27 April 2024

මොන පීඩනය තිබ්බත් මහමග පහර දීම අනුමත නොකරන බව ඇමැති සරත් කියයි

පසුගියදා පන්නිපිටියේ දී සිදුවු සිදුවීමට සම්බන්ධ අදාළ පොලිස් නිලධාරියාව වහාම අත්අඩංගුවට ගත් අතරම එම නිලධාරියාගේ වැඩ තහනම් කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කළුතර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශය විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් සිදුකළ විමසුමක දී ය.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ කිසිදිනෙක පොලිස් නිලධාරියෙක්ට ජනතාවට ඒ වගේ පහර දෙන්න අයිතියක් නැති අතර මේ වසරේ මේ වෙනකොට පොලිස් නිලධාරීන් 72 පාරේ අනතුරුවලින් අනතුරු වලට ලක්වෙලා තිබෙන අත එයින් 18 දෙනෙක් මිය ගොස් ඇති බවයි.

ගිය වසරේ රාජකාරිය යෙදී සිටින විට පොලිස් නිලධාරින් 293 වාහන අනතුරු වලට ලක් ඇති බවත් ඉන් 28 දෙනෙක් මිය ගොස් ඇති බව සඳහන් කළේය.

මෙම පොලිස් නිලධාරීන් ලොකු පීඩනයක රාජකාරි කරන අතර නමුත් මොන පීඩනය තිබ්බත් මෙම වගේ කටයුතු අනුමත නොකරන නිසා ඔහුව අත්අඩංගුවට ගත් බවත් ජනතාවත් පොලිස් නිලධාරීන් කරන මෙහෙවර හා පීඩනය තේරුම් ගත යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 මෙම අවස්ථාව සඳහා වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන කාන්තා හා ළමා සංවර්ධන ,පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත අමාත්‍යංශ ලේකම් මේජර් ජෙනරාල් ජගත් අල්විස් සහ පොලිස්පති චන්දන වික්‍රමරත්න මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි විය

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *