• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නිරෝධායනය විය යුතු යැයි කියු සෞඛ්‍ය නිලධාරින් ගැන එහෙම කළේ මේ නිසයි

30 April 2020
in දේශීය

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 12 දෙනාට හට කොරෝනා වෛරසය මෙතෙක් ආසාදනය වී නොමැති බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා පවසයි.

කොළඹ මහ නගර සභාවට අනුයුක්තව සේවය කරන, කොළඹ 12 බණ්ඩාරණායක මාවතේ රාජකාරි කළ කොළඹ දිසා අංක 02 A සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවය කරන වෛද්‍යවරයෙකු සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 12 දෙනෙකු පසුගිය 29 වනදා සිය රාජකාරිවලින් ඉවත්ව ස්වයං නිරෝධායනයකට ලක්වන බවට සමාජ මාධ්‍යයන්හි පළ කර ඇත. ඔවුන් එයට හේතුව ලෙස පවසන්නේ අදාළ වෛද්‍යවරයාට සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හට ‍කෝවිඩ් ආසාදනය වී ඇතිදැයි පරීක්ෂා කිරීම සඳහා පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකරන ලෙස ප්‍රධාන සෞඛ්‍ය නිලධාරීවරයාගෙන් ඔවුන් ඉල්ලා තිබුණද, රෝග ලක්ෂණ පහළවූ පසුව පරීක්ෂා කිරීම් සිදුකළ හැකි බව පැවසීම හේතුවෙන් ඔවුන් මෙසේ ස්වයං නිරෝධායනයකට යෑමට තීරණය කර ඇති බවත්ය.

මේ සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා වැඩිදුරටත් මෙසේ අදහස් පල කර සිටියේය “ ඉහත කී වෛද්‍යවරයා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 12 දෙනා ඉතාමත් දැඩි අවධානමක් සහිත ප්‍රදේශයක් වූ කොළඹ බණ්ඩාරණායක මාවතේ කොළඹ 02 A සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවය කරන අයවලුන් බවත්, ප්‍රදේශයේ ආසාදිතයන් හඳුනා ගැනීමට, ඔවුන්ව රෝහල්ගත කිරිමට මෙන්ම, රෝගීන් ඇසුරුකළ පිරිස් නිරෝධායනයට ලක් කිරීම ඔවුන් විසින් සිදුකරනු ලැබූ බවත්ය. එම නිසා ඔවුන්ව කෝවිඩ් රෝගීන්ට බෙහෙවින් නිරාවරණය වූ බැවින් පී.සී.ආර්. පරීක්ෂණ 02 කට මොවුන් සියලු දෙනාම ලක්කරන ලද අතර මෙම වෛද්‍යවරයාගේ පමණක් පී.සී.ආර් පරීක්ෂණ 03 ක් සිදු කර ඇති බවත් එම පරීක්ෂණවලින් හෙලි වූයේ ඔවුන් හට කෝවිඩ් රෝගය වැලඳී නොමැති බවයි.

එසේ තිබියදී මොවුන්, අපිට බයයි කියා නැවත නැවතත් පී.සී.ආර්. පරීක්ෂණ පවත්වන ලෙස ඉල්ලා ඇති අතර ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා එය එසේ සිදුකළ නොහැකියි පවසා තිබේ.

එම නිසා ඔහු පවසා ඇත්තේ කිසියම් හෝ රෝග ලක්ෂණයක් තිබුනහොත් නැවතත් පරීක්ෂණයක් සිදු කරමු කියාය. ප්‍රධාන සෞඛ්‍ය නිලධාරීවරයා පැවසූ ආකාරයට මෙම වෛද්‍යවරයාට සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 12 දෙනා හට අවශ්‍ය වී ඇත්තේ ස්වයං නීරෝධායනය වීම සඳහායි . ඒ නිසා ඔවුන් ඊයේ (29) ස්වයං නිරෝධායනය වීමට අවශ්‍ය බව කියමින් ලිපියක් ප්‍රධාන සෞඛ්‍ය නිලධාරීවරයා වන රුවන් විජේමුණි මහතා හට බාර දී ඇත. එම පිරිස මේ වනවිටත් සේවයට වාර්තා කර නොමැති බව ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍යවරයා ප්‍රකාශ කලේය. 

 

 

දිලිනි සමන්මලි 

 

 

 

Post Views: 6
Previous Post

පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රී සියළු දෙනාට අගමැතිගෙන් කැඳවීමක්

Next Post

ජනතා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් මැතිවරණයට මුළිකත්වය දෙන්නේ නැත්තේ ඇයි? ජනපති – මංගලගෙන් අසයි

editor

editor

Next Post

ජනතා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් මැතිවරණයට මුළිකත්වය දෙන්නේ නැත්තේ ඇයි? ජනපති - මංගලගෙන් අසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved