27 April 2024
#සංවර්ධන

ඉදිරි සතියේ සිට උතුරේ මුහුදු කූඩැල්ලන් ඇල්ලීම සඳහා උපදෙස් – ධීවර අමාත්‍යාංශය

පේදුරුතුඩුවේ සම්ප්‍රදායික ධීවර රැකියාවේ නිරත වන ධීවරයින් සහ මුලතිව් වෙරළ තීරයේ සිට පේදුරුතුඩුව දක්වා කිමිඳී මුහුදු කූඩැල්ලන් අල්ලනු ලබන ධීවරයන් සමඟ පැවති සාකච්ඡාවේදී වෙරළ සිට සැතපුම් 05ක දුරින් මුහුදු කූඩැල්ලන් ඇල්ලීම වෙනුවෙන් භාවිතා කරන ලෙස කිමිඳුම්කරුවන්ට උපදෙස් ලබා දුන් බව ධීවර අමාත්‍යාංශය පවසයි.

G.P.S. තාක්ෂණය ඔස්සේ එම සීමාව තීරණය කර සිතියම් ගත කර ඇතිබව එම අවස්ථාවේදී ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ධීවරයන්ට පැවසීය.

එම තීරණය උල්ලංඝනය කරනු ලබන කිමිඳුම්කරුවන්ට නීතිමය පියවර ගැනීමටත් නාවික හමුදාවට උපදෙස් ලබා දීමට කටයුතු කරන බව එම සාකච්ඡාවේදී ධීවර දෙපාර්තමේන්තුව කළ යෝජනාවට දෙපිරිසම එකඟතාවය පළ කළේය.

මෙහිදී ධීවරයන් විසින් කෘෂිකර්ම, වාරිමාර්ග, ග්‍රාමීය ආර්ථික කටයුතු සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතාට සිය ධීවර ගැටළු යොමු කළ අතර සම්ප්‍රදායික ධීවර කටයුතුවල නිරත උතුරේ පේදුරුතුඩුවේ ධීවරයන්ද නවීන ධීවර තාක්ෂණය මාළු ඇල්ලීම සඳහා යොදා ගත යුතු බවත් ඒ සඳහා තම අමාත්‍යාංශය ධීවරයන්ට අමතර උපදෙස් ලබා දීමට බැඳී සිටින බවත් අමාත්‍යාවරයා වැඩි දුරටත් පැවසීය.

මෙම අවස්ථාවට ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙඳආරච්චි මහතා, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා, ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න ගිනිගේ මහතා සහ අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *