27 April 2024
#දේශීය

හිටපු ජනපතිගේ මාධ්‍ය ලොක්කෝ ගත්ත බඩු දිලා නෑ !

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති මාධ්‍ය අංශයේ පරිහරණය කල බොහෝ භාණ්ඩ ප්‍රමාණයක් යළි එම අංශයට භාර දී නොමැති බව වාර්තා වේ.

මෙම භාණ්ඩ අතර IPhone වර්ගයේ දුරකතනද , Apple Mac book  වර්ගයේ ලැප්ටොප් , පරිගණකද තිබු බව වාර්තා වේ. කෙසේ වෙතත් මේ වන විට අදාළ භාණඩ සම්බන්ධයෙන් විගණනයක් සිදු කරන අතර එම භාණ්ඩ රැගෙන ගිය අය පිළිබඳව ද සොයා බලන බව වාර්තා වේ.

එම භාණ්ඩ පරිහරණය කර ඇත්තේ ද ජනාධිපති මාධ්‍ය අංශයේ ඉහළ නිලධාරින් බව දැනගන්නට ඇත. 

මේ වන විට නව ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශයේ නිලධාරින්ට කටයුතු කිරීමට සිදුව ඇත්තේ ඔහුගේ පෞද්ගලික පරිගණක යන්ත්‍ර මගින් බව වාර්තා වේ. 

Leave a comment

Your email address will not be published. Required fields are marked *