අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝගයක් මත දකුණු කොරියාව සහ අමෙරිකාව අතර පැවැත්වෙන වාර්ෂික ඒකාබද්ධ යුද අභ්‍යාසයේ කාලසීමාව දින එකොළහේ සිට පහ දක්වා සැලකිය යුතු ලෙස අඩු කර තිබේ.
අමෙරිකානු සහභාගීත්වය සහ මැදිහත්වීම සීමා කරන ලෙස ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද දැඩි නියෝග හමුවේ ක්‍රියාත්මක වූ මෙම වෙනස්වීමත් සමඟ, යුද අභ්‍යාසය සඳහා අන්තර්ගත කර තිබූ ඇතැම් ප්‍රධාන පුහුණු ක්ෂේත්‍ර ද සීමා කිරීමට දෙපාර්ශ්වයම පියවර ගෙන ඇතැයි විදෙස් ආරංචි මාර්ග තහවුරු කරයි. කලාපීය ආරක්ෂක විචාරකයින් පෙන්වා දෙන ආකාරයට, මෙම හදිසි ප්‍රතිපත්තිය වෙනස් වීම ආසියානු කලාපයේ බල තුලනය කෙරෙහි මෙන්ම අමෙරිකානු-කොරියානු ආරක්ෂක සන්ධානයේ ඉදිරි දිශානතිය කෙරෙහි දැඩි ලෙස බලපාන භූ දේශපාලනික සංවර්ධනයකි.
දිගුකාලීනව පවත්වාගෙන ආ ආරක්ෂක රාමු සීමා වීම සහ පුහුණු කාලසටහන් හකුළා දැමීම හරහා කොරියානු අර්ධද්වීපයේ ස්ථාවරත්වයට සහ ජාත්‍යන්තර සන්ධාන ක්‍රියාකාරීත්වයට එල්ල විය හැකි බලපෑම් පිළිබඳව ඉදිරියේදී රාජ්‍ය තාන්ත්‍රික හා ආරක්ෂක මට්ටමින් පුළුල් අවධානයක් යොමුවනු ඇතැයි අපේක්ෂා කෙේ.














