීය හා ගෝලීය මට්ටමින් අන්තවාදයට හා ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරන රටවල් 44කින් සමන්විත විශාලතම ඉස්ලාමීය හමුදා සන්ධානයේ වැදගත්ම නායකයා ද වේ.

කුමරු සෞදි අරාබියේ ස්ථාවරය ගෝලීය වශයෙන් සහ කලාපීය වශයෙන් ශක්තිමත් කර ඇති අතර දේශීය හා ජාත්යන්තර මට්ටමින් බොහෝ රාජ්‍යතාන්ත්‍රික ජයග්‍රහණ ද ලබා ඇත. මෙය සංවර්ධිත රටවල් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කර ගැනීමට බෙහෙවින් දායක වී ඇත.

කුමරු නිතරම සඳහන් කරන කරුණක් මේ අවස්ථාවේදී සිහිපත් කිරීම සුදුසු යැයි සිතමි. එනම්, “සෞදි අරාබිය දැන් භූමියේ වඩාත්ම බලගතු රටවලින් එකකි.”

ලොවෙහි කවුරු හෝ වේවා තමන්ගේ දේශයේ ත්‍රස්තවාදය, මත්ද්‍රව්‍ය, අපරාධ හා දූෂණය නැති කොට තමන්ගේ රට දියුණුවේ මාවත වෙතට ගෙන යාමට අවශ්‍ය නම්, ඒ සඳහා වන හොඳම ආදර්ශය සෞදි අරාබියේ මුහම්මද් බින් සල්මාන් කුමරුය.

මේ අනුව, මුහම්මද් බින් සල්මාන් කුමරු සිය පියා සල්මාන් රජු සමඟ සෞදි අරාබිය සහ එහි ජනතාව නූතන යුගයට ඔසවා තබන්නටත් ඔවුන් ප්‍රගතියේ මාවත වෙත යොමු කිරීමටත් කැපවීමෙන් කටයුතු කරති. ඔහු නූතන සෞදියේ අද්විතීය නිර්මාණ ශිල්පියෙකු බව පැවසීම අතිශයෝක්තියක් නොවේ.

අෂ්-ෂෙයික් ෂෙයිහුද්දීන් මදනි (BA)
අධ්‍යක්ෂක,
අල් හික්මා සුබසාධක සංගමය.
කොළඹ.

Post Views: 20,141
Previous Post

අද ඕනෑම අයෙකුට මහමග බැස දේශපාලනය කිරීමට අවස්ථාව ඇති බව ජනපති කියයි

Next Post

DFCC බැංකුව CPM Best Management Practices Company Awards 2024 හිදී සම්මාන තුනකින් පිදුම් ලබයි

editor ttvnews

editor ttvnews

Next Post
DFCC බැංකුව CPM Best Management Practices Company Awards 2024 හිදී සම්මාන තුනකින් පිදුම් ලබයි

DFCC බැංකුව CPM Best Management Practices Company Awards 2024 හිදී සම්මාන තුනකින් පිදුම් ලබයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved