27 April 2024
#සංවර්ධන

මෙම වසරේදී බදුල්ලට නව කර්මාන්තපුර දෙකක් පිහිටුවනවා – අමාත්‍ය විමල්

මේ වසර අවසන් වීමට ප්‍රථම බදුල්ල නගර සීමාව තුළ ද නව කර්මාන්තපුරයක් ඇරඹීමට පියවර ගන්නා බවත් මොනරාගල දිස්ත්‍රික්කයේ ද කර්මාන්ත ප්‍රවර්ධනයට පියවර ගනිමින් එමගින් ඌව පළාත තුළ තවදුරටත් රජ කරන දුගීභාවය පහත හෙළීමට සූදානම් බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා බදුල්ල හෙරිටේජ් රිසෝට් හිදී පැවති ඌව පළාත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ සංවර්ධන සංවිධානය(USDO) විසින් කැදවා තිබූ ඌව පළාත් ව්‍යාපාරික සමුළුවෙහි(Uva Business Summit 2022) ප්‍රධාන ආරාධිත දේශනය පවත්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා “ඌව පළාත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ සංවර්ධන සංවිධානයේ(USDO) ආරාධනය පිළිගනිමින් ඔවුන් සංවිධානය කරනු ලැබූ ඌව පළාත් ව්‍යාපාරික සමුළුවට සහභාගි වීමට ලැබීම පිළිබඳව කර්මාන්ත අමාත්‍යවරයා ලෙස මම සතුටු වෙනවා. අපේ රටේ ‘සිවිල් සංවිධාන’ නමින් මෙම රටට බාල්දි පෙරළන සංවිධාන නම් ඕනෑවටත් වඩා තිබෙනවා. හැබැයි මේ ආකාරයේ රටේ නිෂ්පාදකයන්ගේ හැකියාව වර්ධනය කරන සංවිධාන ඇත්තේ අතලොස්සයි. දේශීය නිෂ්පාදන බලගැන්වීමට බල කෙරී ඇති මෙවන් මොහොතක නිෂ්පාදකයාගේ හැකියාව වර්ධනය කරන සංවිධාන මේ රට වැඩි වැඩියෙන් ඉල්ලා සිටිනවා. මෙතැන අද සම්පූර්ණ කරලා තිබෙන්නේ ඒ රික්තකය යි. ඌව පළාත ගැන කියැවෙන්නේ දුගීභාවය රජ කරන පළාතක් විදිහට. ඒ තත්ත්වය වෙනස් කරලා ඌව පළාතට ගෞරවයක් ලැබෙන ආකාරයට කටයුතු කරන්න නම් අපි මෙම පළාතේ කර්මාන්ත ප්‍රවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුව තිබෙනවා. මීට කලින් සුදර්ශන දෙනිපිටිය මන්ත්‍රිතුමා සඳහන් කළා වගේ අපි දැනටමත් මහියංගණය ප්‍රදේශයේ කර්මාන්තපුරයක් පිහිටුවීමට කටයුතු කරගෙන යනවා. ඊළඟ වටයේදී මේ අවුරුද්ද ඇතුළත බදුල්ල නගරයේත් කර්මාන්තපුරයක් පිහිටුවීමට අවශ්‍ය කටයුතු අපි සිදුකරනවා.

මෙම අවස්ථාවට ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය යන මහත්වරු ද එක්ව සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *