වත්තල, කදිරාන පල්ලියවත්ත ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවැති සාදයකදී සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනා මත කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 04 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා පැවසීය. ඊයේ රාත්‍රියේ සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘මට්ටක්කුලියේ කුඩු රොෂාන්’ ඉලක්ක කරගනිමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර, ඉලක්කය වැරදීමෙන් අසල සිටි 39 හැවිරිදි වෙනත් පුද්ගලයෙකු මියගොස් තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පොලිස් කණ්ඩායම් 05ක් යොදවා ඇත.














