• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටට අලුත් ආරම්භයක් නැත්තේ පාලකයින් මැතිවරණය හිරකරගෙන ඉන්න නිසයි – කේ.ඩී. ලාල්කාන්ත

22 June 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පළාත් පාලන, පළාත් සභා, මහ මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් ජාතික ජන බලවේගය දිනනවාය කියන තහවුරුව රටේ තිබෙන තුරු මොන ඡන්දයක්වත් ලේසියෙන් තියන්නේ නැති බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

ඒ් මහතා මේ බව පැවසුවේ ඊයේ (20) අනුරාධපුරයේ පැවැති ජනහමුවක් අමතමිනි.

එහිදී අදහස් දැක් වු කේ.ඩී. ලාල්කාන්ත මහතා “ අනුරාධපුර දිස්ත්‍රික්කයට තිබෙන එකම මහ නගර සභා භූමියේ අපි ඉන්නේ. මාර්තු 09වැනිදා පළාත් පාලන මැතිවරණය තිබුණා නම්, නගරාධිපති අපේ වසන්ත සමරසිංහ සහෝදරයා. මේ නගරයේ ජනතාවටත් රටේ ජනතාවටත් අලුත් දේශපාලන ගමනක් යාමට තිබුණු අවස්ථාව පාලකයන් විසින් නතර කර තිබෙනවා. අවුරුදු 75ක් පැමිණි ගමන වෙනස් කරලා අලුත් ගමනක් යන්න පදනම දැමීමට තිබූ අවස්ථාව නැවැත්වූ රනිල් රාජපක්ෂ පාලනයට ඒ වන්දිය ගෙවන්න වෙනවාමයි. ඒගොල්ලන්ට කියන්න ඕනෑ, ජනතාවගේ අයිතිවාසිකම් නැතිකරලා, බයෙන් ජීවත් වෙයල්ලා. දැන් ඉන්නේ ඡන්දවලින් පැනලා ගිහිල්ලා ජනතාවගෙන් හැංගිලා බයෙන්. ජාතික ජන බලවේගය ඡන්දවලින් දිනලා රටේ තිබෙන ප්‍රධාන සටන් පාඨ තුනෙන් පළමුවන සටන් පාඨය, “හොරු පන්නමු”, කියන සටන් පාඨය. මේ වන විටත් ආරම්භක පියවර තියලා. දෙවැනි සටන් පාඨය වන “හොරුන්ට දඬුවම් දෙමු” කියන එකත්, බිම් මට්ටමින් ආරම්භ කරලා. “හොරා කාපු ධනය නැවත පවරා ගම්මු” කියන තුන්වෙනි සටන් පාඨයත් නැවත පටන්ගෙන. ඡන්ද කල්දැමීම විසින් මේ ක්‍රියාමාර්ග තුන නතර කරලා තියෙන්නේ. රට පුරාම මේ විදිහට දිස්ත්‍රික්කවලට ආසනවලට ගිහින් අපි කියන්න ඕනෑ පාලකයන්ට මේ පෙළගැස්ම හදාගෙන ජාතික අරගලයකට එන බව. එදාට නුඹලාට මේක දාලා යන්න වෙනවා. අපට ඡන්දය තියන්න වෙන්නේ මුන්ව පන්නලා ජනතාවගේ බලයක් යටතේ. ඡන්දය ලබා දීපල්ලා කියලා බලකරන්නත් ඕනෑ. අපේ මේ අයිතිය දෙන්නේ නැතිනම් මුන්ව පන්නලා එහෙම දේකට වුණත් ලැහැස්තියෙන් ජනතාව පෙළගස්වන වැඩසටහනයි මේ කරගෙන යන්නේ. පනතට අනුව රටපුරා කිසිම පළාත් පාලන ආයතනයක සභිකයෝ නැතිව යන්න බැහැ. නමුත් නීතිය මුළුමනින්ම උල්ලංඝනය කරලා ව්‍යවස්ථාවට පයින් ගහලා රනිල් රාජපක්ෂලා, පාලනය ගෙනයනවා. එහෙම නම්, මේ නීති විරෝධී, ව්‍යවස්ථා විරෝධී පාලනය පන්නන්න ඕනෑ. ඒ වගේම සභිකයෝ නැතිව රට කරගෙන යනවා නම්, අධිකරණයට යන්න ජනතාවට අයිතියක් තිබෙනවා. අපි අධිකරණයට ගියා. ඡන්දයට සල්ලි මුදාහරින්න කියලා අධිකරණ තීන්දුවක් දුන්නා. අධිකරණය එහෙම තීන්දුවක් දී තිබියදී ඒ තීන්දුවට පයින් ගහලා අධිකරණයට අපහාස කරලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගරු නොකරන පාලනයක් තිබෙන්නේ. ව්‍යවස්ථාව කඩලා, පළාත් පාලන නීති උල්ලංඝනය කරලා යන මේ ගමන භයානකයි. දින නියමයක් නැතිව සභිකයෝ හිස්කරලා යන ගමන තවත් භයානකයි. මේ කරුණු දෙක විතරක් සැලකිල්ලට ගත්තත්, පාරට බැහැලා සටන් කරලා, අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය දිනා ගැනීම අත්‍යවශ්‍යයි. රටට අලුත් ආරම්භයක් ගන්න විදිහක් නැතිව ඉන්නේ මේ පාලකයින් මැතිවරණය හිරකරගෙන ඉන්න නිසයි. අනික් මැතිවරණවලටත් දැන් අභියෝගයක් එමින් තිබෙනවා. ජනමත විචාරණ කතා කියන්නේ, 1982 ජේ.ආර්. ජයවර්ධන ජනමත විචාරණයක් තියලා හොර ඡන්දවලින් දිනලා පාර්ලිමේන්තු මැතිවරණය කල්දැම්මා. එදා සංවර්ධන සභා ඡන්දයේදී විශේෂයෙන් යාපනයේත් රට පුරාමත් භීෂණයක් හැදුවා. පරදී කියන හැමතැනකම, සෑම මොහොතකම රනිල්ලා භීෂණය මුදාහැරලා ඡන්ද කඩාකප්පල් කරලා, පක්ෂ තහනම් කරලා ඡන්දවලින් පැනලා ගියා. දැන් තව පැත්තකින් ජනාධිපතිවරණයක් ගැනත් කියනවා. පොහොට්ටුවේ 2/3ක ඡන්දය අරගෙන රනිල්ට ජනාධිපති වෙන්න පුළුන් කියලා ඉක්මන් ජනාධිපතිවරණයක් ගන්නවාලු. පළාත් පාලන ඡන්දයට පයින් ගහලා වෙනත් ඡන්ද ගැන කතා කිරීම ගැන අපි ආණ්ඩුවට කියන්නේ දින නියමයක් නැතිව කල්දමා තිබෙන පළාත් පාලන ඡන්දය වහාම තියපල්ලා කියලා. මේ ගොල්ලෝ ලෙහෙසියෙන් පළාත් පාලන, පළාත් සභා, මහ මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් දෙන්නේ නැහැ. ජාතික ජන බලවේගය දිනනවාය කියන තහවුරුව රටේ තිබෙන තුරු මොන ඡන්දයක්වත් ලේසියෙන් තියන්නේ නැහැ. බලෙන් ගන්න වෙන්නේ. අවුරුදු 75ක් රට පාලනය කළ අයගේ ගමන අවසන් බව දැක දැක ජනතාවට බලය ගන්න ඡන්දයක් දෙන්නේ නැහැ. ලොකු සටනක් කරලා, කඩ සාප්පු වහලා හර්තාල් කරලා, මහජනතාව එකාවන්ව පාරට බැහැලා, ඡන්දය ලබාගන්න වෙන්නේ. අපි හර්තාල් කිහිපයකටත් ලැහැස්ති වෙමු. වෘත්තීය සමිති ව්‍යාපාරය, ගොවි ව්‍යාපාරය, ශිෂ්‍ය ව්‍යාපාරය, කාන්තා සංවිධාන, ඇතුළු වෙළඳ සංගම් සංවිධාන එකතු කරගෙන රනිල් රාජපක්ෂලා යන මේ පාලනය පළවා හැරීමේ අඛණ්ඩ අරගලයක් අපිට තිබෙනවා. අවුරුදු 75ක ඉතිහාසයේ ඒගොල්ලන්ගේ අන්තිම මොහොත වගේම අපේ ජයග්‍රාහී මොහොතත් අපි අත්හරින්නේ නැහැ කියලා රනිල් රාජපක්ෂලාට කියනවා. ඒ නිසා අපි කවුරුත් ජනමතය ආරක්ෂා කර ගනිමින් තවදුරටත් සංවිධානය විය යුතු තැන් සංවිධානය කරමින් රටපුරාම ජනතාව බහුජන අරගලයකට සංවිධානය කරමු. ඒ වෙනුවෙන් අපි හැමදෙනාම අධිෂ්ඨානයෙන් පෙරට එමු යැයි කේ.ඩී. ලාල්කාන්ත මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 1
Previous Post

ඒකාංගික ටෙලි නාට්‍ය සහ ඉංග්‍රීසි කෙටි චිත්‍රපට තරගාවලියක්

Next Post

අලියාන්ස් ලංකා සමාගම වෙතින් රත්නපුර හිග්ගස්වත්ත ප්‍රාථමික විද්‍යාලයට පිරිසිදු පානීය ජල පහසුකම්

editor

editor

Next Post

අලියාන්ස් ලංකා සමාගම වෙතින් රත්නපුර හිග්ගස්වත්ත ප්‍රාථමික විද්‍යාලයට පිරිසිදු පානීය ජල පහසුකම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved