• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වගකීම් භාරගත්තේ අවුල් ජාලාවෙන් රට ගොඩගන්නටයි – අගමැති

31 December 2023
in දේශීය, පුවත්
වගකීම් භාරගත්තේ අවුල් ජාලාවෙන් රට ගොඩගන්නටයි – අගමැති

වත්මන් ජනාධිපතිවරයා යටතේ මම අග්‍රාමාත්‍යධූරය භාර ගත්තේ රට අවුල් ජාලාවෙන් ගොඩගන්න බවත් ඒමෙන්ම විශ්වාසවන්ත ආණ්ඩුවක් ප්‍රජාතන්ත්‍රවාදීව ඇති කරගන්න මහජනතාවට පුළුවන් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (30) දින පන්නිපිටිය, රුක්මල්ගම නව තැපැල් කාර්යාලය ජනසතු කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා ” වැඩිහිටියන්ගේ අත්දැකීම් සම්භාරය අනාගතයට දායාද කළ යුතුයි. ඒ අයගේ සුබ සිද්ධිය දියුණුව හා නීරෝගීභාවය වෙනුවෙන් කටයුතු කිරීමේ වගකීම අපට තිබෙනවා. වැඩිහිටියන්ගේ ජීවිත වඩාත් නිරෝගී කිරීම හා ඔවුන්ගේ සන්තෘෂ්ටිය සඳහා වූ වැඩසටහන් ප්‍රදේශයේ ප්‍රජා මණ්ඩලයෙන්, පුස්තකාලයෙන්, ජංගම සේවාවලින් ඇති කළ හැකියි. ආණ්ඩුවකින් කරනවට වඩා විශාල වැඩ කොටසක් ජනතාවගේ එකමුතුවෙන් කරන්න පුළුවන්. රජය හැටියටත්, පළාත් පාලන ක්ෂේත්‍රයේ නගර සභා පළාත් සභා හරහා අලුත් නිර්මාණශීලී අදහස් ඇති අලුත් වැඩසටහන් සදහා ලබාදිය හැකි සම්පත් ප්‍රමාණයන් වැඩිකර දෙන්නට අපි බලාපොරොත්තු වෙනවා. මේ අපි බොහොම අමාරුවෙන් ජීවත් වෙන කාලයක්. එය ඉතාම නිහතමානීව ප්‍රකාශ කරන්නට ඕනේ. අවුරුදු හතරකට පහකට කලින් තිබුණු ලංකාවට වඩා ආර්ථික වශයෙන් අමාරු කාලයක් ගතවෙනවා. ඒක අපි ආණ්ඩුවක් හැටියට පිළිගන්නවා. රට අඩපණ වෙලා තිබුණා. වත්මන් ජනාධිපතිවරයා යටතේ මම අග්‍රාමාත්‍යධූරය භාර ගත්තේ රට අවුල් ජාලාවෙන් ගොඩගන්නටයි. ඉන් අනතුරුව තමන්ට විශ්වාසවන්ත ආණ්ඩුවක් ප්‍රජාතන්ත්‍රවාදීව ඇති කරගන්න මහජනතාවට පුළුවන්.ගෑස් සිලින්ඩරයක් හොයාගන්න බැරුව හිටපු කාලයක්, තෙල් නැතිව ගමනාගමනය ඇණ හිටිය කාලයක් තිබුණා. ලංකාව තවමත් බොර තෙල් ගෙන්වලා පිරිපහදු කරන රටක්.මහජන චීනය සහ ඉන්දියාව අලුතෙන් ඇති කරන තෙල් කර්මාන්තය අනුව ඉදිරියට අපේ රටේම පිරිපහදු කරන තෙල් ලංකාවේ ජනතාවගේ පරිභෝජනයට ලබා දෙන්න අපට හැකියාව ලැබෙයි. පහුගිය අවුරුද්දේ ආහාර අර්බුදයක් තිබුණා. යළි වගාබිම් ඇති කරන අලුත් උත්සාහයකට ගොවි ජනතාව සහයෝගය ලබා දුන්නා. එකම වගා සංග්‍රාමයක් ලෙස රට පුරාම ක්‍රියාත්මක වුණා. ආහාර නිෂ්පාදනය අතින් ස්වයංපෝෂිත වෙන්න අපට පුළුවන් කියලා ලංකාවේ ගොවිජනතාව ඔප්පු කළා. ඒ නිසා මිත්‍ර රටවල් තුළ අපට නැවත නැගී සිටිය හැකියි කියන විශ්වාසය ගොඩනැගුණා. රජයේ සේවකයන්ට වැටුප ගෙවීම අවිනිශ්චිත තත්ත්වයක තිබුණා. අපේ වැඩිහිටියන්ගේ විශ්‍රාම වැටුප දෙන්න පුළුවන් වෙයිද කියලා අවිනිශ්චිත කාලයක් තිබුණා. ඒ කිසි දෙයක් අපි පැහැර හැරියේ නැහැ. අපි ඒ අභියෝගය ජයග්‍රහණය කළා. ඒ වගේම රටේ වියදම් කිරීම අඩු කළ යුතුයි. විශේෂයෙන් නාස්තිය අඩු කර, රටේ දියුණුවට එම සම්පත් යොදාගන්න පුළුවන්. පිටරටින් තෙල් ගෙනත් විදුලිය නිපදවන විට වියදම වැඩියි. ජල විදුලියෙන් අඩු වියදමිකින් වැඩි විදුලි ප්‍රමාණයක් නිපදවන්න පුළුවන්. අද විදුලි බිල ගැන රටේ පුරා කතා වෙනවා. අග්‍රාමාත්‍යවරයා හැටියට ආණ්ඩුවේ සාකච්ඡාවලදි අපි කියන්නෙත් ජලයෙන් හා සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනයෙන් කරන ව්‍යාපෘති වැඩි වශයෙන් ක්‍රියාත්මක කළ යුතු බවයි. විදුලි බිල අඩු කර ගැනීම සඳහා සියලු දෙනා වැඩි අවධානයක් යොමු කළ යුතුයි. අපි අලුතෙන් හිතන්නට ඕනේ. අපේ විභාග අලුත් අභියෝග ජයගන්න පුළුවන් විභාග බවට පරිවර්තනය විය යුතුයි. ඒ තුළින් සංවර්ධනයට වඩාත් කිට්ටු වුණු අලුත් පරම්පරාවකට අපේ රටේ අනාගතය භාර දෙන්න පුළුවන් යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන උපාලි කොඩිකාර, කාන්ති කොඩිකාර, කොළඹ දිසාපති කේ. ජී. විජේසිරි, මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂී වල්පොල, ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Post Views: 27
Previous Post

මාතලේ ආපදා රැසක්

Next Post

2024 වසර ඔබ සැමට නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවා…!

editor ttvnews

editor ttvnews

Next Post
2024 වසර ඔබ සැමට නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවා…!

2024 වසර ඔබ සැමට නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවා...!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved