• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඡන්දයක් දැක දැක රාජ්‍ය බලය හා සම්පත් දේශපාලනිකව භාවිතා කිරීමට එරෙහි වන්න – පැෆ්රල් සංවිධානය

5 May 2024
in දේශීය, පුවත්
ජනාධිපතිවරණය ඔක්. 14 පෙර පැවැත්විමේ වගකීම මැතිවරණ කොමිෂන් සභාව සතුයි – පැෆ්රල්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පළාත් පාලන මැතිවරණය දින නියමයක් නොමැතිව කල් ගිය අවස්ථාවකදී සහ ඉදිරි ජනාධිපතිවරණය ආසන්නයේ දී රාජ්‍ය බලය හා සම්පත් දේශපාලනිකව භාවිත වීම වැළැක්වීමට ක්‍රියාකරන ලෙසත් දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන් ප්‍රවර්ධනය වීම වැළැක්වීමට නිසි පියවර ගන්නා ලෙස පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

ඒ මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා වෙත ලිපියක් යොමු සඳහන් කර සිටින්නේ රාජ්‍ය බලය හා සම්පත් භාවිත කරමින් සංවර්ධන ව්‍යාපෘති නාමයෙන් සිදුකරනු ලබන දේශපාලන ප්‍රවර්ධන වැඩසටහන් වළකා සමාන ඉඩ ප්‍රස්ථා යටතේ මැතිවරණ සඳහා තරඟ වැදීමට අවකාශය සැලසිය යුතු බවයි.

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා වෙත යොමු කල ලිපිය සම්පුර්ණයෙන් මෙසේය.

ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා,
සභාපති,
මැතිවරණ කොමිෂන් සභාව,
සරණ මාවත,
රාජගිරිය.
2024.05.02

හිතවත් සභාපතිතුමනි,

රාජ්‍ය බලය හා සම්පත් භාවිත කරමින් සංවර්ධන ව්‍යාපෘති නාමයෙන් සිදුකරනු ලබන දේශපාලන ප්‍රවර්ධන වැඩසටහන් වළකා සමාන ඉඩ ප්‍රස්ථා යටතේ මැතිවරණ සඳහා තරඟ වැදීමට අවකාශය සැලසීම.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පවත්වනු ලබන දිනය, දින නියමයක් නොමැතිව කල්ගියද එකී ඡන්ද විමසීම අවලංගු කොට නොමැති තත්ත්වයක් තුළ පූර්ව මැතිවරණ නීති බලාත්මක බව අපගේ විශ්වාසයයි.

එමෙන්ම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය ඔක්තෝබර් මාසයේ 17 වන දිනට පෙර පැවැත්විය යුතු බව හා ඒ අනුව අගෝස්තු මාසය වන විට මැතිවරණය ප්‍රකාශයට පත්විය හැකි බව දේශපාලනය පිළිබඳ උනන්දුවක් ඇති ඕනෑම අයෙකු දන්නා කරුණකි. එවැනි වාතාවරණයක් තුළ දේශපාලන අධිකාරිය විසින් සැලසුම් සහගතව ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන් ප්‍රවර්ධනයක් සිදුවන බව බැලූ බැල්මට පෙනෙන්නට තිබේ.

මේ සම්බන්ධයෙන් පහත සඳහන් කරුණු ඔබ කොමිෂන් සභාවේත්, ඔබතුමාගේත් අවධානය යොමු කිරීමට කැමැත්තෙමු.

1. විමධ්‍යගත අයවැය වැඩසටහන – 2024 යන තේමාව යටතේ සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත 2023/12/29 දින යොමු කරන ලද මුදල් අමාත්‍යංශ චක්‍රලේඛ MF/02/2023 යන චක්‍රලේඛය හරහා 2024 අයවැය ප්‍රතිපාදන මගින් 2024 වර්ෂය සඳහා වෙන් කරන ලද සියලු සංවර්ධන ව්‍යාපෘති ජූලි 31 දිනට අවසන් කරන ලෙස (8.3 වගන්තිය) උපදෙස් දී තිබේ. වසරක් තුළ ක්‍රියාත්මක කිරීමට අයවැයෙන් වෙන්කරන ලද මුදල් හා ඊට අදාල සංවර්ධන ව්‍යාපෘති මාස 7 කින් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ඇති අවශ්‍යතාවය කවරේද? කඩිනම් කිරීම මගින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ ඵලදායීතාවය, ගුණාත්මකභාවයට ගැටලු ඇති නොවේද?

එමෙන්ම මෙම කඩිනම් කිරීම සිදුකරන්නේ ආණ්ඩුවට අනුව මුදල් නැති ආර්ථික අර්බුදයක් තුළය. බැලූ බැල්මට මෙහි ඇති අරමුණ ඉතා පැහැදිලි ය. අගෝස්තු මාසය වන විට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වීමට නියමිත බැවින් ඊට ප්‍රථම මෙම සංවර්ධන ව්‍යාපෘති අවසන් කර එහි වාසිය බලයේ සිටින පාර්ශවය වෙත ලබාගැනීම මෙහි අරමුණ ලෙස පෙනී යයි.

2. කඳුකර දශකය 2024- 2033 දශවිධ විශේෂ ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන යන තේමාව යටතේ ජනාධිපති කාර්යාලය නිකුත් කළ (2024 ජනවාරි 24) චක්‍රලේඛ අංක PS/FID/ID/Circular/1/2024

මෙම චක්‍රලේඛයට අනුව අවුරුදු 10 ක සංවර්ධන සැලැස්මේ 2024ට අදාළ සංවර්ධන වැඩසටහන මාර්තු 10 දිනට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයට යොමු කර අනුමැතිය ගත යුතු අතර එකී සංවර්ධන කටයුතු 2024 ජූලි 31 ට පෙර අවසන් කළ යුතුය (4.1 වගන්තිය) ඒ අනුව සංවර්ධන ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබා ගැනීම, මුදල් වෙන්කර ගැනීම හා සංවර්ධන කටයුතු අවසන් කිරීම සඳහා ලබා දී ඇත්තේ මාස 4 ක කාලයකි. මේ හරහා ද එකී සංවර්ධන ව්‍යාපෘතිවල ඵලදායීභාවයේ හා ගුණාත්මකභාවයේ ගැටලු ඇතිවිය හැකිය. දස අවුරුදු සැලැස්මක 2024 අදාල කොටස මාස 4 කින් නිම කිරීමට උපදෙස් දීම පුදුමසහගත ය. මෙහිද සැබෑ අරමුණු මැතිවරණය බව පෙනී යයි.

3. එමෙන්ම මේ වන විට සිදු කරන සහනාධාර වැඩසටහන් , සහල් බෙදාදීම, ඉඩම් ලබාදීම, නිවාස ලබාදීම, රැකියා අයදුම්පත් ලබාදීම වැනි වැඩසටහන් ක්‍රියාත්මක වන ආකාරය, දේශපාලන සහභාගීත්වය වැනි කාරණා මත බැලූ බැල්මටම මැතිවරණ ඉලක්ක කරගෙන සිදු කරන බව පෙනී යයි.

4. පළාත් පාලන බලප්‍රදේශ ප්‍රජා උපදේශක කමිටු පත් කිරීම යන තේමාව යටතේ ජනාධිපති කාර්යාලය නිකුත් කළ චක්‍රලේඛ PS/SB/Circular/5/2024

මෙම චක්‍රලේඛය මගින් ආණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය සඳහා ප්‍රජා කමිටු පත්කිරීමට යෝජනා කර ඇත. ඒ පිළිබඳව අපගේ විරෝධතාවක් නොමැති අතර ප්‍රජා සහභාගීත්වය ලබාගැනීම අගය කළ යුත්තකි. එහෙත් එහි අන්තර්ගතය සලකා බැලූ විට එය ද ඉදිරි මැතිවරණ ඉලක්ක කරගත් දේශපාලන වැඩසටහනක් බව බැලූ බැල්මට පෙනී යයි. ඊට අදාළ පහත සඳහන් කරුණු මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමු කරමු.

ඉහත සඳහන් සංවර්ධන ව්‍යාපෘති සිදු කරන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් වන නමුත් මෙහි කමිටු යෝජනා කර ඇත්තේ පළාත් පාලන ආයතන මට්ටමිනි.
(රජයේ සංවර්ධන යෝජනා ක්‍රම සඳහා දායකවීමට පළාත් පාලන අපේක්ෂකයන් ජනාධිපතිවරයාගේ ඉල්ලීමක් කළ බව සිහියේ තබාගත යුතුය.)

මෙම ප්‍රජා කමිටු සාමාජිකයන් තෝරාගැනීම සඳහා නිර්නායකයන් යෝජනා කර නොමැති තත්ත්වයක් තුළ ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන් තෝරා ගැනීමේ දැඩි අවධානමක් ඇත. එය පහත කරුණුවලින් සනාථ වේ.

ප්‍රජා උපදේශක කමිටු පත්කිරීම ආණ්ඩුකාරවරයා විසින් සිදුකළ යුතු අතර ඒ සඳහා අග්‍රාමාත්‍යතුමාගේ පූර්ව අනුමැතිය ලබාගත යුතු බව සඳහන් වේ. ආණ්ඩුකාරවරයා ජනාධිපතිවරයාගේ ඍජු නියෝජිතයා වන අතර අග්‍රාමාත්‍යවරයා ඍජු ලෙසම දේශපාලන නායකයෙකි. එමෙන්ම එතුමා පළාත් පාලන විෂයභාර අමාත්‍යවරයාද වේ. එබැවින් එම පත් කිරීම් දේශපාලනික වීම බොහෝ දුරට විය හැකිය. එකී තෝරා ගැනීම්, නිර්නායකයන්ට අනුගත ව දේශපාලන නොවන පිරිස අතුරින්, ප්‍රාදේශීය ලේකම් වරයා හෝ දිස්ත්‍රික් ලේකම් වරයා සිදු කරන්නේ නම් මේ තත්ත්වය මග හැරෙනු ඇත.

මෙම චක්‍රලේඛයට අනුව පළාත් පාලන බල ප්‍රදේශයට මිලියන 10 ය බැගින් වෙන්කර ඇති අතර එය කමිටු මගින් තෝරාගත් සංවර්ධන කටයුතු සඳහා ලබාදීමට සැලසුම් කර ඇත. පළාත් පාලන මැතිවරණය පවත්වා ගැනීමටවත් මුදල් නොමැති තත්ත්වයක මෙසේ කඩිනමින් මුදල් වියදම් කිරීම විශ්මය ජනක ය. මෙම මුදල බිලියන 3.4 ක් වන අතර එය පළාත් පාලන මැතිවරණයේ මුලු වියදමෙන් 1/3 පමණ වේ. එමෙන්ම අවසානයේ එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ මහජන නියෝජිතයින්ගෙන් තොරව ජනාධිපතිවරයාගේ ඍජු නියෝජිතයා වන ආණ්ඩුකාරවරයාගේ අනුමැතිය සහිතව පළාත් සභාව මගින් වේ. එමෙන්ම අයවැයෙන් මැතිවරණය සඳහා වෙන්කර ඇති මුදල් නිදහස් නොකරන ආණ්ඩුව මෙම මුදල් වෙන් කරන්නේ කවර ආකාරයෙන් ද ඒ සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලැබී තිබේද යන්න ගැටලුවකි.

පළාත් පාලන මැතිවරණය සඳහා පාර්ලිමේන්තුව වෙන්කළ රුපියල් බිලියන 10 නිදහස් නොකරන රජය ඉහත චක්‍රලේඛ දෙක හරහා ( කඳුරට සංවර්ධන සැලසුම හැර) විමධ්‍යගත අය වැය මගින් රුපියල් බිලියන 11.2ක මුදලක් කඩිනම් සංවර්ධන කටයුතු සඳහා ද පළාත් පාලන උපදේශන කමිටුවල නිර්දේශය සහිතව ආණ්ඩුකාරවරුන් මගින් සංවර්ධන කටයුතු සඳහා රුපියල් බිලියන 3.4ක් ද වියදම් කිරීමට සැලසුම් කර ඇත.

ජනතාව අසීරුතාවයට පත්ව ඇති මොහොතක ආණ්ඩුව සුබසාධන කටයුතු ක්‍රියාත්මක කිරීම පිළිබඳව හෝ ආණ්ඩුවේ ප්‍රතිපත්ති මත සහ අය වැය මගින් වෙන්කර ඇති සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳව අපගේ විරෝධයක් නොමැති අතර අපගේ විරෝධය වන්නේ එකී ව්‍යාපෘති හරහා පැහැදිලිවම දේශපාලන පක්ෂ හා අපේක්ෂයක් ප්‍රවර්ධනය වන ආකාරයට එකී සැලසුම් ක්‍රියාත්මක කිරීමයි.

අප ඔබතුමා ප්‍රමුඛ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටින්නේ මේ වන විටත් මැතිවරණයක් ක්‍රියාත්මක වන බැවින් සහ ඉදිරි ජනාධිපතිවරණය ආසන්නයේ වන බැවින් මෙම ක්‍රියාවලිය හරහා රාජ්‍ය බලය හා සම්පත් දේශපාලනිකව භාවිත වීම වැළැක්වීමට ක්‍රියාකරන ලෙසත් දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන් ප්‍රවර්ධනය වීම වැළැක්වීමට නිසි පියවර ගන්නා ලෙසත් ය. එමගින් මැතිවරණවලදී අත්‍යවශ්‍යම සාධකයක් වන සමබිම ආරක්ෂා කිරීමට කටයතු කරන ලෙසත් ය.

ස්තුතියි.

මෙයට,
විශ්වාසී,

රෝහණ හෙට්ටිආරච්චි
විධායක අධ්‍යක්ෂක

පිටපත් – මාධ්‍ය ආය;න හා උනන්දුවක් දක්වන සෙසු පාර්ශව

Post Views: 11,994
Previous Post

ජනපති රනිල්ගේ මුත්තා මෙරට මුල්ම ඉඩම් කොමසාරිවරයා බව මන්ත්‍රී වජිර‌ කියයි

Next Post

පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු වහාම ආරම්භ කරනවා – රාජ්‍ය ඇමැති රංජිත්

editor ttvnews

editor ttvnews

Next Post
නව අස්වැසුම ප්‍රතිලාභින් ලක්ෂ 04 ක් තෝරාගැනීම් ලබන 10 වනදායි ආරම්භ කරනවා – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු වහාම ආරම්භ කරනවා - රාජ්‍ය ඇමැති රංජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

17 June 2025
කුරුණෑගල නගරාධිපති – නීතිඥ ආනන්ද සහබන්දු

කුරුණෑගල නගරාධිපති – නීතිඥ ආනන්ද සහබන්දු

17 June 2025
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා ඉවත් වන්න – ට්‍රම්ප්

ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා ඉවත් වන්න – ට්‍රම්ප්

17 June 2025
දේශීය සංචාරක සේවා සපයන්නන්ගේ ධාරිතාවය ඉහළ නංවමින් සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා –  හරිනි අමරසූරිය

දේශීය සංචාරක සේවා සපයන්නන්ගේ ධාරිතාවය ඉහළ නංවමින් සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා –  හරිනි අමරසූරිය

17 June 2025

Recent News

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

17 June 2025
කුරුණෑගල නගරාධිපති – නීතිඥ ආනන්ද සහබන්දු

කුරුණෑගල නගරාධිපති – නීතිඥ ආනන්ද සහබන්දු

17 June 2025
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා ඉවත් වන්න – ට්‍රම්ප්

ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා ඉවත් වන්න – ට්‍රම්ප්

17 June 2025
දේශීය සංචාරක සේවා සපයන්නන්ගේ ධාරිතාවය ඉහළ නංවමින් සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා –  හරිනි අමරසූරිය

දේශීය සංචාරක සේවා සපයන්නන්ගේ ධාරිතාවය ඉහළ නංවමින් සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා –  හරිනි අමරසූරිය

17 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

17 June 2025
කුරුණෑගල නගරාධිපති – නීතිඥ ආනන්ද සහබන්දු

කුරුණෑගල නගරාධිපති – නීතිඥ ආනන්ද සහබන්දු

17 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved