• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පුහුණු ගුරුවරු නැතිනම් නඩු කියන්න පුළුවන්

31 July 2018
in සංවර්ධන

කුමන ආණ්ඩුවක් යටතේ වුව දල ඉදිරියේ දී පාසල්වලට පුහුණු ගුරුවරු ලබා නොදෙනවා නම් අධ්‍යාපන අමාත්‍යාංශයට එරෙහිව අධිකරණය හමුවට ගොස් තම පාසල්වලට පුහුණු ගුරුවරු ලබා ගැනීමේ අවස්ථාව දෙමාපියන් වෙත ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (30) ගාල්ල, ගිංතොට සහිරා විද්‍යාලයේ නව ගෙඩනැගිලි විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

රටේ සියලූ පාසල්වලට පුහුණු ගුරුවරු ලබා දීමේ නිසි ක්‍රමවේදයක් තමා අධ්‍යාපන ඇමැතිවරයාව සිටි කාලයේ දී ආරම්භ කළ දල පසුකාලීනව එය දේශපාලනීකරණය වෙමින් නුපුහුණු ගුරුවරු බඳවා ගැනීම හේතුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට විශාල හානියක් සිදුව ඇති බව පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා ඒ ක්‍රමවේදය වහා වෙනස් කරන බව ද අවධාරණය කළේය.

එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේ වැඩිදුරටත් අදහස් පල කර සිටියේය “අද අප ක්‍රමානුකුලව ආරම්භ කර ඇති මෙම වැඩපිළිවෙළ ඉදිරියේදී පැමිණෙන වෙනත් දේශපාලනඥයන් නිසා කඩාකප්පල් වී යා හැකියි. එසේ නම් පාසල් සඳහා පුහුණු ගුරුවරුන් බඳවා ගැනීම වෙනුවෙන් නීතිමය වශයෙන් කටයුතු කළ යුතුයි. දැනට නුපුහුණු ගුරුවරුන් ලෙස කටයුතු කරන ගුරුවරුන්ට අනාගතයේදී අවශ්‍ය පුහුණුව ලබාදීමටත් අපි කටයුතු කරනවා. ඒ අනුව අනාගතයේදී ශ්‍රී ලංකාවේ පාසල්වලට පුහුණු ගුරුවරුන් පමණක් ලබාදෙන නීතිය අප දැන් සකස් කරමින් සිටිනවා.  මහා බ්‍රිතාන්‍යයේ සහ නවසීලන්තයේ මේ පිළිබඳව තිබෙන නීති මම මේ වනවිට අධ්‍යාපන අමාත්‍යංශයට ලබාදී තිබෙනවා. එම නීති සකස් කිරීමෙන් පසුව ජනාධිපතිතුමාටත්, කැබිනට් මණ්ඩලයටත් ඉදිරිපත් කර එය නීතිගත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. රටේ පාසල්වලට පුහුණු ගුරුවරුන්, උපකරණ ආදිය ලබාදීමට නොහැකි නම් ඉන් පෙන්නුම් කෙරෙන්නේ අපි රටේ ජනතාවට නිසි අධ්‍යාපන ක්‍රමයක් ලබාදී නොමැති බවයි. හොඳ අධ්‍යාපන ක්‍රමයක් රට තුළ ඇති කිරීමට අවශ්‍ය නීති අප ඉදිරියේදී ගෙන එනවාග අනාගතයේ දී රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුව තව තවත් ඉදිරියට ගෙන යන බව මම අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා.

මෙම අවස්ථාවට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුලූ දේශපාලනඥයින් හා අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීහු රැසක් ද සහභාගි වී සිටියහ.

Post Views: 6
Previous Post

මිනිස් ජාවාරම් වලක්වන්න වැඩපිළිවෙලක්

Next Post

රෙදි ඇදන් යන්නනම් බෑ – බුද්ධික

editor

editor

Next Post

රෙදි ඇදන් යන්නනම් බෑ - බුද්ධික

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved