27 April 2024
#දේශීය

UNP පාර්ලිමේන්තු මන්ත්‍රීන් සිරිකොත ට…

ජනාධිපතිවරණ පරාජයෙන් පසු පලමුවතාව ට එක්සත් ජාතික පක්ෂයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද (30) නායකත්වය විසින් නිල වශයෙන් කොළඹ ට කැඳවා තිබේ.

ඒ අනුව අද උදෑසන 11.00ට සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී විශේෂ හමුවක් පැවැත්වෙයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ පාර්ලිමේනතු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස අතර සාකච්ඡාවක් ද අද පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි.

විපක්ෂයක් ලෙස ඉදිරි පාර්ලිමේන්තු කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව මෙහිදි සාකච්ඡා කෙරෙනු ඇති බව වාර්තා වෙයි.

* Janith Vipulaguna

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *