• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සුබසාධක ප්‍රතිලාභ ජූලි මස සිට සෘජුවම බැංකු ගිණුමට -සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය

23 May 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ක්‍රියාවට නංවන ලද “අස්වැසුම” සමාජ සුබසාධක ප්‍රතිලාභ ගෙවීම මෙන්ම සමෘද්ධි සහ වැඩිහිටි ආධාර ඇතුළු දැනට රජය මගින් ලබා දෙන සුබසාධක මූල්‍යාධාර ජූලි මස සිට සෘජුවම ප්‍රතිලාභියාගේ බැංකු ගිණුමට බැර කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

සුබසාධක ප්‍රතිලාභීන් සිය දීමනා ලබා ගැනීමට යෑමේදී මුහුණ දෙන දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇත.

එසේම බැංකු ගිණුම් නොමැති ප්‍රතිලාභීන්ට ද බැංකු ගිණුම් විවෘත කිරීමට ද අවශ්‍ය පියවර ගෙන ඇතැයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති බී. විජයරත්න මහතා පැවසිය.

ඒ් මහතා මෙම අදහස් පළ කළේ ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිෂ්පාදනය කරන ‘101 කතා’ වැඩසටහනට එක්වෙමිනි.

පවතින ආර්ථික අර්බුදයෙන් ජනතාව මුදවා ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක සමාජ ආරක්ෂක දැලෙහි එක් පියවරක් ලෙස ‘අස්වැසුම’ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ මුදල් අමාත්‍යාංශය ඇතුළු රේඛීය ආයතනවල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ක්‍රියාවට නංවා ඇත.

‘අස්වැසුම’ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන යටතේ සමාජයේ පහළ ආදායම් ලබන 40% ක පිරිසට කාණ්ඩ 4ක් ඔස්සේ මුල්‍ය අධාර ලබාදීමට නියමිත අතර අන්ත දිළිඳු කාණ්ඩයේ සිටින පවුලක් සදහා මාසිකව රුපියල් 15,000 ක් රජය මගින් ලබා දෙයි.

‘101 කතා’ වැඩසටහනේ දී යොමු කළ ප්‍රශ්නයකට සුබසාධක මණ්ඩලයේ සභාපතිවරයා ප්‍රතිචාර දක්වමින් සඳහන් කළේ, ‘අස්වැසුම’ ප්‍රතිලාභීන් තෝරා ගැනීම මධ්‍යම දත්ත පද්ධතියක් මගින් සිදුවන නිසා දේශපාලන හිතවත්කම් මත ආධාර ලබා ගැනීම සඳහා පුද්ගලයන් ඇතුළත් කළ නොහැකි බවය.

“අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ක්‍රමය ජුලි මස සිට ක්‍රියාත්මක වීමත් සමග මෙතෙක් සමෘද්ධි ඇතුළු සුබසාධක ප්‍රතිලාභ ලැබු ඇතැම් අයට එම ප්‍රතිලාභ අහිමි විමේ ඉඩක් ඇති බවත්, ස්ථීර ආදායමක් තිබීම, “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ සදහා අයදුම් නොකිරීම වැනි කරුණු ඊට හේතු විය හැකි බවත් ඔහු පැවසීය.

එවන් අයෙකු සිටි නම් ප්‍රතිලාභ ලැබිමට සුදුසුකම් ලත් අයගේ ලැයිස්තුව ප්‍රසිද්ධ කල විගස ඒ බව අභියාචනයක් මගින් ඉදිරිපත් කිරිමට හෝ ජුලි මාසයෙන් පසුව දෙවැනි අදියර මගින් අයැදුම්පත් ඉදිරිපත් කිරීමේ හැකියාව ඇති බවත් පෙන්වා දුන් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

“ජිවත්වීම සදහා මූල්‍ය අධාර අවශ්‍ය ඇතමුන් මේ වන විටත් ක්‍රියාත්මක සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් වැඩසටහන්වලට ඇතුලත්ව නොමැති බවට චෝදනා එල්ල වී තිබෙනවා. දැනට සමෘද්ධි වැනි ප්‍රතිලාභ ලබන අය අතර දේශපාලන බලපෑම් මත ඇතුලත් කළ පිරිස් සිටින බවටත් චෝදනා එල්ල වෙනවා. මේ චෝදනාවලට විසදුම් ලබා දෙමින් සමාජය විසින් රැක බලා ගත යුතු අයට අධාර ලබා දිමේ අරමුණින් තමයි මේ “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීම මත ආරම්භ කළේ. මේ සදහා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ගිය අගෝස්තු මස සිට අයැදුම්පත් කැඳවූවා. එහිදී ලක්ෂ 37 කට වැඩි පිරිසක් අයැදුම්පත් යොමු කර තිබෙනවා. ඔවුන්ගේ නිවෙස්වලටම ගොස් අස්වැසුම මොබයිල් ඇප් එක ඔස්සේ තවදුරටත් ඔවුන්ගේ අදායම් – වියදම් ගැන දත්ත ලබා ගෙන තිබෙනවා.

මේ අනුව එම දත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් පත් කළ විශේෂ කමිටුවක් තුළින් තවදුරටත් සත්‍යාපනය කරනවා. අනතුරුව “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ලැබිමට සුදුසුකම් ලත් අයගේ ලැයිස්තුව සෑම ග්‍රාම නිලධාරි කාර්යාලයකම වගේම සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ වෙබ් අඩවියේ (https://www.wbb.gov.lk/ ) ප්‍රදර්ශනය කරනවා. එහිදී අයදුම් කල කෙනෙකුගේ නම නොමැති නම් හෝ ආධාර ලැබීමට නුසුදුසු අයෙකු සිටිනවා නම් අභියාචනා ඉදිරිපත් කරන්න පුළුවන්. ප්‍රතිලාභ ලැබිය යුතු කිසිවකු අත්නොහැරෙන ආකාරයට තමයි මේ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ. එය තමයි මෙහි විශේෂත්වය. ඒ වගේම පළමු වතාවේ අයැදුම්පත් ඉදිරිපත් කරන්න නොහැකි වුණා නම් ජුලි මාසයෙන් පසුව දෙවැනි අදියර මගින් අයැදුම්පත් ඉදිරිපත් කරන්න අවස්ථාව තිබෙනවා. ඒ බව අපි පුවත්පත් හා මාධ්‍ය මගින් දැනුම්වත් කරනවා.”

ජනාධිපති මාධ්‍ය අංශය විසින් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති බී. විජයරත්න මහතා සමග පැවැත්වූ ‘101 කතා’ වැඩසටහනට අදාළ වීඩියෝ දර්ශන මෙම සබැඳිය (https://youtu.be/yIt7ILtabJg ) ඔස්සේ ලබා ගත හැකිය.

රජයේ ප්‍රතිපත්ති, තීරණ සරලව ජනගත කරන 101 කතා වැඩසටහන ඔස්සේ පල කෙරෙන නව තොරතුරු ලබා ගැනිම සදහා 101 කතා වට්ස්ඇප් සමුහයට මෙම සබැඳියෙන් (https://tinyurl.com/101Katha) එක්වන්න.

 

Post Views: 9
Previous Post

විශ්‍රාම වැටුප් ගෙවීම් විධිමත් කර ඒ පිළිබඳ ජනතාව දැනුවත් කරන්න

Next Post

පාඨලිගේ එක්සත් ජනරජ පෙරමුණ පක්ෂය එළි දක්වයි

editor

editor

Next Post

පාඨලිගේ එක්සත් ජනරජ පෙරමුණ පක්ෂය එළි දක්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved