එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) තුළ සමාජ මාධ්‍ය භාවිතය සඳහා වන අවම වයස් සීමාව අවුරුදු 15ක් ලෙස නියම කෙරෙන නව නීතියක් අද (18) සිට ක්‍රියාත්මක වේ. මේ සමඟම සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් මෙවැනි දැඩි වයස් සීමාවක් හඳුන්වා දුන් පළමු අරාබි රට බවට එමීර් රාජ්‍යය ඉතිහාසයට එක්වෙයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, මෙම නව නීතියට අනුව මින් ඉදිරියට වයස අවුරුදු 15ට අඩු දරුවන්ට පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම් නිර්මාණය කිරීම සහ ඒවා භාවිත කිරීම එරට තුළ සම්පූර්ණයෙන්ම තහනම් වේ. එමෙන්ම ළමයින්ට විවිධ සමාජ මාධ්‍ය සමූහ (Groups) වෙත ප්‍රවේශ වීම ද මෙම නීතිය මඟින් සම්පූර්ණයෙන්ම වළක්වා ඇත.
















