• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මෙහෙදී කෑගහන අය ඉන්දියාවේදී සද්ද නෑ – ඇමැති කිරිඇල්ල

17 September 2018
in දේශීය
ශ්‍රී ලංකාවේදී මත්තල ගුවන් තොටුපල ඉන්දියාවට දෙන එකට විරුද්ධව කෑ ගහන අය ඉන්දියාවේ නායකයෝ මුණගැහිල එ්කට විරුද්ධ නෑ කියලා ප්‍රකාශ නිකුත් කරන බව රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. 
 
අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහනුවර නාගරික මන්ත්‍රී රාජා පුෂ්පකුමාර මහතාගේ මහජන සම්බන්ධීකරණ කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට අද (17) දින එක් වෙමින්. 
 
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා “ මහින්ද රාජපක්ෂ අධිවේගී මාර්ග ඉදිකරන විට සියළු කොන්ත්‍රාත් ලබාදුන්නේ විදේශීය සමාගම්වලට. කටුනායක, දකුණ අධිවේගී මාර්ගවල කිසිඳු ඉදිකිරීමක් දේශීය සමාගම්වලට ලබාදුන්නේ නැහැ. මධ්‍යම අධිවේගී මාර්ගයේ එක් අදියරක් හෝ දේශීය ඉදිකිරීම් කරුවන් මඟින් ඉදිකිරීමේ අදහස ඇමතිවරයා ලෙස මට තිබුණා.  එ් අනුව මුලින් ආසියානු සංවර්ධන බැංකුව මඟින් ඉදිකිරීමට නියමිතව තිබූ කි.මී.40ක් දිග එහි දෙවන අදියර ලාංකීය ඉදිකිරීම් කරුවන් 16 දෙනෙකු හට පිරිනමන්නට අපි තීරණය කලා. එ් අනුව අපේ රටේ ඉදිකිරීම් කරුවන් විසින් ඉදිකිරීම් සිදුකරන මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර ඉතාමත් කඩිනමින් අවසන් වෙමින් පවතිනවා. එළඹෙන අගෝස්තු මාසය වන විට එහි ඉදිකිරීම් අවසන් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එ් අනුව කටුනායක සිට මීරිගමටත් මීරිගම සිට කුරුණෑගල හරහා මහනුවරටත් නව මාර්ගයක් ඉදිරියේදී විවෘත වෙනවා. එ් සමඟින් පලාතේ විශාල දියුණුවක් ඇති වෙනවා වගේම ඉඩම් වල වටිනාකමත් අති විශාල ප්‍රමාණයකින් වැඩි වෙනවා. නමුත් විදේශීව සමාගම් මඟින් සිදුකෙරෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු සහ තෙවන අදියරේ ඉදිකිරීම් තවමත් සිදුවන්නේ ඉබිගමනින්. එ් වගේම වසර ගාණක් මුල්ගල් පහක් තියමින් මඟහැරපු හල්ලොලූව පාලම මේ වනවිට ජනතා අයිතියට පවරලා තියෙනවා. මහනුවර නඟරයේ තදබදය අවසන් කිරීමේ අරමුණින් තැන්නේකුඹුරේ සිට සුදුහුම්පොල දක්වා උමං මාර්ගයක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී තියෙනවා. කොරියානු රජය මෙම උමඟ ඉදිකිරීමට ඉතාමත් කැමැත්තෙන් ඉන්නේ. මේ වසර 3ට ඉතාමත් විශාල වැඩකොටසක් අපේ රජය සිදුකර තිබෙනවා. යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය. 

 

Post Views: 8
Previous Post

සුහුරු කෘෂිකර්ම ව්‍යාප්ති ආදර්ශ වැඩමුළුව ඇරඹේ

Next Post

අපි ආණ්ඩුව ගන්නවා – එජාප මහ ලේකම්ගෙන් ප්‍රකාශයක්  

editor

editor

Next Post

අපි ආණ්ඩුව ගන්නවා - එජාප මහ ලේකම්ගෙන් ප්‍රකාශයක්  

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved