දරුණු ආපදා තත්ත්වයක් හේතුවෙන් නායයෑමට ලක්ව විනාශ වී තිබූ උඩරට දුම්රිය මාර්ගයේ නානුඔය සහ අඹේවෙල දුම්රිය ස්ථාන දෙක අතර කොටසෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කර තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින්ගේ දැඩි කැපවීම මත මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමෙන් පසු, ආපදා හේතුවෙන් බදුල්ල සිට අඹේවෙල දක්වා පමණක් සීමා කර තිබූ දුම්රිය ධාවන කටයුතු මේ මස 20 වැනිදා සිට බදුල්ලේ සිට නානුඔය දක්වා දීර්ඝ කරමින් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වෙයි.















