7 September 2024
#දේශීය #පුවත්

තිලංග, සජිත් එක්වෙන්න සාකච්ඡා

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන, සමගි ජන බලවේගය සමග සන්ධානගත වන්නට සාකච්ඡා අරඹන බව එහි මහ ලේකම් තිලංග සුමතිපාල මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (02) දිස්ත්‍රික් හා ආසන සංවිධායකවරුන් අතර පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

මෙහිදී තිලංග සුමතිපාල මහතා කියා සිටියේ පක්ෂය වශයෙන් සන්ධානගත වීමකදී ආසන සංවිධායකවරුන්ගෙන් අදහස් විමසන අතර එහිදී ජාතික ජන බල වේගය හෝ එජාපය සමග සාකච්ඡා කිරීමට බොහෝ දෙනාගේ අකමැත්ත මෙන්ම නුසුදුසු බවද අවධාරණය කළ බවයි.

මේ සම්බන්ධයෙන් අප සමගි ජනබලවේගයෙන් කල විමසීමකදී එහි දේශපාලන තොරතුරු ලබා දෙන්නෙකු අප වෙත පවසා සිටියේ තිලංග සුමතිපාල මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පලාත් පාලන හා පළාත් සභා නියෝජිතයින් සමගි ජනබලවේගයට එක්කරන බවත් එහි එකඟතාවය අනුව ඔහුට ජාතික ලැස්තුවෙන් පාර්ලිමේන්තු ඉදිරිපත් වීමට අවස්ථාව ලබා දෙන ලෙස දන්වා ඇති බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *