• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

INSEE Ecocycle අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමවේදයන් හරහා චක්‍රීය ආර්ථියක් කරා

8 June 2023
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව ලෝක පරිසර දිනය සමරන මේ මොහොතේ, චක්‍රීය ආර්ථිකයේ මූලධර්ම ඔස්සේ නිර්මාණශීලී අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමවේදයන් ක්‍රියාවට නැංවීමේ පුරෝගාමියෙකු වශයෙන් INSEE Ecocycle මෙරට අපද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත්‍රය තුළ ඉදිරියෙන්ම සිටී.

තිරසාරත්වය වෙනුවෙන් කැපවෙමින්, එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්කවලට සමගාමීව, අපද්‍රව්‍ය එක්රැස් කිරීම, කළමනාකරණය කිරීම සහ බැහැර කිරීම සම්බන්ධ පෙරළිකාරී විසඳුම් රැසක් හඳුන්වා දීමට INSEE Ecocycle සමත් වී ඇත. චක්‍රීය ආර්ථිකයේ මූලධර්ම අනුව යමින්, හුදෙක් අපද්‍රව්‍ය පරිසර හිතකාමී ලෙස බැහැර කිරීම සහ කළමනාකරණය කිරීම යන සීමාවන්ගෙන් ඔබ්බට ගොස්, අපද්‍රව්‍ය වටිනා සම්පතක් බවට පරිවර්තනය කිරීම INSEE Ecocycle හි අරමුණයි.

INSEE Cement සමාගමේ අපද්‍රව්‍ය කළමනාකරණ අංශය ලෙස INSEE Ecocycle හි ගමන්මග ආරම්භ වූයේ 2003 වර්ෂයේදී ය. ඒ, සිමෙන්ති නිෂ්පාදනය සඳහා විකල්ප ඉන්ධන සහ අමුද්‍රව්‍ය ලෙස දහයියා සහ කාර්මික අපද්‍රව්‍ය භාවිතා කිරීම ආරම්භ කිරීම තුළිනි. එතැන් පටන් තම මෙහෙවර තවදුරටත් පුළුල් කරමින් INSEE Ecocycle මේ වනවිට අන්තරායකර අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම, ස්වාභාවිකව දිරා නොයන නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සහ සිය තාපවිච්ඡේදන (Pyrolysis) කර්මාන්තශාලාව හරහා අණුක ප්‍රතිචක්‍රීකරණය සිදුකිරීම ආරම්භ කර ඇත.

“අපද්‍රව්‍ය යනු බරක් නොව අවස්ථාවක් ලෙස දැකිය යුතු බව INSEE Ecocycle හි විශ්වාසයයි. අපද්‍රව්‍ය කළමනාකරණය විප්ලවීය වෙනසකට ලක්කරමින්, ඒවා මිනිසුන්ගේ ජීවන තත්ත්වය වඩාත් යහපත් කිරීම සඳහා භාවිතා කළ හැකි වටිනා සම්පතක් බවට පත්වන තිරසාර අනාගතයක් නිර්මාණය කිරීම අපගේ ඉලක්කය වී තිබෙනවා.” INSEE Ecocycle හි කළමනාකාර අධ්‍යක්ෂ සුජිත් ගුණවර්ධන මහතා පැවසී ය.
අතීතයේ පටන්ම ශ්‍රී ලංකාවේ අන්තරායකර අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සඳහා පරිසර හිතකාමී ක්‍රමවේදයන් හඳුන්වා දීම සම්බන්ධයෙන් INSEE Ecocycle කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකර තිබේ. රජය, නියාමන ආයතන සහ කර්මාන්ත ක්ෂේත්‍රය සමග එක් වී, වසරකට අන්තරායකර අපද්‍රව්‍ය ටොන් ගණනාවක් සුරක්ෂිත සහ පරිසර හිතකාමී ලෙස කළමනාකරණය කරන අතරම, මෙරට වගකීම්සහගත අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධ ප්‍රමිතීන් නිරන්තරයෙන් වැඩිදියුණු කිරීමටද INSEE Ecocycle සමත් වී ඇත.

මෙම මෙහෙවරෙහි එක් පියවරක් වශයෙන් INSEE Ecocycle අතිනවීන රසායනාගාරයක් ස්ථාපිත කර ඇති අතර, ඒ ඔස්සේ රටේ කර්මාන්ත රැසකට අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධ විශ්ලේෂණ සේවාවන් සපයනු ලැබේ. ඝන හා දියර අපද්‍රව්‍ය, අපවහන ජලය, ඉන්ධන සහ පොහොර ආදිය විශ්ලේෂණය කිරීමට මෙම රසායනාගාරයට හැකියාව ඇත. මෙම සේවාවන් සැපයීම තුළින්, මෙරට පූර්ණ අපද්‍රව්‍ය කළමනාකරණ සේවාවන් සැපයීමේ ප්‍රමුඛයෙකු ලෙස මෙන්ම චක්‍රීය විසඳුම් කරා රට මෙහෙයවන පුරෝගාමියෙකු ලෙස කීර්තියක් දිනාගැනීමට INSEE Ecocycle සමත් වී තිබේ.

INSEE Ecocycle හි විශේෂත්වය පවතින්නේ එහි සිමෙන්ති උදුන් තුළ සිදුවන සුවිශේෂී සහසැකසුම් (Co-processing) ක්‍රියාවලිය තුළ ය. සිමෙන්ති නිෂ්පාදන ක්‍රියාවලියේදී සිය මවු සමාගම වන INSEE Cement සමග එක්ව කටයුතු කරමින්, හානිකර විමෝචනයන්ට ඉඩ නොතබා අපද්‍රව්‍ය විනාශ කිරීමට සහ ජීර්ණ ක්‍රියාවලියට ලක්කිරීමට INSEE Ecocycle කටයුතු කරයි. සාම්ප්‍රදායිකව සිදුකරන ආකාරයට අපද්‍රව්‍ය පරිසරයට බැහැර කිරීම හෝ පුළුස්සා දැමීම වෙනුවට සහසැකසුම් ක්‍රියාවලියට බඳුන් කිරීම මගින් අපද්‍රව්‍ය වටිනා සම්පතක් බවට පරිවර්තනය වන අතර, එමගින් පරිසරයට ඇතිවන බලපෑමද අවම වේ. එමෙන්ම විනිවිදභාවය සහ වගවීම යන ගුණාංග ආරක්ෂා කරගනිමින්, තම විමෝචන මට්ටම් නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීමටත්, එම දත්ත නියාමන ආයතන වෙත වාර්තා කිරීමටත් සමාගම කටයුතු කරයි.
2030 වසර වනවිට ළඟා කරගැනීමට නියමිත පාරිසරික, සමාජයීය හා ආයතනික පාලන අරමුණු සාක්ෂාත් කරගැනීමේ පියවරක් වශයෙන් INSEE Ecocycle දේශගුණය හා බලශක්තිය, චක්‍රීය ආර්ථිකය සහ ජෛව විවිධත්වය හා ජලය යන අංශ තුන සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් අවධානය යොමුකර තිබේ. මේ යටතේ කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අවම කිරීම, පොසිල ඉන්ධන භාවිතයෙන් සිදුකරන බලශක්ති ජනනය අවම කිරීම, අපද්‍රව්‍යවලින් උපරිම ප්‍රයෝජන ගැනීම, ජල සම්පත රැකගැනීම සහ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම යන මෙහෙවර වෙනුවෙන් සමාගම කැප වී සිටී. මීට සමගාමීව ක්‍රියාත්මක වන “zero-harm” ඉලක්කය සහ ප්‍රජාවන් සමග සමීපව කටයුතු කිරීමේ උත්සාහය ඔස්සේ, පරිසර සංරක්ෂණයේ නියමුවෙකු ලෙස ඉදිරියෙන්ම සිටීමට INSEE Ecocycle සමත් වී ඇත.

මේ වනවිට INSEE Ecocycle දිරා නොයන නාගරික ඝන අපද්‍රව්‍ය එක්රැස් කර නිසි පරිදි බැහැර කිරීම සඳහා මෙරට නගර සභා 100 කට අධික සංඛ්‍යාවක් සමග අත්වැල් බැඳගෙන සිටී. මේ යටතේ සමාගම මගින් අපද්‍රව්‍ය කාර්යක්ෂම ලෙස කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම සහ යටිතල පහසුකම් මෙන්ම බැහැර කිරීමේ පහසුකම්ද සපයනු ලැබේ. නාගරික ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම ජාතික ගැටලුවක් බවට පත් වී ඇති නිසා, ඊට නිසි විසඳුම් හඳුනා ගැනීම සඳහා INSEE Ecocycle මේ වනවිට අංශ කිහිපයක් ඔස්සේ රජයේ බලධාරීන් සමග එක්ව කටයුතු කරමින් සිටී.

එමෙන්ම අපද්‍රව්‍ය විශාල වශයෙන් ජනනය කරන සමාගම් හා ආයතන සමග එක් වී, එම අපද්‍රව්‍ය විධිමත් හා පරිසර හිතකාමී ලෙස කළමනාකරණය කිරීමට සහය වීමටද INSEE Ecocycle පියවර ගෙන ඇත. සිය කාර්මික සේවා අංශය හරහා INSEE Ecocycle මේ වනවිට අපද්‍රව්‍ය ඇතිවන ආකාරයන් හඳුනා ගැනීම සහ අපද්‍රව්‍ය අවම කිරීම සඳහා අවශ්‍ය මගපෙන්වීම් හා තාක්ෂණික විසඳුම් ලබාදීම මෙන්ම රසායනික පිරිසිදු කිරීම්, ටැංකි පිරිසිදු කිරීම්, හදිසි ප්‍රතිචාර සේවාවන් සහ වෘත්තීය කාර්ය සම්පාදන සේවාවන් ඇතුළු සේවාවන් රාශියක් පිරිනැමීමද සිදුකරයි. එමෙන්ම තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමවේදයන් භාවිතයට ගැනීම සහ තම ව්‍යාපාරික කටයුතු මගින් පරිසරයට එල්ලවන බලපෑම් අවම කිරීම සඳහා තම සේවාදායකයන් දිරිගැන්වීමටද INSEE Ecocycle නිරන්තරයෙන් කටයුතු කරයි.

“අපගේ දැක්ම හුදෙක් අපද්‍රව්‍ය කළමනාකරණයට සීමා වන්නේ නැහැ. අප උත්සාහ කරන්නේ අපගේ රටට වඩාත් පරිසර හිතකාමී සහ තිරසාර අනාගතයක් නිර්මාණය කර දීමටයි. දීර්ඝ පළපුරුදක් තිබීම, රට පුරා ව්‍යාප්ත වී පැවතීම සහ ජාතික මට්ටමේ ව්‍යාපෘතිවලට දායක වී තිබීම වැනි සාධක ඔස්සේ ශක්තිමත් ලෙස ඉදිරියට යමින්, නාගරික ඝන අපද්‍රව්‍ය සහ අනෙකුත් අන්තරායකර අපද්‍රව්‍ය අවම කිරීමේ මෙහෙවරට අප උර දී සිටිනවා.” සුජිත් ගුණවර්ධන මහතා පැවසී ය.
“අපද්‍රව්‍ය අවම කිරීම සහ නිසි පරිදි කළමනාකරණය කිරීම සඳහා ගන්නා සෑම උත්සාහයක්ම අතිශයින් වැදගත්. නැවත භාවිතා කළ හැකි බෑග් භාවිතා කිරීම සහ වෙනස් අපද්‍රව්‍ය වර්ග එකට මිශ්‍ර කිරීමෙන් වැළකීම වැනි සරල පුරුදුවලින් පවා, අපද්‍රව්‍ය නිසා ඇතිවන පරිසර දූෂණය අවම කිරීමට පුළුවන්. ඒ සම්බන්ධයෙන් ජනතාව නිසි පරිදි දැනුවත් වීම අතිශයින් වැදගත්. අප සෑම විටම ඔවුන් දැනුවත් කිරීමට උත්සාහ කරන්නේ ඒ නිසයි. එය අපට ආර්ථික වාසි ගෙනෙන දෙයක් නොවීමට පුළුවන්. එහෙත් එය ශ්‍රී ලංකාවේ තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණ සම්ප්‍රදායක් ඇතිකිරීමට මහෝපකාරී වනවා.” සුජිත් ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසී ය.
ලෝක පරිසරය දිනය 2023 ජූනි 05 දිනට යෙදී ඇත. ශ්‍රී ලංකාවේ පරිසරය රැකගැනීමේ මෙහෙවරෙහි පෙරමුණ ගෙන සිටින INSEE Ecocycle, චක්‍රීය ආර්ථිකයේ මූලධර්ම තුළින් පන්නරය ලබමින්, නවතම අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමවේදයන් මෙරටට හඳුන්වා දෙමින් සිටී. විවිධ පාර්ශ්වයන් සමග අත්වැල් බැඳගනිමින් සහ අපද්‍රව්‍ය යනු වටිනා සම්පතක් බව ලොවට පෙන්වා දෙමින්, සමස්ත ශ්‍රී ලංකාවාසීන් වෙනුවෙන් වඩාත් පරිසර හිතකාමී අනාගතයක් නිර්මාණය කිරීම INSEE Ecocycle හි පරමාර්ථය වී තිබේ.

 

පිටපත -PR

Post Views: 12
Previous Post

රාජ්‍ය ආයතන ඩිජිටල්කරණයට විශේෂ නියෝජිත ආයතනයක් -ජනපති ‍

Next Post

නවක වෛද්‍යවරුන් 406 දෙනකු සීමාවාසික පුහුණුවට අනුයුක්ත කෙරේ

editor

editor

Next Post

නවක වෛද්‍යවරුන් 406 දෙනකු සීමාවාසික පුහුණුවට අනුයුක්ත කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved