දක්ෂිණ අධිවේගී මාර්ගයේ සුරියවැව පිවිසුම ආසන්නයේ අද (28) රාත්‍රී කාලයේදී සිදු වූ රිය අනතුරකින් තිදෙනෙකු තුවාල ලබා ඇඹිලිපිටිය මූලික රෝහල වෙත ඇතුළත් කර තිබේ.
අධිවේගී මාර්ගයේ ගමන් ගත් ටිපර් රථයක් එහි ආරක්ෂිත වැටේ ගැටී ඇති අතර, ඒ සමඟම පසුපසින් පැමිණි කොන්ක්‍රීට් මිශ්‍රණ රථයක් ටිපර් රථයේ පිටුපස තදින් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.
















