• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අපි කිසිදෙයක් විනාශ කරන්නේ නෑ

22 June 2018
in සංවර්ධන

දේශීය කර්මාන්ත විනාශ කරන බවට වර්තමානයේ ඇතැම් පාර්ශව කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ මිල්ලනිය, බණ්ඩාරගම උස්වත්ත ගෝල්ඩන් බිස්කට් කර්මාන්ත ශාලාව විවෘත කිරීම නිමිත්තෙන් අද (22) පෙරවරුවේ පැවති උත්සවයකදිය.

සිය රජය දේශීය කර්මාන්ත දියුණු කිරීමට හා ඒවා ආරක්ෂා කිරීමට විශාල වැඩකොටසක් සිදුකරන බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේ වැඩිදුරටත් කියා සිටියේය “ දේශීය කර්මාන්තය ශක්තිමත් කරන අතරම ලෝක වෙළෙඳ පොලට පිවිසීමට අපේ අරමුණයි. මෙම අරමුණ සාර්ථක කර ගැනීම සඳහා අපි දේශීය කර්මාන්තශාලා වෙත අපි ආධාර ලබා දෙනවා. නව දේශීය කර්මාන්තකරුවාට බදු සහන ලබාදීමත්, කර්මාන්තකරුවන් නව උපකරණ ශ්‍රී ලංකාවට ගෙන ඒමේදී ඒ සඳහා දැනට අයකරනු ලබන වැට් බදු ඉවත් කිරීමටත් අප තීරණය කර තිබෙනවා. ඒවගේම ණය පොලිය පිළිබඳ ගැටළු විසදීමත් අප සාකච්ඡා කරමින් සිටිනවා. කර්මාන්තකරුවන්ට ලබාදිය යුතු තවත් සහන මොනවාදැයි අප සාකච්ඡා කරමින් සිටිනවා. ඒවාගේම අපනයනකරුවන්ටත් සහන ලබාදෙනවා. නිෂ්පාදනයන්ගෙන් කොටසක් අපනයනය කිරීමටත්, කොටසක් දේශීය වෙළෙඳ පොලට යොමු කිරීමටත් අප කටයුතු සූදානම් කර තිබෙනවා. ඉදිරියේදී 2050 පමණ වන විට මේ ප්‍රදේශයේ ජනගහනය විශාල ලෙස ඉහල යනවා. අප මෙම වැඩකටයුතු කරන්නේ එවැනි දුර අනාගතයක් වෙනුවෙනුයි. අධික ලාභ මත ලංකාවට ගෙන එන භාණ්ඩ නතර කිරීමට අප නීති සකස් කරනවා. වර්ථමානයේ ඇතැම් අය අප දේශීය කර්මාන්තය විනාශ කරනවා යැයි පැවසුවත්, මෙවැනි වැඩකටයුතු රාශියක් හරහා දේශීය කර්මාන්තය දියුණු කිරීට , ආරක්ෂා කිරිමට අවශ්‍ය වැඩකටයුතු අප සිදුකරනවා. සංවර්ධන ව්‍යාපාති සඳහා මුදල් ලබාදෙන ආයතනයක් ඇතිකිරීමටද අප සූදානම්. මීට පෙර එම සේවාව රජය ලබා ගත්තේ ඩී.එෆ්.සී.සී සහ එන්. ඩී. බී බැංකු හරහායි. නමුත් පසුගිය පාලනය යටතේ එය පෞද්ගලීකරණයට ලක් කළා. එම නිසා මේ වසරේ සංවර්ධන බැංකු වැඩසටහනක් ආරම්භ කිරීමට අප බලාපොරොත්තු වෙනවා. යැයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

Post Views: 13
Previous Post

රාජපක්ෂලා ආරක්ෂා කරන දේවදත්ත භික්ෂුන් පරිස්සම් විය යුතුයි

Next Post

එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා” ණය යෝජනා ක‍්‍රමය එළිදක්වයි

editor

editor

Next Post

එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා” ණය යෝජනා ක‍්‍රමය එළිදක්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved