රතු මුහුදේ නෞකා ගමනාගමනයට එල්ල වන තර්ජන හමුවේ, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තර්ජනවලින් අනතුරුව ඇමෙරිකාව විසින් ඉරානයේ කැස්පියන් වෙරළ තීරයේ සිට දකුණු දෙසට පිහිටි හමුදා ඉලක්ක වෙත ප්‍රබල මිසයිල ප්‍රහාර එල්ල කර තිබේ.
යේමනයේ හූති සංවිධානය විසින් සවුදි තෙල් නෞකා දෙකකට එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් මිල ඩොලර් 100 සීමාව ඉක්මවා ගිය අතර, ඊට ප්‍රතිචාර ලෙස ඇමෙරිකාව මෙම ප්‍රහාර එල්ල කර ඇත. ඇමෙරිකානු ප්‍රහාර හමුවේ ඉරානය ද කුවේට්, බහරේන්, ජෝර්දානය සහ ඉරාකයේ පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරගනිමින් මිසයිල ප්‍රහාර එල්ල කර ඇති අතර, එම කලාපවල සිටින ජනතාවට ඇමෙරිකානු හමුදා භාවිතා කරන ස්ථානවලින් ඉවත් වන ලෙස ද අනතුරු අඟවා තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














