ඇමරිකානු ජනාධිපති Donald Trump, ඩෙන්මාර්ක අගමැති Mette Frederiksen සහ ග්‍රීන්ලන්ත අගමැති Jens-Frederik Nielsen අතර ආක්ටික් සහ උතුරු අත්ලාන්තික් කලාපයේ ආරක්ෂාව ශක්තිමත් කිරීමේ ගිවිසුමකට අද අත්සන් තබා තිබේ.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව නිව්යෝර්ක් නුවරදී අත්සන් කළ මෙම ගිවිසුම මගින් ග්‍රීන්ලන්තයේ ඇමරිකානු ආරක්ෂක සහ හමුදා සහභාගීත්වය පුළුල් කිරීමට අවස්ථාව සැලසෙන බව වාර්තා වේ.
ගිවිසුම මගින් ග්‍රීන්ලන්තයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇමරිකාව, ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්තය අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන අතර, ග්‍රීන්ලන්තයේ ස්වෛරීභාවය සහ ස්වයං නිර්ණ අයිතියද පිළිගන්නා බව ඩෙන්මාර්ක රජය සඳහන් කර තිබේ.
















