• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මේ අවුරුද්දේ ආණ්ඩුවේ වෙනසක් නෑ – ඇමති ප්‍රසන්න

25 April 2024
in දේශීය, පුවත්
මේ අවුරුද්දේ ආණ්ඩුවේ වෙනසක් නෑ – ඇමති ප්‍රසන්න
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නිලධාරින් හිතන් ඉන්නවා නම් ආණ්ඩුව වෙනස් වෙනවා කියලා එහෙම නොවන බවත් මේ අවුරුද්දේ තියන්නේ ජනාධිපතිවරණය පමණක් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගම්පහ මහ නගර සභාවේ පැන නැගී ඇති ගැටලු විසඳීම සදහා ගම්පහ මහ නගර සභාවේ ඊයේ (24) පැවති සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව හෙතෙම පැවසිය.

ඔහු අවධාරණය කරන්නේ නිලධාරින් සිදු කරන එවැනි වැරිදි නිසා අවසානයේ ජනතාවගෙන් චෝදනාවට ලක්වන්නේ දේශපාලන්ඥයින් බවයි.

අදවන විට ඇතැම් රාජ්‍ය ආයතනවල නිලධාරීවාදය නිසා සංවර්ධන වැඩසටහන් නතර වී ඇති බවද හෙතෙම පැවසීය.

2023 වසරේදී ආරම්භ කළ නඩත්තු ව්‍යාපෘතිවල තත්ත්වය මෙහිදී අමාත්‍යවරයා විසින් නාගරික ගම්පහ නාගරික කොමසාරිස් තුමියගෙන් විමසා සිටියේය. එහිදී නාගරික කොමසාරිස්තුමිය කියා සිටියේ 2023 වසරේදී ආරම්භ කළ නඩත්තු ව්‍යාපෘති 33න් 15ක වැඩ මේ වනවිට අවසන් වී ඇති බවයි. 2023 වසරේදී ආරම්භ කළ නඩත්තු ව්‍යාපෘති මේ වසරේ මාස හතරක් ගතවන තුරු අවසන් කිරීමට නොහැකි වීම ගැන අමාත්‍යවරයාගේ අප්‍රසාදයට ලක් විය.

ඉතිරි නඩත්තු ව්‍යාපෘති පටන් ගන්නා දිනය අවසන් කරන දිනය කවදාදා යන්න පිළිබඳව තමන්ට ලබන සඳුදා වනවිට වාර්තාවක් ලබා දෙන ලෙසත් එම නඩත්තු ව්‍යාපෘතිය ජුනි මස අවසන් වීමට පෙර අවසන් කරන ලෙසත් අමාත්‍යවරයා ගම්පහ නාගරික කොමසාරිස්වරියට උපදෙස් දුන්නේය.

මෙම ව්‍යාපෘති පමා වීමට හේතුව නිළධාරීන්ගේ දුර්වලතා බව කී අමාත්‍යවරයා එවැනි නිළධාරීන් ඉවත්කර වැඩකළ හැකි නිළධාරීන් සමඟ ඉදිරි වැඩකටයුතු කරගෙන යාමට තමන් සූදානම් බවද සදහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා “ 2023 වසරේදී ආරම්භ කළ මෙම නඩත්තු ව්‍යාපෘති අද වෙනකන් අවසන් කරලා නෑ. මේ ගැන මහජනතාව වගේම නගර සභාවේ හිටපු මහජන නියෝජිතයන්ගෙනුත් මට පැමිණිලි ලැබිලා තිබෙනවා. ට්‍රැක්ටර් පහක් නගර සභාවට තියෙනවා. එයින් එක ට්‍රැක්ටරයයි අද වෙනකොට වැඩ කරන්නේ කියනවා. ඇයි ඉතිරි ට්‍රැක්ටර් හතර හදා ගන්න මේ වෙනකන් බැරි වුණේ. ගම්පහ අනෙක් පළාත් පාලන ආයතනවලින් මෙවැනි ගැටළු එන්නේ නෑ. ගම්පහ ප්‍රාදේශීය සභාව, මිනුවන්ගොඩ නගර සභාව, ප්‍රාදේශිය සභාවේ වැඩ කටයුතු නිසි ආකාරව සිදු වෙනවා. සංවර්ධන ව්‍යාපෘති හරියාකාරව සිදුවෙනවා. ඒත් ගම්පහ නගර සභාවේ වැඩ හැමදාම ප්‍රමාදයි. ඒ නිලධාරින්ගේ දුර්වලකම් නිසයි. නිලධාරින් හිතාමතාම මෙය පරක්කු කරනවා. නගරසභාව ගන්න තීන්දු තීරණ නිසි පරිදි ක්‍රියාත්මක වෙන්න ඕන. නිළධාරීන් වැඩ කරන්නෙ නැති වුණාම මිනිස්සු බණින්නේ අපිට. නිලධාරින්ගේ ප්‍රමාදය නිසා අද රජයට කොච්චර පාඩු සිද්ධ වෙනවද. සම්බන්ධිකරණ කමිටුවේ ගන්න තීන්දු තීරණ ගැන නිලධාරින් අහගෙන ඉන්නේ නෑ. ගන්න තීන්දු නිකන් කතා කරලා ගන්න තීන්දු නෙමෙයි. තීන්දු ගත් ලේඛන තියෙනවා. දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ අනුමැතිය හිමි වූ වහාම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ව්‍යාපෘති අපි පළාත් පාලන වලට එවනවා. නිලධාරින්ගේ වගකීම තමයි ඇස්තමේන්තු හදලා සුදානම් වෙලා තියන් ඉන්න එක. අනුමැතිය ආපු ගමන් වැඩ පටන් ගන්න පුළුවන්. මෙතැන ලොකුම වැරැද්ද වැඩ කරනකොට සම්බන්ධිකරණයේදී සිදුව ඇති ගැටළුවක්. ඒවා හදාගන්න ඕනේ. නිලධාරින් හිතන් ඉන්නවා නම් ආණ්ඩුව වෙනස් වෙනවා කියලා. නෑ ආණ්ඩුව තියෙනවා මේ අවුරුද්දේ තියන්නේ ජනාධිපතිවරණය විතරයි. ලංකාවේ හැම දිසාපති නෙනෙකුටම යවලා තියෙන චක්‍රලේඛනයේ තියෙනවා ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වැඩපිළිවෙල හැම දිස්ත්‍රික්කයකම අනුගත කර ගන්න කියලා. නිලධාරින් මහන්සි වෙලා වැඩ කරපු නිසයි අද ඒ දේ වෙලා තියෙන්නේ. සමහර නිලධාරින් හිතාමතාම මේක ප්‍රමාද කරනවා. මම කියන්නේ බැරි අයව අයින් කරලා වැඩ කරන්න පුළුවන් පිරිසක් තියන්න කියලා. අපි ගමනක් යනකොට වැඩ කරන්න පුළුවන් පිරිසක් ඉන්න ඕනේ. ඇතැම් රාජ්‍ය ආයතනවල දේශපාලන්ඥයාට ඇතුළු වෙන්න බෑ කියලා මතයක් තියෙනවා. එහෙම වෙන්න බෑ. මොකද දේශපාලන්ඥයා කියන්නේ මේ රටේ පුරවැසියෙක්. අද පළාත් පාලන ආයතවල දේශපාලන අධිකාරිය නැති නිසා නිලධාරීවාදය ඇති වී වැඩ කරන්නේ නෑ. සල්ලි පස්සේ විතරයි දුවන්නේ. දේශපාලන අධිකාරිය මහජනතාව වෙනුවෙන් පෙනී සිටිලා කතා කරපු එක අද සිද්ධ වෙන්නේ නෑ. අපි ක්‍රමවේදයක් හදලා තියෙනවා ක්‍රමවේදය කඩිනම් කරගෙන ව්‍යාපෘති ටික ඉක්මනින් අවසන් කිරීමයි අපේ බලාපොරොත්තුව වන්නේ යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට ගම්පහ මහ නගර සභාවේ හිටපු නගරාධිපති එරංග සේනානායක, බස්නාහිර පළාත් පාලන සහකාර කොමසාරිස් එන්.බී.ආර්.වී.ප්‍රනාන්දු, ගම්පහ නාගරික කොමසාරිස් සුලෝචනා බාලසූරිය, හිටපු පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් ගුණවර්ධන මහත්වරුන් ද හිටපු නාගරික මන්ත්‍රීවරුන් , රාජ්‍ය නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Post Views: 9,593
Previous Post

අවශ්‍ය වේලාවට වෙපන් එක පාවිච්චි කරන්න… හරි දේ වෙනුවෙන් පෙනී සිටිනවා – ඇමැති ටිරාන්

Next Post

මෛත්‍රීපාලගෙන් අමරවීරට එන්තරවාසියක්… රුපියල් මිලියන 1000 ක වන්දියක් ඉල්ලයි

editor ttvnews

editor ttvnews

Next Post
මෛත්‍රීපාලගෙන් අමරවීරට එන්තරවාසියක්… රුපියල් මිලියන 1000 ක වන්දියක් ඉල්ලයි

මෛත්‍රීපාලගෙන් අමරවීරට එන්තරවාසියක්... රුපියල් මිලියන 1000 ක වන්දියක් ඉල්ලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved