27 April 2024
#දේශීය

තමන්ගේ දරුවාට කිරි විදුරුවක් දෙනවාද වස විදුරුවක් දෙනවාද? (Video)

කිරිපිටි සම්බන්ධයෙන් අන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වී තිබෙන මොහොතක TTVnews විසින් මේ සම්බන්දයෙන් සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ගිෂාන්ත දසනායක මහතාගෙන් මේ පිළිබඳ විමසා සිටියේය.

ශ්‍රී ලංකාව ආනයනයෙන් ලොව තුන්වන ස්ථානයේ සිටින බව වෛද්‍ය ශිෂාන්ත මහතා කියා සිටියේය. ආනයනය කරනු ලබන කිරිපිටිවල කිසිදු පෝෂණයක් නොමැති බව දසනායක මහතා පැවසිය. මෙම කිරිපිටි වල විවිධ රෝගාබාධ හා විෂ සහිත දේ අන්තර්ගතව ඇති බව ඔහු හෙළි කලේය. නමුත් සෞඛ්‍ය බලධාරින් මේ සම්බන්ධයෙන් හිතාමතාම වසන් කර තිබෙන බවත් එයට හේතුව වන්නේ කිරි පිටි කර්මාන්තය යනු විශාල ලාභ ලබන ව්‍යාපාරයක් මෙන්ම විශාල මාෆියාවක් ක්‍රියාත්මක කරමින් සිදු කරන බව ද දසනායක වෛද්‍යවරයා කියා සිටියේය.

තමන්ගේ දරුවාට කිරි විදුරුවක් දෙන්නේ නම් එය වස විදුරුවක් දෙන හා සමාන බව වෛද්‍ය ගිෂාන්ත දසනායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අපගේ TTVnews.lk Youtube channel ඔස්සේ ඔබට දැන් නැරඹිය හැකිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *