චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඉතා ශ්රේෂ්ඨ නායකයෙකු බවත්, තමා ඒ පිළිබඳව නිරතුරුවම සඳහන් කළ බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ප්රකාශ කර තිබේ. බෙයිජිංහි මහජන මහා ශාලාවේදී අද (14) පැවති විශේෂ සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළ අතර, චීනය සහ අමෙරිකාව සුන්දර අනාගතයක් බෙදා ගන්නා බව ද එහිදී වැඩිදුරටත් පවසා ඇත. චීනයට පැමිණීමට ලැබීම තමාට ගෞරවයක් බව ප්රකාශ කළ ට්රම්ප් ජනාධිපතිවරයා සහ චීන ජනාධිපතිවරයා අතර පැවති මෙම සාකච්ඡාව පැය දෙකයි මිනිත්තු පහළොවකට වැඩි කාලයක් පුරා පැවැත්විණි.














