• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආයෝජන හා වෙළෙඳාම ප්‍රවර්ධනයට වියට්නාමයේ සහාය

30 March 2021
in දේශීය

ශ්‍රී ලංකාවට අලුතින් පත් කරනු ලැබ සිටින, වියට්නාම් සමාජවාදී ජනරජයේ තානාපතිනි හෝ තී තාන් ටෘක් මහත්මිය ( Ho Thi Thanh Truc) අද (30) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍රය පිළිගැන්වූවාය.

අනතුරුව ජනාධිපති රාජපක්ෂ මහතා සහ නව වියට්නාම් තානාපතිනිය වත්මන් ද්විපාර්ශ්වික සබඳතා සහ අනාගත සහයෝගීතා වර්ධනය පිළිබඳව කෙටි වේලාවක් අදහස් හුවමාරු කරගත්හ. වියට්නාම් රජයේ සහ ජනතාවගේ සුබ පැතුම් ජනාධිපතිවරයා වෙත පුද කළ හෝ තී තාන් ටෘක් මහත්මිය ශ්‍රී ලංකාව සමග සබඳතාවනට වියට්නාමය ඉහළම ප්‍රමුඛතාවක් දී ඇතැයි සඳහන් කළාය.

සිය රට මුහුණ පා සිටි දුෂ්කර අවධියේ දී ශ්‍රී ලංකාවෙන් ලැබුණු සහයෝගය තානාපතිනියගේ පැසසුමට ලක් විය. තම ධූර කාලය තුළ දෙරට අතර සහයෝගීතාව සහ මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට හැකි සෑම දෙයක්ම කරන බව තානාපතිනිය කීවාය.

වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන මිත්‍රත්වය අගය කරමින් කථා බහ ආරම්භ කළ ජනාධිපතිතුමා තම රජයේ සමාජ, ආර්ථික දර්ශනය තානාපතිනියට පැහැදිළි කළේය. “ කෘෂි ආර්ථික සංවර්ධනය, දරිද්‍රතාව පිටුදැකීම, ගැමි ජනයාගේ ආදායම නැංවීම අපේ ප්‍රමුඛතා කිහිපයක්. ඒ අරමුණ දිනා ගැනීමට අවශ්‍ය සැලසුම් දැන් ක්‍රියාත්මක කොට තිබෙනවා. ඒවායේ අවසාන ඉලක්කය අඩු ආදායම්, මැදි ආදායම්, ග්‍රාමීය, නාගරික ආදී සෑම සමාජ ස්ථරයකටම වඩා සතුටුදායක ජිවන තත්ත්වයක් අත්කර දීම. අප සංවර්ධනය දෙස බලන්නේ වාර්ගික දෘෂ්ටියකින් නොවෙයි. ජනතාව සමස්ථයක් ලෙස සලකමින්” ජනාධිපතිවරයා කීය.

වී සහ වෙනත් කෘෂි භෝග සඳහා සහනාධාර දෙමින් ඉහළ මිලක් සහතික කිරීම නිසා සෑම ජන කොටසකටම අයත් ගොවීනට ප්‍රතිලාභ අත්ව ඇතැයි රාජපක්ෂ මහතා පැවසීය. බෙදුම්වාදී යුද්ධය පරාජය කිරීමෙන් පසු ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වයෙන් කිසිවෙකු මරණයට පත් නොවූ බවත්, රට තුළ විශාල සංවර්ධනයක් ඇති කිරීමට හැකි වූ බවත් හෙතෙම සඳහන් කළේය.

ශ්‍රී ලංකා ආර්ථිකයේ පවත්නා ආයෝජන ඉඩ ප්‍රස්ථා හඳුනාගෙන ඉන් ප්‍රයෝජන ගන්නැයි වියට්නාමයෙන් ඉල්ලීමක් කළ ජනාධිපතිවරයා දෙරට අතර වෙළෙඳාම සහ සංචාරක ව්‍යාපාරය තවදුරටත් වර්ධනය කළ හැකි බව පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා වියට්නාම් ව්‍යාපාරිකයන් දිරි ගැන්වීමටත්, වෙළෙඳ හා සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයටත් ඉහළ ප්‍රමුඛත්වයක් දෙන බවට වියට්නාම් තානාපතිනිය සහතික වූවාය.

ශ්‍රී ලංකා – වියට්නාම් තානාපති සබඳතා 1970 ජුලි 21 වැනිදා ආරම්භ විය.

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ, වියට්නාම් තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ත්‍රාන් ත්‍රොං තාන් යන මහත්වරු කථා බහට එක්ව සිටියහ.

 

Post Views: 8
Previous Post

නිස්කලංක ජීවිතයකට ප්‍රයිම් CLOVER IN THALAWATHUGODA

Next Post

මොන පීඩනය තිබ්බත් මහමග පහර දීම අනුමත නොකරන බව ඇමැති සරත් කියයි

editor

editor

Next Post

මොන පීඩනය තිබ්බත් මහමග පහර දීම අනුමත නොකරන බව ඇමැති සරත් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved