27 April 2024
#දේශීය

දියේ ගිලි පිරිමි දරුවන් දෙදෙනෙකු මියයයි

දඹගල්ල, උඩුමුල්ල, කහටගහපිටිය වැවේ දිය නෑමට ගිය දෙදෙනෙකු දියේ ගිලි මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. එම දරුවන් දිය ගිලිමෙන් පසුව මඩුල්ල ප්‍රා දේශිය රෝහලට ඇතුලත් කිරීමේ මිය ගොස් ඇත.

මිය ගිය දරුවන් අවුරුදු 14 වයසේ පසුවන කොල්ලාදෙනිය, දඹගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

මෘත ශරීර මඩුල්ල ප්‍රාදේශිය රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් දඹගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *