වත්තේගම පොලිස් වසමේ මඩවල නගරයේ හෝටලයක සැක සහිත ලෙස නවාතැන් ගෙන සිටි කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 08 දෙනෙකු රුපියල් කෝටි 10කට අධික වටිනාකමකින් යුත් රත්‍රං සහ මුදල් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
වත්තේගම පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සතුව තිබී රුපියල් එක්කෝටි හැට නම ලක්ෂයක මුදලක් සහ කිලෝ ග්‍රෑම් 3යි ග්‍රෑම් 930ක බරින් යුත් රන් තොගයක් (රන් පොලු හතරක්) සොයාගෙන ඇත. කොටහේනේ සිට මහනුවරට පැමිණ ඇති මෙම පිරිස, වැඩි මිලට මෙම රන් තොගය අළෙවි කිරීම සඳහා රැගෙන ආ බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.














