බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රඹුක්පොත මහ ඇල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු රුපියල් ලක්ෂ 45ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ අද (18) නිල වශයෙන් ආරම්භ කර තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මූල්‍ය දායකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු සඳහා පවතින ජල ගැටලුවට තිරසාර විසඳුමක් ලබාදීමයි. මේ හරහා අක්කර 50ක පමණ කුඹුරු සහ වගාබිම් ප්‍රමාණයකට අඛණ්ඩව ජලය සැපයීම සහතික කෙරෙන අතර, ප්‍රදේශයේ වෙසෙන ගොවි පවුල් 100කට අධික සංඛ්‍යාවකට මෙයින් සෘජු ප්‍රතිලාභ හිමිවීමට නියමිතය. මෙම වාරි ප්‍රතිසංස්කරණ කටයුතු නිමවීමත් සමඟ ඉදිරි කන්නවලදී ප්‍රදේශයේ වගා පාලු වීම් අවම කරමින් කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ නැංවීමටත්, එමඟින් ගොවි ජනතාවගේ ආර්ථිකය හා ජීවනෝපාය වඩාත් ශක්තිමත් කිරීමටත් විශාල දායකත්වයක් ලැබෙනු ඇතැයි බලධාරීන් අපේක්ෂා කරයි.
















