• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අපි යන පාරට එහා වෙනත් පාරක් තියෙන්න විදියක් නෑ – මන්ත්‍රි වජිර

10 February 2024
in දේශීය, පුවත්

වත්මන් ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙලට වඩා වෙනත් විකල්ප නොමැති බවත් තමන්ගේ දේශපාලන බලය හෝ තනතුරු ලබා ගැනීම සඳහා, තමාගේ වෙනත් තිබෙන සිහින සැබෑ කර ගැනීම සඳහා සමස්ත මහජනතාව අමාරුවේ නොදමා දැමිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (09) දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

එහිදි වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මෙසේ අදහස් පල කලේය “ නිදහසින් පසුව අවුරුදු 75 ට ආසන්න කාලයක් සම්පූර්ණයෙන් බොහෝ අය කියනවා අසාර්ථක කටයුත්තක් කළා කියලා. ඒකෙන් කාටවත් මේ සභාවේ ඉන්න, පැනලා යන්නත් බෑ, සභාවෙන් පිට අයට පැනලා යන්නත් බෑ. සියලු දෙනා මේකෙ කොටස් කරුවන්. උදාහරණයක් හැටියට මේ රටේ තියෙන සියලු දේශපාලන පක්ෂ මේකෙ කොටස් කරුවන්. ජනතා විමුක්ති පෙරමුණ ගත්තත් අමාත්‍යංශ 8 ක් දරණවා. කෘෂිකර්ම අමාත්‍යංශය, කර්මාන්ත අමාත්‍යංශය, ඒ වගේම ධීවර අමාත්‍යංශය, එතකොට අමාත්‍යංශ 4 කුත් නියෝජ්‍ය ඇමතිකම් 4 කුත් දරලා තිබෙනවා. එහෙනම් සියලු දෙනා මේකෙ කොටස් කරුවන් හැටියට තමයි මේ සිදුවුණු ක්‍රියාවලිය සිදුවෙලා තිබෙන්නේ. දැන් අපිට තියෙනවා ඒ ක්‍රියාවලියෙන් එහාට ගිහිල්ලා යන්න තියෙන පාරේ ලෝකයෙත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත්, ලෝක බැංකවත්, ආසියානු සංවර්ධන බැංකුවත්, ලෝකයේ ආධාර දෙන කණ්ඩායමත්, චීන ණය කණ්ඩායනුත්, එහෙම නැතිනම් ඉන්දියානු කණ්ඩායමත් සියලු දෙනා එකඟ කරගෙන යන්න. මේ යන පාරට එහා වෙනත් පාරක් තියෙන්න විදියක් නෑ. එහෙනම් එහෙම පාරක් නැතිව තමන්ගේ දේශපාලන බලය හෝ තනතුරු ලබා ගැනීම සඳහා, තමාගේ වෙනත් තිබෙන සිහින සැබෑ කර ගැනීම සඳහා සමස්ත මහජනතාව අමාරුවේ දැමීමේ ක්‍රියාවලිය යම් මහජන නියෝජිතයෙක් කරනවා නම් ඔහු ඒ වගකීම බාර ගත යුතුයි. ඒ වගකීම මේ අද වැටුණු රට ගොඩගන්න දායකත්වය දීපු ආණ්ඩු පක්ෂයේ සියලු මහජන නියෝජිතයන් එකතු වෙලා ඒකට සහයෝගය දුන්නා. ඇත්තවශයෙන් අද විරුද්ධ පක්ෂය කියලා ඉන්නේ අපේ මිත්‍ර, අපේම ආණ්ඩුවේ හිටපු කොටස්වල සාමාජිකයන්. එහෙනම් ඒ අය මේ සමාජයේ කවදාවත් පිළිගන්නෙ නෑ විරුද්ධ පක්ෂයක් හැටියට, ඒ නිසා තමයි අද නව විරුද්ධ පක්ෂයක් මතු වෙමින් තිබෙන්නෙ. ඒ නිසා ඒ අය ආණ්ඩුවේ කොටසක් හැටියටයි ශ්‍රී ලාංකික මහජනතාව දකින්නේ. ඒ අය මේ රට 2015 ඉඳලා 2019 වෙනකල් පාලනය කරපු පාලක පක්ෂයේ කණ්ඩායමක්. ඒ කණ්ඩායම උත්සාහ කරනවා නම් විරුද්ධ පක්ෂය කියලා පෙනී හිටින්න ඒක ශ්‍රී ලාංකික මහජනතාව ප්‍රතික්ෂේප කරන බව හොඳට සිහියේ තබාගත යුතුව තිබෙනවා. එය අද ප්‍රදර්ශනය වෙලා තිබෙනවා. පාර්ලිමේන්තුවේ ආසන 3 ක් තිබුණත් ඒ ආසන 3 තිබෙන දේශපාලන පක්ෂය වෙනත් ගමන් මාර්ගයක ගමන් කරමින් තිබෙනවා. ඒ අයටත් අපි යෝජනා කරන්නේ කරුණාකරලා මේ ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා තිබෙන සාධාරණ යුක්ති සහගත පාරවල් කඩාකප්පල් කරන්නෙපා. කඩාකප්පල් කළොත් ඒ කඩාකප්පල් කරන අය මේ හැන්සාඩ් වාර්තා අනුවම සටහන් වෙලා ඒ අයගේ නම් ගම් හොඳින් සටහන් කර ගත යුතුව තිබෙනවා කවුද ඒ රට කඩා දැමීමේ ක්‍රියාවලිය සඳහා සම්බන්ධ වෙන කණ්ඩායම කියලා. සමහරු කියනවා අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඕන නෑ, අපට ලෝක බැංකුව ඕන නෑ, අපිට ආසියානු සංවර්ධන බැංකුව ඕන නෑ, අපි චීන ණය ගෙවන්නෙ නෑ, අපි ඉන්දියාවේ ණය ගෙවන්නෙත් නෑ, අපි එක ණයක් වත් ගෙවන්නෙ නැතිව රටවල් ගෙනියනවා කියලා. එහෙම කියන පිරිස් ඉන්නවා නම් මේ රටේ අනාගතය කඩාගෙන ආපහු වැට්ටුවොත් ඒ වගකීම ඒ අය බාරගන්න ඕන. ඒ වගකීම මේ ආණ්ඩු පක්ෂයටවත්, ඒ සඳහා සහයෝගය දෙන කණ්ඩායම් වලටවත් පැටවීම වැරදියි. ඒ නිසා ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙන විදියට සියලු දෙනා රට ගැන හිතලා ක්‍රියා කළ යුතුයි, මහජනතාව ගැන හිතලා ක්‍රියා කළ යුතුයි. එසේ නොමැතිව තමන්ට ලබා ගන්න තිබෙන තනතුරු හිතේ තියාගෙන රටක් විනාශ කිරීම සඳහා අපි අවුරුදු 75 ක් මේක කරලා තිබෙනවා. දැන් මේක නවත්වලා මේ රටේ අනාගත දියුණුව වෙනුවෙන් මහජනතාවගේ යහපත වෙනුවෙන්, මහජනතාවට බොරු ප්‍රකාශ නිකුත් කරලා මහජනතාව නැවත අමාරුවේ දැමීමේ ක්‍රියාවලිය නොකළ යුතුයි කියලා ප්‍රකාශ කරමින් මගේ අදහස් ප්‍රකාශ කිරීම නතර කරනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 19,563
Previous Post

සියලු පුරවැසියන්ට බදු ෆයිල් සැකසීම ප්‍රායෝගික නෑ – මන්ත්‍රී පාඨලි

Next Post

ආරක්ෂිත සහ සමෘද්ධිමත් ඉන්දියන් සාගරයක් වෙනුවෙන් එක්වෙමු – ජනපති

editor ttvnews

editor ttvnews

Next Post
ආරක්ෂිත සහ සමෘද්ධිමත් ඉන්දියන් සාගරයක් වෙනුවෙන් එක්වෙමු – ජනපති

ආරක්ෂිත සහ සමෘද්ධිමත් ඉන්දියන් සාගරයක් වෙනුවෙන් එක්වෙමු - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved