ගාසා තීරයේ ක්‍රියාත්මක හමාස් සහ අනෙකුත් සන්නද්ධ කණ්ඩායම් සම්පූර්ණයෙන්ම නිරායුධ කිරීම සඳහා වන සාම සැලැස්මට එකඟතාවකට එළඹී ඇති බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.
ගාසා තීරයේදී සම්පූර්ණයෙන්ම නිරායුධ වීමට අදාළ සාම සැලැස්මට තමන් එකඟ වූ බව හමාස් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු බීබීසී (BBC) පුවත් සේවයට තහවුරු කර ඇති අතර, මේ සම්බන්ධයෙන් ඊශ්‍රායලය මෙතෙක් කිසිදු අදහසක් පළ කර නැත. එක්සත් ජනපදයේ මැදිහත්වීමෙන් සකස් කළ ගාසා සටන් විරාම සැලැස්මේ දෙවන අදියරට හමාස් සංවිධානය නිරායුධ කිරීම සහ ගාසා තීරය ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළත් වේ.
නිරායුධ කිරීමේ ක්‍රියාවලිය අවසන් වීමත් සමඟ ඊශ්‍රායල හමුදා ගාසා තීරයෙන් ඉවත් වන බවත්, නව පලස්තීන පොලිස් බලකායක් සමඟ එක්ව ජාත්‍යන්තර ස්ථායිකරණ බලකායක් මඟින් ගාසා තීරයේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති ට්‍රම්ප් පවසා තිබේ. මෙම එකඟතාව නව පලස්තීන රජයක් යටතේ ගාසා තීරය පාලනය වීම සඳහා තැබූ තීරණාත්මක පියවරක් ලෙස හඳුන්වා දී ඇති අතර, මෙම සාම ක්‍රියාවලිය සඳහා මැදිහත් වූ ඊජිප්තුව, කටාර් සහ තුර්කිය වෙත ද ජනාධිපතිවරයා ස්තූතිය පළ කර ඇත.














