• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

වෝටර්ස් ඒජ් අවට කලාපය විනෝදාස්වාද කලාපයක් කිරීමට පියවර – ඇමති පාඨලි

6 September 2018
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වෝටර්ස් ඒජ් අවට කලාපය විනෝදාස්වාද කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.  අමාත්‍යවරයා මේ බව පැවසුවේ, වෝටර්ස් ඒජ් හෝටලයේ පුළුල් කරන ලද නවතම ඉංජිනේරු ඒකකය සහා නවතම හරිත රථගාල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින්. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, වෝටර්ස් ඒජ් ආයතනය දිනෙන් දින පියවරෙන් පියවර සංචාරක ව්‍යාපාරයට බලගතු පිටුබලයක්. ඒ වගේම පරිපාලන නගරය නමින් ඉදිරියේ අපි ගොඩනගාගෙන යන මේ බත්තරමුල්ල ප‍්‍රදේශයට අලූත් ජවයක්. මතයක් තිබුණා රාජ්‍ය අංශයට හෝටල් කළමණාකරණය වැනි දේවල් කරන්න බැහැ කියලා. ඒවා සංචාරක අමාත්‍යාංශයට වගේම වෙනත් ආයතනවලට හෝටල්, තානායම් ආදිය පුද්ගලික අංශයට ලබාදුන්න. අපටත් 2016 දී මුදල් අමාත්‍යාංශයෙන් යෝජනාවක් ඉදිරිපත් උනා මේ හෝටල් සංකීර්ණයත් පෞද්ගලික අංශයට ලබාදී කාර්යක්ෂම කළමනාකරණයක් ලබාදෙන්න කියලා. අපි අභියෝගයක් භාර ගත්තා. එය තමයි පුද්ගලික අංශයට නොදෙවෙනි ශක්තිමත් කාර්යක්‍ෂම ආයතනයක් බවට වෝටර්ස් ඒජ් ආයතනය පරිවර්ථනය කිරීම. අද ලංකාවේ තිබෙන  ඕනෙම පෞද්ගලික සංචාරක හෝටලයකට වඩා හොඳින් අපේ හෝටලය තමන්ගේ කළමනාකරණය පවත්වාගෙන යනවා. ඒ වගේම මූල්‍යමය වශයෙන් ඉතාම ශක්තිමත් ආකාරයකට ලාභ උපයන ව්‍යාපාරයක් බවට පත් කර තිබෙනවා. ඒ වගේම මූල්‍යමය වශයෙන් තමන්ගේ ශක්තියෙන් ආයෝජන කරන තැනක් බවට පරිවර්ථනය වී තිබෙනවා.

ඒ වගේම ව්‍යාපෘති ගණනාවක් මේ වන කොට අපි දියත් කර තිබෙනවා. එමගින් අපි පෙන්වා දී තිබෙනවා රාජ්‍ය අංශයට පුද්ගලික අංශයට වගේම ශක්තිමත්ව අවශ්‍ය නම් මූල්‍ය කළමනාකරණය කරන්නත් පුළුවන්. පිරිස් කළමනාකරණය කරන්නත් පුළුවන්. ඒ වගේම රටේ ආර්ථිකයට ජවයක් ලබාදෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම මේ රටේ වියදම් කරලා යම් යම් නිර්මාණ කරන අය පමණක් බොහෝම දක්ෂ විශ්ම කර්මයෝ හැටියට පෙන්වන සම්ප‍්‍රදායක් අපේ රටේ තිබෙනවා. මොන මොනවා හරි ගොඩනැගිලි ඉදිකිරීම්, වෙනත් පාරවල්, ගුවන් තොටුපලවල්, වරායවල් ඉදිකිරීම සඳහා රාජ්‍ය ධනය වීසි කරනකොට ඒවා මහා දස්කම් විස්කම් හැටියට පෙන්වනවා. නමුත් නියම රාජ්‍ය කළමනාකරණය කියන්නේ වියදම් කිරීමේ දක්ෂතාවය විතරක් නෙමෙයි, ආදායම් ඉපදවීමේ දක්ෂතාවය. අන්න ඒ ආදායම් ඉපදවීමේ දක්ෂතාවය පැත්තෙන් වෝටර්ස් ඒජ් ආයතනය රටේ සෑම රාජ්‍ය ආයතනයකටම වැදගත් ආදර්ශයක් ලබා දී තිබෙනවා. ඒ ගැන අපි සතුටු විය යුතුයි. හු`ග දෙනෙක් දන්නේ භාණ්ඩාගාරේ අරමුදල් වලින් මේවා දුවවන්න තමයි.

මේ අවස්ථාවේදී මම සඳහන් කළ යුතුයි, අපේ හොඳට තිබූ රාජ්‍ය ආයතනත් බිඳ වැටුනා රාජ්‍ය කළමනාකාරීත්වය නිසා. හොඳම උදාහරණය දැන් මේ රටට, ආර්ථිකයට බරක් වී තිබෙන ශ‍්‍රී ලංකන් ගුවන් සේවය. 2007 වර්ෂයේ ශ‍්‍රී ලංකන් ගුවන් සේවය එමිරේට්ස් ආයතනයෙන් භාර ගන්න වෙලාවේ මිලියන 8000 ක ලාභයක් ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ තිබුණා. එය අපේ රාජ්‍ය කළමනාකරණයට භාර ගත්තා. ඒ වගේම මිහින් ලංකා නමින් තවත් ගුවන් සේවයක් ඇති කර ගත්තා. හිතවත් පිරිස්, දක්ෂ පක්ෂයි කියන අය, විශ්ව කර්ම වැඩ කරනවයි කියන අය ඒවයේ කළමනාකාරීත්වයට පත් කර ගත්තා. ශ‍්‍රී ලංකා ගුවන් සේවයෙත්, මිහින් ලංකා ගුවන් සේවයෙත් සමුචිත පාඩුව රුපියල් බිලියන 200 කට වැඩියි. බිලියන දෙසීයක් කියන්නේ මේ රටේ සෑම පුරවැසියෙක්ම 2020 වනවිට ගෙවිය යුතුයි. ඒ වගේම රාජ්‍ය අරමුදල් විටින් විට ප‍්‍රකෝටි ගණන් ලබාගත්තා. එක් අවස්ථාවකදී මට මතකයි බිලියන 46 ක් ශ‍්‍රී ලංකන් එකට ලබාදුන්නා. මේ රටේ කෙරවල පිටියේ ද්‍රව වායු බලාගාරය හදන්න තිබෙන සල්ලි මෙගාවොට් 300 ක, එම බලාගාරය හදන්න ගියෙත් බිලියන 45 යි. ඒක ලබාදුන්නා ශී‍්‍ර ලංකන් එක ගොඩගන්න. එය සම්පූර්ණයෙන්ම අපතේ ගියා. අද ගොඩගන්න බැරි තත්වයකටම පත්වෙලා තිබෙනවා. තෙල් මිල අඩුවෙද්දි, ඒ වගේම ගුවන් සේවාවල මිල ගණන් අඩුවෙද්දි පහලට කඩා වැටෙන ප‍්‍රධාන ගුවන් සේවයක් හැටියට අපේ ගුවන් සේවය පත් වුණා. ඒ ගුවන් සේවයටත් අපි කියන්නේ වෝටර්ස් ඒජ් ආයතනයෙන්, නාගරික සංවර්ධන අධිකාරියෙන් ආදර්ශය ගන්න, කොහොමද ආදායම් උපදවන්නේ, කොහොමද රාජ්‍ය ආයතනයක් පාඩුවෙන් ගලවාගෙන පවත්වාගෙන යන්නේ කියලා.

ඒ වගේම මම කියන්න  ඕනේ මේ ආයතන ඉදිරියේදී අපි පුළුල් කරනවා. කාමර 35 කින් යුතු හෝටල් සංකීර්ණයක්. ඒ වගේම ක‍්‍රීඩා සංකීර්ණයක්. විනෝදාස්වාද ප‍්‍රදේශයක් බවට මේ වසරේදී මේ ප‍්‍රදේශය, මේ කලාපය දියුණු කරන්න කටයුතු කරනවා. ඒ වගේම මේ බත්තරමුල්ල ප‍්‍රදේශය පරිපාලන අගනගරය හැටියට විධිමත්ව ගොඩනැගීමේ ප‍්‍රධාන ගොඩනැගිලි ටික ගොඩනැගීමේ කාර්ය භාරයත් මේ වසරේදී ආරම්භ කරනවා. දැනටමත් අපි සෙත්සිරිපාය 3 ඉදිකිරීම් කටයුතු ආරම්භ කරලා තිබෙනවා. ඒ වගේම සෙත්සිරිපාය 4 ත් මේ වසරේ ඉදිකරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ප‍්‍රධාන ප‍්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතුත් ආරම්භ කරනවා.  ලබන වසරේදී අපි බලාපොරොත්තු වෙනවා ඒ සැහැල්ලූ දුම්රිය සේවයේ ඉදිකිරීම් කටයුතුවල මූලික ඉදිකිරීම් කටයුතුත් ඒ කියෙන්නේ විදුලි බලය, ජලය සහ අනෙකුත් සැපයුම් කටයුතුත්, කර්මාන්ත ශාලාවල ආදී දේවල්වල ඉදිකිරීම් කටයුතුත් ආරම්භ කරන්න. ඒ සැහැල්ලූ දුම්රිය මංපෙත මෙතනින් ගමන් කරනවා.

ඒ වගේම කැළණියේ සිට එන කණු මතින් දිව යන නව මහා මාර්ගයත් මේ ප‍්‍රදේශය හරහා යනවා. ඒ අනුව ඊළඟ අවුරුදු 5 දී මේ වොටර්ස් ඒ ආයතනය අවට තිබෙන විනෝදාස්වාද කලාපය  රටේ ප‍්‍රධානම කලාපයක් බවට ආර්ථිකය ධනය උත්පාදනය කරන තැනක් හැටියට පරිවර්ථනය වෙනවා. ඒ නිසා අපේ ආයතනය, අපේ අමාත්‍යාංශයේ දැක්මට අනුව මේ ආයතනයට අපේ සභාපතිතුමා ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලය ඇතුළු සේවක සේවිකාවන් දැක්වූ කැපවීමට මගේ ගෞරවය ඔබ සියළු දෙනාමට පිරි නමනවා.

විශේෂයෙන්ම යුද්ධය අවසන් උනාට පස්සේ 2009 දි රටේ ආර්ථිකයට විශාල පිබිදීමක් ඇති වුණා. ආර්ථිකයට එකතුවෙලා නොතිබිච්ච උතුරු හැ නැගෙනහිර ප‍්‍රදේශ රටේ අනෙකුත් ප‍්‍රදේශත් සමග ආර්ථිකයට එකතු උනහම ඒ ප‍්‍රදේශවලින් 20% ක පමණ ආර්ථික වර්ධන වේගයක් වාර්තා උනා. ඒ නිසාම රටේ ආර්ථිකයත් 6% කට වඩා වැඩි වේගයකින් වර්ධනය උනා. දැන් 2018, යුද්ධය ඉවර වෙලා දැන් අවුරුදු දහයයි ඒ යුද්ධයෙන් ලැබුණු ප‍්‍රතිලාභ දැන් ඉවරයි. ඒක හැම කෙනාම මතක තබා ගත යුතුයි. ඒනිසා උතුරෙන්, නැගෙනහිරින් ආර්ථිකයට එන්න තිබෙන දායකත්වය දැන් ඇවිල්ලා ඉවරයි. ඒ යුද්ධයෙන් ලැබිච්ච ප‍්‍රතිධානය, ප‍්‍රතිඵලය දැන් අවසන්. ඒ නිසා අලූතින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යා යුතුයි. පසුගිය කාලය පුරා රටේ ආර්ථිකය ගෙන ගියේ දියුණු උනේ ඉදිකිරීම් ක්‍ෂෙත‍්‍රයෙත්, සංචාරක ක්‍ෂෙත‍්‍රයෙත් පමණයි. ඒ ක්‍ෂෙත‍්‍ර දෙකටම සෑහෙන ප‍්‍රශ්න තියෙනවා, ඒ දෙකම ඉදිරියට ගෙනයන්න කටයුතු කරනවා වගේම  සාමයේ ප‍්‍රතිලාභ අවසන් නිසා අලූත් උපක‍්‍රමයක්, අලූත් උපාය මාර්ගයක් රටට අවශ්‍යයි රට ඉදිරියට ගෙනයන්න. මේ ගැනත් අපේ අවධානය දැන් යොමු විය යුතුයි. එනිසා පරණ තාල, පරණ සිතුවිලි පරණ ආකල්ප වලින් ඉදිකිරීම් ක්‍ෂෙත‍්‍රය ඉදිරියට ගෙන යන්නත් බැහැ. සංචාරක ක්‍ෂෙත‍්‍රය ඉදිරියට ගෙන යන්නත් බැහැ. ඒ වගේම රටේ සමස්ථ ආර්ථිකයත් ඒ පරණ තාලවලට ගෙනයන්න බැහැ. එනිසා අලූත් මගකට පිවිසීමට දැන් කාලය එළඹී තිබෙනවා මොකද පහුගිය අවුරුදු දෙක තුනක තිබෙන අත් දැකීමත්, ඉදිරි අවුරුද්දේ අත්දැකීමත් රටේ විශාල ණය බර ගෙවීමට තිබෙන අවුරුදු. ඒවාත් එක්කම රටේ ආර්ථිකයේ විශාල පසුබෑමක් වගේ ඇතැම් අය විස්තර කළත් මෙය එක්තරා ආකාරයකට අර සාමයේ ප‍්‍රතිලාභ, යුද්ධය අවසන් වීමේ ප‍්‍රතිලාභ දැන් අවසන්. අලූත් මගකට රට පිවිසිය යුතුයි කියන  කාරණයයි මේ අවධාරණය වෙන්නේ. ඒ සඳහා අපෙන් ලැබිය යුතු දායකත්වය, භෞතිකමය සැලසුම් වලින් ලැබෙන දායකත්වය, ආර්ථික කළමනාකරණයෙන් ලැබෙන දායකත්වය හොඳ ආදර්ශයක් අපේ වෝටර්ස් ඒජ් ආයතනය. නවීන තාක්ෂණයත් සමග මුසුවීම, අලූත් අදහස් සමග මුසු වීම, විදේශ රටවල්වල මීට සමාන්තර කි‍්‍රයාවලීන්ගෙන් ඉගෙන ගැනීම මගින් අපට පුළුවන් මේ අලූත් තලය අපේ ආර්ථිකයට නිමා කර දෙන්න යැයි අමාත්‍යවරයා පැවසිය.

 

Post Views: 1
Previous Post

ජනතාව නොමග යවා ඡාවාරම්කාරයින් නැවත දේශපාලනයට එන්න හදනවා – ඇමැති සජිත්

Next Post

පෙරළන්න ගිහින් ඇනගත්ත නාමල් බබා 

editor

editor

Next Post

පෙරළන්න ගිහින් ඇනගත්ත නාමල් බබා 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved