• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සංචාරක ව්‍යාපාරය සමඟ එක්ව රටේ ක්‍රීඩා අර්ථිකය ශක්තිමක් කරනවා – ඇමැති නාමල්

27 March 2021
in ක්‍රීඩා

එල්.පී.එල්. වැනි සංචාරක ව්‍යාපාරය සමඟ බද්ධ වූ තරගාවලි කිහිපයක් පවත්වා ක්‍රීඩා ආර්ථිකය ශක්තිමත් කිරීමට කටයුතු කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (27) දින කතරගම රජ මාවතේ සුසන්ත මෝටර්ස් ඉදිරිපිට දී 46 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව පවත්වනු ලබන තරග ඇවිදීමේ තරගාවලියේ (කාන්තා/පිරිමි) ආරම්භක සංඥාව නිකුත් කරමිනි.

තරග විනිසුරුවන්, පුහුණුකරුවන්, ක්‍රීඩක පුහුණු සහයකයින් වැනි ක්‍රීඩාවට සම්බන්ධ විවිධ ක්ෂේත්‍රවල නියුතුවූවන් පුහුණුවෙන් අනතුරුව විදේශ රටවල ක්‍රීඩා කිරීමට සහ සේවයට යොමුකරමින් විදේශ රැකියා උත්පාදනයට යොමුකර ක්‍රීඩා ආර්ථීකය ශක්තිමත් කරන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙරට දී ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදනය, ක්‍රීඩා ඇඳුම් නිෂ්පාදනය සිදු කර දැවැන්ත ආදායමක් ලබා ක්‍රීඩා ආර්ථිකය ශක්තිමත් කිරීම දැනටමත් ආරම්භ කර ඇති බව ද හෙතම අවධාරණය කළේය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා “ කොරෝනා වසංගතයත් සමග පසුගිය වසරේ ජාතික මහා ක්‍රීඩා උළෙල පවත්වන්න නොහැකිවුණා. තරග කිහිපයක් පමණයි පැවැත්වීමට හැකිවුණේ. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ඉතිරි තරග මෙම වසරේ පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.
Bubble concept එක හරහා ජාත්‍යන්තර තරගාවලි පැවැත්වීමට අප කටයුතු කළා . අද සාර්ථකව අපේ රටේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කරන අතරතුර ක්‍රීඩාව ආරම්භ කිරීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව අද 2020 – 46 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ මැරතන් තරගය, තරග ඇවිදීම හා පාපැදි තරගය මේ දවස් තුනේ පැවැත්වීමට කටයුතු කරනවා.
ඉදිරියේදී අනෙකුත් ක්‍රීඩා ක්ෂේත්‍ර තුළත් ප්‍රබෝධයක් ඇතිකිරීමට හැකි ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් තරගාවලි කිහිපයක් රට තුළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතර එමගින් රටේ ක්‍රීඩා අර්ථිකයට දායකත්වය ලබාදීම සිදු කරනවා. මෙම වසර ක්‍රීඩාශීලි වසරක් බවට පත් කිරීමට අවශ්‍ය සියලු කටයුතු සංවිධානය කර තිබෙනවා. කොවිඩ් – 19 වසංගතයත් සමග පසුගිය වසරේ සාමාන්‍ය ජන ජීවීතය වගේම ක්‍රීඩාවත් ඇතුළුව රටේ ජනතාවගේ ක්‍රීයාශීලිත්වය අහිමිවුණා. විශාලම අභියෝගය වන නැවත වතාවක් ක්‍රියාශීලි සමාජයක් ගොඩනගා ඒ තුළින් ජාතික සහ ජාත්‍යන්තර ජයග්‍රහණ කරා රැගෙනයාමේ අභියෝගය භාරගෙන කටයුතු කරනවා. ඒ අනුව ක්‍රීඩා අමාත්‍යංශය, ක්‍රීඩා දෙපාර්තමේන්තුව, ක්‍රීඩා කවුන්සිලය, තරුණ කටයුතු අමාත්‍යාංශය එක්ව සාර්ථකව මේ රටේ ජනතාව ක්‍රියාශීලි ජනතාවක් බවට පත්කිරීමට අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමින් සිටිනවා.
ඒ අනුව එහි ක්‍රීඩා දෙපාර්තමේන්තුව සංවිධානය කරන මෙම ජාතික ක්‍රීඩා උළෙල පසුගිය වසරේ නොහැකි වුණා.
මෙහි ඉතිරි තරග පැවැත්වීමට අප බලාපොරොත්තු වෙනවා.
මේ සඳහා රටේ ජනතාවගේ සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තිබෙන උද්යෝගය ඉතාමත් සතුටුදායකයි. ඉදිරියේදි මෙය තවත් ශක්තිමත් කර සංවර්ධනය කරමින් ඉදිරියට ගෙනයෑමේ වගකීම ඉටු කරනවා. එහිදී ජාතික මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණවලට යාමේ අවකාශය නිර්මාණය කරගත යුතුයි.
ක්‍රිකට් ක්‍රීඩාවට වගේම අනෙකුත් ක්‍රීඩාවලට ආදරය කරන බොහෝ පිරිසක් සිටිනවා. එම ක්‍රීඩාවලට මාධ්‍ය තුළින් ලැබෙන අවකාශය අවමයි.
මාධ්‍යවේදී ඔබ තමුන්නාන්සේලා පැමිණ මෙම ‘තරග ඇවිදීම’ මාධ්‍ය වෙත ලබාදීමට කටයුතු කිරිම පිළිබඳ මම සතුටුවෙනවා.
බොහෝ වෙලාවට එය මෑත ඉතිහාසය තුළම නොදුටු දෙයක්. මාධ්‍ය තුළින් මෙම ක්‍රීඩා විකාශනය වීම හරහා ජනතාවට එම ක්‍රීඩා සමීපවෙනවා.
සෑම ක්‍රීඩාවකටම අවශ්‍ය ක්‍රීඩා අවකාශය නිර්මාණයකිරීමට ඒ තුළ අප බලාපොරොත්තු වෙනවා. ක්‍රීඩා සඳහා අවකාශය සැදීමට ක්‍රීඩාව විකාශනය විය යුතුයි.
ඉතිරි කාලසීමව තුළ ක්‍රිකට් ක්‍රීඩාව වගේම මේ රටේ හැම ක්‍රීඩාවක්ම ජාතික සහ ජාත්‍යන්තර ජයග්‍රහණවලට ගෙනයාමට 2024, 2028 සහ 2032 වසරවලට අවශ්‍ය සංචිත ගොඩනගමින් තිබෙනවා.

ඉදිරි කාලසීමාව තුළ අවම වශයෙන් වසර 10කට සරිලන සැලැස්මක් සෑම කාලයකම ක්‍රියාත්මක වන පරිදි සකසා තිබෙනවා.
ඒ තුළ අපේ රටේ පාසලක 8 ශ්‍රේණියේ නැතහොත් අවු.13ක දරුවෙකුට ඉදිරි කාලසීමවට අවශ්‍ය සැලැස්ම නිර්මාණය වෙනවා. ඒ හරහා පදක්කම් සහ ලෝක කුසලාන කරා අපට යා හැකියි.
මේ සඳහා අපි සකසා ඇති සැලැස්ම ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබීම පිළිබඳව අපි සතුටු වෙනවා.
ඕනෑම ක්‍රීඩාවක පැවැත්ම තිබෙනුයේ එහි ආර්ථිකය මතයි. ක්‍රීඩාව තුළ ආර්ථිකයක් ගොඩනැගුණ විට ක්‍රීඩකයාගේ ආර්ථිකය ගොඩනැගෙනවා. ක්‍රීඩකයාට වැටුපක් සහ ඔහු වෘත්තිමය ක්‍රීඩකයකු බවට පත්වනුයේ එම කාරණය තුළයි.
ලෝකයේ ක්‍රීඩා ආර්ථිකය දළ දේශීය ආදායමෙන් 3 %ක 4% ක ම්ටටමකට ගෙනගොස් තිබෙන අතර අපේ රටේ එය 2% හෝ 3%ක මට්ටමකට ගෙනයාම ඉලක්කය බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

මෙම සමාරම්භක අවස්ථාවට මොණරාගල දිස්ත්‍රික් ලේකම් ගුණදාස සමරසිංහ, කතරගම ප්‍රාදේශිය ලේකම් ඒ.එම්. නන්දසිරි, කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති චානක අනිල් රංග, කතරගම පොලිස් ස්ථානාධිපති ලියනගමගේ, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, නෙස්ලේ ලංකා සමාගමේ ආයතනික කටයුතු පිළිබඳ උප සභාපති බන්දුල එගොඩගේ, නෙස්ලේ ලංකා සමාගමේ කිරි ආහාර නිෂ්පාදන අංශයේ උප සභාපති රුවන් වැලිකල යන මහත්වරු ඇතුළු පිරිසක් එක්වූහ.

 

 

Post Views: 15
Previous Post

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වන ඩිජිටල් වේදිකාවට මුළු රටේම සහභාගිත්වය අවශ්‍ය බව අධ්‍යාපන ඇමැති කියයි

Next Post

විපක්ෂය කියන බොරු ගමට ගොස් නිවැරදි කරන්න – ජනපති පළාත් පාලන නියෝජිතයින්ට කියයි

editor

editor

Next Post

විපක්ෂය කියන බොරු ගමට ගොස් නිවැරදි කරන්න - ජනපති පළාත් පාලන නියෝජිතයින්ට කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved