වැල්ලවාය, හඳපානාගල අලුත්වැව ප්‍රදේශයේ වී ගොවීන් තමන්ට මෙතෙක් පොහොර සහනාධාරය ලැබී නොමැති බවට මැසිවිලි නගති. මෙම තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයේ වී වගාවන් විනාශ වෙමින් පවතින බව ඔවුහු පෙන්වා දෙති.
පොහොර හිඟකම හේතුවෙන් වගාවන් විනාශ වී යාම නිසා ගොවීන් දැඩි ආර්ථික දුෂ්කරතාවලට පත්ව සිටිති. වගා කටයුතු වෙනුවෙන් ලබාගත් ණය මුදල් පවා ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක් මේ වන විට උද්ගතව ඇති බව ගොවීහු වැඩිදුරටත් සඳහන් කරති.














