27 April 2024
#දේශීය

මාතලේ ආපදා රැසක්

පසුගිය දිනවලදි ඇදහැලුන අධීක වර්ෂාව සහ අනෙකුත් ආපදාවන් හේතුවෙන් ඊයේ(30) දා වන විට පවුල් 32ක පුද්ගලයින් 117ක් පිඩාවට පත්ව ඇති බව මාතලේ දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ චමින්ද අමරවිර මහතා පවසයි.

ගස් කඩා වැටිම හේතුවෙන් නිවාස 33කට අර්ධ හානි සිදුව ඇති බවත් පුද්ගලයින් 3දෙනෙකු තුවාල ලබා ඇති බවද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.

මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල,ගලේවෙල,අඹන්කෝරළය,රත්තොට,විල්ගමුව,යටවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල මෙම ආපදාවන් සිදුව තිබේ.

ආපදා සහන සේවා කටයුතු මාතලේ මහ දිසාපති තේජානි තිලකරත්න මහත්මියගේ උපදෙස් පරිදි ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධික්ෂණය යටතේ සිදු කෙරේ.

මාතලේ – මහේෂ්

Leave a comment

Your email address will not be published. Required fields are marked *