• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දුෂණයට පිටුපාන දේශපාලන චරිතවලටයි අද ජනතාව කැමැති – ජනපති

11 August 2018
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දූෂණය පිටුදකින, ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන විශිෂ්ට දේශපාලන චරිත අද දවසේ මේ රටේ ජනතාවගේ අපේක්ෂාව බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රබල කි‍්‍රයාකාරිකයෙකු වූ අභාවප‍්‍රාප්ත අමාත්‍ය එම්. කේ. ඒ. ඩී. එස් ගුණවර්ධන මහතාගේ පිළිරුව නිරාවරණය කිරීමේ අවස්ථාවට අද (10) පස්වරුවේ එක් වෙමින්.

දශක ගණනාවක් ශ‍්‍රී ලංකා දේශපාලන ක්ෂේත‍්‍රයේ රැදි සිටිමින්, සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරමින් ති‍්‍රකුණාමල දිස්ති‍්‍රක්කයේ ජනතාව වෙනුවෙන් පුළුල් සමාජ මෙහෙවරක් ඉටුකළ ජනතා නායකයෙක් වූ එම්. කේ. ඒ. ඩී. එස් ගුණවර්ධන මහතා අනුස්මරණය කරමින් කන්තලේ නගර ශාලා භූමියේ මෙම පිළිරුව ස්ථාපිත කර තිබේ.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා වදුරටත් ප‍්‍රකාශ කළේ එම්. කේ. ඒ. ඩී. එස් ගුණවර්ධන චරිතය අවංක සහ විශිෂ්ට දේශපාලන චරිතයක් බවයි.

දූෂණයට විරුද්ධව සටන් කළ ගුණවර්ධන මහතා ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස තහවුරු කිරීමට කැපවූ නායකයෙකු බව ද ජනාධිපතිවරයා පැවසීය.

මෙවැනි අවංක විශිෂ්ට දේශපාලන චරිත හෙට දවසේ රටට වඩාත් අත්‍යාවශ්‍ය බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මේ අතර 2015 ජනවාරි 08 වැනිදා යුග පෙරළිය වෙනුවෙන් පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ තමා පිටුපස සෙවණැල්ලක් සේ රැදි සිටිමින් එතුමා ලබාදුන් ශක්තියත්, සැමදා තම සමීපතම දේශපාලන මිත‍්‍රයෙකු ලෙස ඉටුකළ භූමිකාවත් ජනාධිපතිතුමා මෙහිදී කෘතවේදීව සිහිපත් කළේය.

ති‍්‍රකුණාමල සංවර්ධනය පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ ඒ වෙනුවෙන් රජය පුළුල් වැඩසටහනක් කි‍්‍රයාවට නංවා තිබෙන බවයි.

දිස්ති‍්‍රක්කයේ වැව් ප‍්‍රතිසංස්කරණය වෙනුවෙන් ජනාධිපති කාර්යාලය හරහා විශේෂ වැඩසටහනක් කි‍්‍රයාවට නැංවූ අතර ඒ යටතේ වැව් විශාල ප‍්‍රමාණයක සංවර්ධන කටයුතු මේ වන විට සිදුව ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉදිරි සංවර්ධන කටයුතු ද නිසි ලෙස කි‍්‍රයාත්මක කරමින් ති‍්‍රකුණාමල දිස්ති‍්‍රක්කයේ ජනතාවට සංවර්ධනයේ උපරිම ප‍්‍රතිලාභ සළසා දෙන බව කියා සිටියේය.

වයඹ මහ ඇලේ ඉදිකිරීම් කටයුතු මෙම 24 වනදා අරඹන බව ද ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා මේ වන විට සාර්ථකව නිමවෙමින් පවතින මොරගහකන්ද – කළු ගඟ ජලාශ ව්‍යාපෘති හරහා ද ති‍්‍රකුණාමල නගරයේ ජනතාවගේ පානීය ජල ගැටලුව ඇතුළු කෘෂිකාර්මික ගැටලු රැසකට විසඳුම් හිමිවනු ඇති බව කියා සිටියේය.

එම්. කේ. ඒ. ඩී. එස් ගුණවර්ධන මහතාගේ පිළිරුව නිරාවණය කළ ජනාධිපතිවරයා ඒ වෙත මල් කළඹක් තැන්පත් කර පුෂ්පෝපහාර දැක්වීය.

එමෙන්ම කන්තලේ නගරයට ඉමහත් අඩු පාඩුවක් පැවති නගර ශාලාවක් ද උතුරු නැගෙනහිර පළාත් පාලන සේවා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ඉදිකර ජනතා අයිතියට පවරාදීම අද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

මේ සඳහා වැය කර තිබෙන මුදල රුපියල් මිලියන 83 ක් වන අතර මහල් දෙකකින් සමන්විත නගර ශාලාවේ ඉහළ මහල 1000 කට අසුන්ගත හැකි ශ‍්‍රවණාගාරයකින් සමන්විතය.

ති‍්‍රකුණාමල දිස්ති‍්‍රක්කයේ ජනතාව වෙත පිරිසිදු පානීය ජලය ලබාදීම සඳහා ඉදිකළ ප‍්‍රතිආශ‍්‍රැතිකරණ ජල පද්ධති 09 ක් දුරස්ථ සන්නිවේදන තාක්ෂණය ඔස්සේ ජනතා අයිතියට පවරාදීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය.

දිස්ති‍්‍රක්කයේ උපාධිධාරින් 160 දෙනෙකු වෙත ගුරු පත්වීම් ලබාදීමේ වැඩසටහන යටතේ උපාධිධාරින් පස් දෙනෙකුට සංකේතාත්මකව ගුරු පත්වීම් ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

කන්තලේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොවි ජනතාව වෙත ඉඩම් ඔප්පු ප‍්‍රදානය කිරීමේ වැඩසටහන යටතේ ගොවින් පස් දෙනෙකු සඳහා සංකේතාත්මකව ඉඩම් ඔප්පු ප‍්‍රදානය සිදු කෙරුණේ ද ජනාධිපතිවරයා අතිනි.

නැගෙනහිර පළාත් ආණ්ඩුකර රෝහිත බෝගොල්ලාගම, අමාත්‍ය දුමින්ද දිසානායක, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සේරුවිල ආසන සංවිධායක නලින් ගුණවර්ධන, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ති‍්‍රකුණාමල ආසන සංවිධායිකා ආරියවතී ගලප්පත්ති, අරුණ සිරිසේන යන මහත්ම මහත්මීන් ඇතුළු දිස්ති‍්‍රක්කයේ මහජන නියෝජිතයින් රැසක් ද රාජ්‍ය නිලධාරින්, ආරක්ෂක අංශ නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙන්ම එම්. කේ. ඒ. ඩී. එස් ගුණවර්ධන මැතිණිය, පුතණුවන් ඇතුළු පවුලේ සාමාජිකයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 1
Previous Post

මහින්දට යළි ජනපති වෙන්න බෑ – මහින්ද කියයි

Next Post

රාජ්‍ය දුතයින් ලෙස ඔස්ටින්- දයාන් ඇතුළු 10 දෙනෙකු පත් කරයි

editor

editor

Next Post

රාජ්‍ය දුතයින් ලෙස ඔස්ටින්- දයාන් ඇතුළු 10 දෙනෙකු පත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

4 June 2025
දයාසිරිගේ බලාපොරොත්තුව

දයාසිරිගේ බලාපොරොත්තුව

4 June 2025
ශිෂ්‍යත්වයට මොකද වෙන්නෙ ?

ශිෂ්‍යත්වයට මොකද වෙන්නෙ ?

4 June 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025

Recent News

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

4 June 2025
දයාසිරිගේ බලාපොරොත්තුව

දයාසිරිගේ බලාපොරොත්තුව

4 June 2025
ශිෂ්‍යත්වයට මොකද වෙන්නෙ ?

ශිෂ්‍යත්වයට මොකද වෙන්නෙ ?

4 June 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

4 June 2025
දයාසිරිගේ බලාපොරොත්තුව

දයාසිරිගේ බලාපොරොත්තුව

4 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved