• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මේ ආණ්ඩුව විසින් මර්දනය කරන්නේ තෝරා ගත්ත පිරිසක් – තීක්ෂණ ගම්මන්පිල

7 September 2022
in දේශීය

මේ ආණ්ඩුව විසින් අරගලයෙන් පසු මර්දනය ක්‍රියාත්මක කරද්දී කාවද මර්දනය කරන්නේ කියන එක තෝරා බේරාගෙන මර්දනය කිරීමක් දක්නට ලැබෙන බව 43 සේනාංකයේ තරුණ අංශයේ ජාතික කැඳවුම්කරු තීක්ෂණ ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (07) කොලඹ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී තීක්ෂණ ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය ” මේ ආණ්ඩුව විසින් අරගලයෙන් පසු මර්දනය ක්‍රියාත්මක කරද්දී කාවද මර්දනය කරන්නේ කියන එක තෝරා බේරාගෙන මර්දනය කිරීමක් අපට දකින්න ලැබෙනවා. මේක විශාල ගැටළුවක්. ඉතින් අපි මේ සම්බන්ධව ඊයේ දිනයේ 43 සේනාංකයත් එක්ක සාකච්ඡාවක් පැවැත්වුණා අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය. මේ ශිෂ්‍ය බල මණ්ඩලය නියෝජනය කරන සහෝදරවරුන් ප්‍රකාශ කර සිටියෙත් ඔවුන් ඉලක්ක කරමින් දැඩි මර්දනයක් ක්‍රියාත්මක වෙනවා කියන එක. ඉතින් මේ අවස්ථාවේ ලංකාවේ සිටින සියලුම පුද්ගලයන්, ඒ වගේම සිවිල් චරිත, දේශපාලන පක්ෂ, සංවිධාන සියලු අයට වෙනම දේශපාලන ප්‍රතිපත්ති, මතයන් ඇති. නමුත් අපි ඒවා පැත්තකින් තියලා මර්දනයට විරුද්ධව ආණ්ඩුවට බලපෑම් කරන්න අපි පොදු වේදිකාවකට එන්න ඕනේ කියන කාරණාව මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. මොකද අපිට එකඟ වෙන්න පුළුවන් දේශපාලන කාරණා වලදී මේ සංවිධාන පක්ෂ, පුද්ගලයන් වෙනස් විදියට කටයුතු කරයි. නමුත් අපිට මර්දනයට විරුද්ධ කියන තැනදී ඕනම සංවිධානයක් එක්ක කටයුතු කරන්න පුළුවන් කියන කාරණාව, මේ අවස්ථාවේ අපි පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ. අපිත් අරගලයේ භූමියේ හිටියේ තරුණයෝ විදිහට. අපි එතන ගිහිල්ලා සංවිධාන උස්සන්න කටයුතු කරේ නෑ. ඒ තැන්වල අපි නියෝජනය දුන්නා. ඒ එකතු වෙලා අරගලය කරා හා සමානවම මේ මර්ධනයට ලක්වන මිනිස්සු, තරුණයෝ වෙනුවෙන්, අපි පෙනී හිටිනවා කියන කාරණාව මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. මේ මැයි 09 පස්සේ, අද වෙනකොට 3500 වැඩි පිරිසක් අත්අඩංගුවට අරන් තියෙනවා. රිමාන්ඩ් කරලා තියෙනවා 1200 වැඩි පිරිසක්. අපි මේ ආණ්ඩුවට කියන්නේ මේ ලැබෙන මද විරාමයේ නිකන් උඩ පනින්න සූදානම් වෙන්න එපා. අරගලය තාම ක්‍රියාත්මකයි. මේ රටේ උගත් මිනිස්සු, ජනතාව, බුද්ධිමත් ජනතාව ආණ්ඩුවට අවස්ථාවක් දීලා තියෙනවා නව පාලනයක් කරන්න. නමුත් ඒ අවස්ථාවේ මේ අනවශ්‍ය විදියට, එක එක පනත් ගෙනල්ලා මේ අරගලයේ නියැලුණු මිනිස්සු මර්දනය කරන්න උත්සාහ කරන්න එපා කියන එක ඉතා දැඩිව මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. අපි දැක්කා සිරස මාධ්‍යට ගැහුවා. රාජ්‍ය මර්දනය ක්‍රියාත්මක වුණා. ඒ වගේම නීතිවේදීන්, වෛද්‍යවරු, වෘත්තීයවේදීන්, තරුණයෝ, අම්මා, තාත්තා, පොඩි කිරි දරුවෝ පවා මේ අරගලයට සම්බන්ධ වුණා. ඒ තරම් මේ අර්බුදය උඩ තිබ්බ හින්දා. මෙවැනි සියලුම දෙනා අද ඉලක්ක කරගෙන අත්අඩංගුවට අරන්, මර්දනය කරන්න සූදානම් වෙනවා. ඒක නිසා, බුද්ධිමත්ව ආණ්ඩුව කටයුතු කරන්න ඕනේ කියන කාරණාව මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. යැයි තීක්ෂණ ගම්මන්පිල මහතා වැඩිදුරටත් අදහස් පල කලේය.

Post Views: 12
Previous Post

“Bankers on Bicycles” සමාරම්භක අදියර සඳහා ප්‍රධාන බැංකු ආයතන හතරක් එක්වෙයි

Next Post

හිටපු ජනපතිගේ මාධ්‍ය ලොක්කෝ ගත්ත බඩු දිලා නෑ !

editor

editor

Next Post

හිටපු ජනපතිගේ මාධ්‍ය ලොක්කෝ ගත්ත බඩු දිලා නෑ !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved