ලොව පුරා අතිශය ජනප්‍රිය “Spider-Man: Brand New Day” චිත්‍රපටයේ නිල ප්‍රචාරක කටයුතු මේ වන විට ආරම්භ වී තිබේ. එළැඹෙන ජූලි 31 වනදා තිරගත වීමට නියමිත මෙම චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පීන් වන සෙන්දයා (Zendaya) සහ ටොම් හොලන්ඩ් (Tom Holland) චිත්‍රපටය ප්‍රවර්ධනය කිරීම සඳහා ලොව පුරා සංචාරය කරමින් මාධ්‍ය හමු සඳහා එක්වෙමින් සිටිති.
මෙම වසරේ මුල් භාගයේදී රහසිගතව විවාහ වීමෙන් පසු ඔවුන් දෙදෙනා ප්‍රසිද්ධියේ මාධ්‍ය හමුවට පැමිණෙන පළමු අවස්ථාව මෙය වන බැවින් මෙම ප්‍රචාරක චාරිකාව ලෝක සිනමා රසිකයන්ගේ දැඩි අවධානයට ලක්ව ඇත. ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් සහ නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර පැවති මාධ්‍ය හමුවලදී Christian Cowan, Prada, Thom Browne, Louis Vuitton සහ Alexander McQueen වැනි සුප්‍රසිද්ධ සන්නාමයන්ගේ ආකර්ෂණීය විලාසිතාවන්ගෙන් සැරසී ඔවුන් කරළියට පැමිණි අතර, ඉදිරි දිනවලදී ද ඔවුන් තවත් විලාසිතා රැසකින් රසිකයන් හමුවට පැමිණීමට නියමිතය.
















